මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Thursday, September 20, 2012

පාසල් ජීවිතේ - පළමු පරිච්චේදය

මම හරි දඩබ්බරය. කොහේ ගියත් මම ඉන්නේ මට ඕන විදිහටය. පොඩි කාලෙත් එහෙමය. මම ඉතින් එහෙමය කියලා ලෝකේ වෙනස් කොරන්න පුළුවන්ය මට ඕන විදිහට ??????. එහෙම උනානම් තමයි හොද. එත් එහෙම වෙන්නේ නැ කියල තේරුනේ ගොඩක් කල් ගොසින්ය. මගේ මේ දඩබ්බර කම නිසා විදවන්න උන ලොකුම කාල පරිච්චේදේ තමයි වසරක් පුරා විදවපු හොස්ටල් ජීවිතය. 6 වසරේ සිට මලියදෙව යන්න පටන්ගත්තහම තාත්ත හිතුවේ මාව හොස්ටල් නවත්තන එක තමයි හොදම දේ කියල.

 ඒ දවස් වල මම ආසම දවස සිකුරාදා විය .ඇඩේන දවස සදුදා විය. ඒ සිකුරාදා ගෙදර එන නිසාත් ආපසු සදුදා උදෙන්ම හොස්ටල් බලා යායුතු නිසාත්ය. මේ තියරිය ගොඩක් දෙනාට සත්‍යයක් විය. බොරුනම් හොස්ටල් ඉදල තියෙන අයගෙන් අහන්න.

සිකුරාදා 2 වෙනකොට අපේ වැන් එකක් ඉස්කෝලේ තාප්පෙන් එහා පැත්තේ පෙන්න තියෙනවදෝ කියල බලාගෙන තමයි ඉක්කොලේ ඉවර වෙලා හොස්ටල් එක පැත්තට එනකොට බලන්නේ. එදාටනම් වෙනදා මෙන් ඉබ්බොත් එක්ක රේස් යනවා වගේ නෙමෙයි, ජෙට් එකක් එක්ක රේස්  යනවා වගේ තමයි හොස්ටල් එකට එන්නේ.

ඒ දවස වල අපිට වැන් දෙකක් තිබ්බ. එකක් high-roof caravan  එකක් . අනික low-roof high ace  එකක්. caravan එක පාරේ එහා පැත්තේ නවත්තල තිබ්බත් තාප්පෙට උඩින් පේනවා. හැබැයි high-ace  එකනම පෙන්නේ නැ. එහෙම දවස වලට හොස්ටල් එකට එද්දී බාගෙට ඇඩිලා.

කොහොම ආවත් එදාට මට වැඩක් පවරලාය. study room  එක අතුගාන්න මාව දාල තියෙන්නේ එදාටය. senior කියන යක්ෂයින් චුන් එකේ අයිස ගහද්දි අපි තමයි අක්කරයක් විතර ලොකු ශාලාව අතුගාන්න ඕන. සිකුරාදා දිනයට මමත් සමග අපේ වයසින් වැටිලා උන්නේ ගංගානාත කියන පොරක් බව ලාවට මතකය. ගැනියෙක් වගේ උන්නට එක්ව ගොනාට අන්දවා මට පැනගන්න තිබෙන අවස්තාව 1000 න් එකක් වැනිය. අනික 7 වසර අයියලාත් මට පෙන්න බැරිය . එක එහෙම විතරක් උනානම් අවුලක්ම නැතිය. මට වද‍ා උන්ට මාව පෙන්න බැරිය. මම හිතන්නේ අපේ වයසින් එපාම කරපු එකා මම වෙන්න ඇති. වෙන්න ඇති නෙමෙයි මම මේ කන දෙකෙන් එහෙම කියනවා අහල තියෙනවා. කොහොම නමුත් අතුගාන ඒකෙන ලිස්සලා හොරෙන් ගෙදර ගිය දවසුත් අනන්තය.එහෙම ගොහින් ආපහු සදුදා හවස මට විනය පරික්ෂනයක්ය. ඒ 7 වසර සෙට් එක ඉදිරියේය . තැන බාවිතයෙන් ඉවත් කර ඇති පොකුණ ගාවය. පොකුණක් කිවුවට ඒ අහලකින් යානං බැරි තරං පුසුබක්‌ ඒ තුලින් වහනය වේ. හරියටම පාසල අසලින් ගලා යන ''බු ඇල'' තුලින් ගලන පුසුබට එය සමානය.

එසේ අසුවන හැම දිනයකම කනේ පාරවල් 7 8 ක් කෑමට සිදුවේ. ඒ 7 වසර ඉන්න එකාගෙන් එක බැගිනි . කට ගැසීමට ගොස් එකාගෙන් දෙක බැගින් ලැබුණු අවස්තාද නැතිව නොවේ.

එකි මෙකි නොකී රස කතා මෝඩ කතා වීර කතා සමග පස්සේ පොස්ට් එකකින් හම්බ වෙමු. දිග වැඩි උනහම කස්ටිය කියවන්නේ නැ කියල මම දනනවා . මොකද මමත් එහෙමයි.

coming soon next
බු ඇල ඔස්සේ සිරින්ජර් කටු සොයා

2 comments: