මිනි මුතු
වතු පිටි
නැති මට
රුව ගුණ
ඇති නුබ
වස්තුව වුවා
හෙට ගැන
හිතුමට
සැම විට
නුබ මට
හේතුව වුවා
එනමුදු
නොසිතු
නොපැතූ
විලසින
මවු පියෝ
එදිරිව නැගුනා
මා පිය
සරණේ
ඔබ මා
දවසක
අසරණ වුවා
මංගල
නැකතේ
ඔහු අත
ගෙන නුබ
මනමාලිය වී
සරණේ බැදුනා
මා මෙන්
ඔහුටද
මා පිය
දෙදෙනද
දුක සෝ
කදුලැල් බෝමිනා
වස බි
සැනසුම
ලැබූ ඔබ
මතු මතු
සසරේ
මගේ පන
වෙන්නට ඕනා
No comments:
Post a Comment