මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Sunday, December 16, 2012

අලුත් ලොවක් සොයා - පලමු පරිච්චේදය - තෙවන කොටස

පළමු කොටස 
|දෙවන කොටස 

ආවේගයෙන් වාහනයට ගොඩ උනත් යන්නේ කොහෙද කියා කිසිම හැගීමක් තිබ්බේ නැ. ගේට්ටුවෙන් එලියට ආපු සැනින් දෙවරක් නොහිතාම නගරය දෙසට හැරවුනේ පෙර පුරුද්දට වෙන්න  ඇති. පාරට කාර් රථය දමන විට පාර දෙපසවත් බැලීමට මට නිච්චියක් උනේ නෑ .පාරේ අනෙක් පැත්තෙන් ආ වාහනය ක්රාස් සද්දෙන් බ්රේක් කරනවා ඇහුනත්  ඒ දෙස පැති කන්නාඩියෙන් වත් බැලීමට හිතුනෙ නෑ. ආ වේගය දෙගුණ තෙගුණ කරමින් මම පාරේ ගියේ හරියට රේස් පදිනවා වගේ. කොහොමත් මට පොඩි කාලේ ඉදල තිබ්බේ රේස් උන. කොම්පියුටර් එකෙත් කොයි වෙලාවෙත් කාර් රේස් දෙක තුනක්ම දාල තිබ්බේ. වාහනයක් අතට ගත්තු හැම වෙලාවකම මට ඕන උනේ ඒ ගේම් වල වගේ ඉගිල්ලෙන්න. එහෙම ඉගිල්ලෙන්න ගිහින් අතපය කඩාගෙන මාස ගණන දුක විදලා තිබ්බත් ආයේ අයෙත් කලේ ඒ දේමයි.

        මිනිත්තු කීපයකින් ටවුන් එකට මම ආවේ කිසිම අනතුරක් උනේ නැති හින්දා. වෙනදාටත් වඩා වේගෙන් ආවත් මගේ කරුමෙට හැප්පුනේ නෑ. කොච්චර් වේගෙන් ආවත් බාර් එක ලගදි වේගේ අඩු උනේ අයි කියලා මටම හිතාගන් බැරි උනා. හරියට වෙනත් කෙනෙක් මාව පාලනය කරනවා වගෙයි කියල අටම හිතුනා. පුරුද්දක් විදිහට මම බොන මනුස්සයෙක් නොවුනට මම වාහනෙන් බැහැලා බාර් එකේ කවුන්ටරේ ලගට ආවා . වාහන වෙලාව ලග හින්දද මන්දා කවුරුත්ම වෙන හිටියේ නෑ . වෙනද බියර් විතරක් බීපු මට බාර් කවුන්ටරේ ලගදි විස්කි බාගයක් කියලා ඉබේම කියවුනා. බාර් එකේ ඉදන් වාහනේට එනකොට වඩේ කරත්ත කාරයෙක් යනව් දැක්කේ අහම්බෙන් වගේ. දුවල ගිහින් වඩේ ටිකකුත් අරගෙන වාහනේට ගොඩ උනා. වාහනේ ඉදගෙන බොන්න මට හිතුනේ නෑ . රෑ වෙලා උනත් ටවුන් එකේ එලිය වැඩී. මට තනිවෙන්න ඕන උනා. ඒ තනිකමට හරියන තැනකට තිබ්බී වැවු බැම්ම.
             
     
                       තවත් විනාඩි දෙක තුනක් යන ඇති මට වැවු බැම්ම උඩට එන්න. වැවු බැම්ම උද තිබිච්ච රූස්ස ගහක යට වාහනේ නවත්තපු මම කාර් එකේ දොර අරගෙන වැව දිහා බලාගෙන විනාඩියක් දෙකක් උන්නා. මගේ දයිවය ගොඩක් නපුරුකම් කරනවා නේද කියලා මටම හිතුනා . මරෙනං කියල හිතාගෙන ආවත් මැරෙන්න හිතක් නෑ දැන් මට එත් මේ හැමදේම අමතක කරන්න බෙහෙතක් මට හම්බ වෙලා දැන්. විස්කි බාගේ අතට ගත්තට පස්සේ තමයි මට මතක උනේ බොන්න වීදුරුවක්වත් කලවන් කරනං සෝඩා කෝලා මොකුත් නැනේ කියලා. බාගේ බෝතලේ මුඩිය ඇරපු මම බෝතලෙ කටේ තියාගෙනම උගුරක්‌ හලාගත්තා.
උගුරට වැටිච්ච විස්කි උගුර ඇග ඇතුලෙන් බඩවැල් දිගේ පිච්චීගෙන යනවා. ලොකු ආශ්වාදයක් , ආසාවක් මට ඇති උනේ. එත් කටට මොකක්දෝ අමුත්තක් දැනුනා. වඩේ කරත්තෙන් ගත්තු වඩයකින් කෑල්ලක් කඩාගෙන කටේ දාගත්තේ ඒ අප්‍රසන්න බව නැති කරගන්න.

          තනිවෙන්න කියලා හිතාගෙන ආවත් මට තනිකම එක්ක පාළුවක් දැනුන නිසා රේඩියෝ එක දැම්මා.
පෙර එක දවසක සඳ නැති සවසක
නුබ මා සමුගත් ඉවුරු තලාවේ
යලි අප හමු වේවා !!!
යලි අප හමුවේවා  !!!

මිල්ටන් මලල්වාරච්චිගේ ඒ සින්දු විස්කි වලට වඩා මගේ පපුව පිච්චුවා. ශාලිකා එක්ක මම මේ වැවු බැම්මට කොච්චර ඇවිල්ල ඇද්ද. කොච්චර වෙලා ආදරෙන් වේලිලා ඉන්න ඇද්ද . දරාගන් බැරි දුකකින් මගේ පපුව පිච්චෙනවා. ඒ හිතේ ගින්දර නිමන්න මම තව විස්කි උගුරු දෙක තුනක්ම දැම්මත් ඒ ගින්න එනං එනං වැඩි උනා මිසක්ක අඩු උනේ නෑ. ඒ සින්දුව ඉවර වෙනකොට මම විස්කි බාගේ බෝතලෙන් බාගයක්ම හිස් කළා. කලින් තිබ්බ අප්‍රසන්න ගතිය දැන් කොහේ ගියාද කියල හිතාගන් බෑ. ශාලිකාගේ මතකය ආවර්ජනය කරමින් මම මුළු විස්කි බාගේ බෝතලේම හිස් කළා. එත් මගේ හිතේ ගින්න තාම නිමිල නෑ.

''මට තව  බොන්න ඕන '' මම මටම කියාගත්තා

වෙරි  මා ගාතේම කාර් එකට නැග්ග මම වැවු බැම්ම දිගේ ඉස්සරහට ගියී ආපහු හරවගන්න  තැනක් හොයාගෙන. එත් ටික දුරක් යද්දී මගේ ඉසරහට වාහනයක් ආව. පාර හාස්‍ කරගෙනම නැවැත්තුව. ඒ එක්කම මටත් නවත්තන් උනේ වෙන කරනං දෙයක් නැති හින්දයි  ඒ වාහනෙන් දෙන්නෙක් බැහැලා මගේ පැත්තට එනවා ලයිට් එළියෙන් දැක්කා.

'' මහත්තයා බහිමු බලන්ඩ කාර් ඒකෙන්''

''මාව බස්සන්න තමුසෙලා කවුද ඔයි''

'' අපි කවුරු කියලද හිතන්නේ ?''


Tuesday, December 11, 2012

අලුත් ලෝකයක් සොයා - පළමු පරිඡේදය . දෙවා කොටස

''තාත්තා''

මට ඉබෙම  කියවුනා . නොහිතාම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මට කෑ ගහල අඩන්න හිතුනා; ඇයි තාත්තේ මට මෙහෙම කලේ කියලා කෑ ගහල අහන්න හිතුනා . එත් මගේ කටට වචන ආවේ නෑ . ඉබේම මම බොනට්ටුව මත අත්දෙක තියා ගත්තා . බොනටුව ගිනියම් වෙන්න  රත් වෙලා. එත් ඊට වඩා මගේ හිතේ දුක වැඩී. ඇස් දෙකෙන් කදුළු හෝ ගාලා වැටෙනවා . මට මම ගැනම ලැජ්ජාවක් හිතුනා.

''ඇයි මේ දුකෙන් , ගෙදර ආයෙමත් ප්‍රශ්නයක් උනාද ? නගින්න කාර් එකට අපි ආපහු ගෙදර යමු''

''මට ඒ අපායට ආපහු යන්න බෑ තාත්තේ, අපි මහ ගෙදර යමු''

''හ්ම; නගින්නකො, අපි යනගමන් කතා කරමු''

දොර ඇරගෙන මම කාර් එකට ගොඩ උනා. යන ගමන් මම තාත්තට ඔක්කොම විස්තරේ කිවුවා. එත් තාත්තා එක වචනයක් කිවුවේ නෑ. එයත් මමත් දෙන්නම කල්පනා ලෝකව වල අතර මන වෙලා උන්නා.ටික වෙලාවකින් අපි දෙන්න මහ ගෙදරට ලං උනා. කාර් ඒකෙන බහින කොට අමමා මල් ගස් වලට වතුර දදා ඉනන්ව දැක්කා. එත් මට අමමා  එකක් කතා කරනං හිතුනේ නෑ. මම කෙලින්ම කාමරේට ගියා. කාලයක් පාවිච්චි නොකලත් ඒ කාමරේ වෙනදා වගේම ලස්සනට අදත් තියෙනවා. අම්ම හැමදාම අස් කරනවා ඇති. කාරේට ආව ගමන මම ඇදේ හාන්සි උනා.

''ඇයි පුතා කලින් නොදන්නම ගෙදර ආවේ? කෝ ඉරේෂා ? එයා අවේ නැත්තේ මොකෝ ?

අම්මා තාත්තාගෙන් ප්‍රශ්න වැලක්ම අහනවා. එත් මට අහගෙන ඉන්න ඕනකමක් තිබ්බේ නෑ. කෝට්ටෙන්  මුණ වහගෙන මම නිදාගන්න උහ්සහ කළා.

*********************************************************************************

''පුතා තාමත් නිදිද ? එන්න කෑම කන්න''

'' බෑ අම්මේ, රෑටම කන්නම් ''

'' රෑ ?, ඉතින් ළමයෝ දැන් රෑ තමයි. මුණ හෝදගෙන කන්න එන්න''

දොර රෙද්ද මෑත් කරලා කතා කරපු අම්මා යන්න ගියා. දන්නෙම නැතිව මට හොදටම නින්ද ගිහින්.

 එත් ඇයි අම්මා මගෙන් ඉරේෂා ගැන ඇහුවේ නැත්තේ ?
 තාත්ත කියල නැතිව වද්ද?

මගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක්‌ මටම වද දෙනවා. එහෙම හිත හිතාම මම මුණ හෝදගෙන කෑම කන්න මේසෙට ගියා. උරුදු විදිහටම අම්මයි තාත්තයි දෙන්නම මෙසේ එක ලග වාඩි වෙලා. එයාලගේ ආදරේ කොච්චර සොදුරුද ? මම කවදාවත් දැකලා නෑ අම්මවත් තාත්තවත් තනි තනියෙන් ගමනක් යනවා. පැක්ට්‍රියේ වැඩකට ඈතක ගියත් අමම්වත් එක්කගේනමයි යන්නේ. ඒ තරමටම ඒ දෙන්න එකට බැදිලා. එත් ඉරේෂයි මමයි අහසට පොලව වගේ.සිතිජයේදී එකතුවෙලා ඉන්නවා  පෙනුනත් ඒ අහස පොලවා කවදාවත් එකතුවෙන්නේ නෑ. කඩදාසියක අත්සන් කලාට අපි අපේ වෙලා උන්නේ කවදද කියල දන්නේ ඉරේෂත් මමත් උඩ ඉන්න දෙයියොත් විතරයි . කසාද සහතිකේ සැමියා විදිහට අත්සන් කලත්; අද මම ඉරේස්හගේ වැඩකාරයා
                 
'' ඇයි පුතා බෙදාගෙන කන්නකෝ ''

මගේ මනෝ ලෝකෙන් ඇදලා ගත්තේ අමම්ගේ කට හඬ. එත් මම බෙදාගන් කලින් අම්ම පිගානට බත් බෙදුවා. ඉස්සර වගේම තමයි රුවන්වැලි සෑය විතරයි අමමා  මට බෙදන බත් එකට පරාද. හෙමින් හෙමින්  බත් කටවල් දෙකක් තුනක් කෑවත් අම්මවත් තාත්තාවත් තාම එක වචනයක් ඇහුවේ නෑ ප්‍රශ්නේ ගැන. ඇත්තටම වෙන පවුල්වල ගෑනු මිනිස්සුරණ්ඩු උනහම තරහ වෙලා ගේ දාලා යන්නේ භාර්යාව. එත් මිනිහෙක් උනත් දයිවයේ සරදමට ඒ භාර්යාවගේ තත්වෙට පත්වෙලා ඉන්නේ මම. මට මම ගැනම දුකයි, ඒ වගේම මම ගැනම තරහයි. අම්මලා කරලා දුන්නත් ඇයි මට කොන්ද කෙලින් හියාගෙන පවුල් කන්න  බැරි උනේ ? දයිවයද ඒක. නෑ සල්ලි වල බලේ. ඉරේෂලගේ  සල්ලි මගේ පිරිම කම මිලදී ගත්තා. ශාලිකා එකක් ලස්සන කුරුළු කුඩුවක් හදන්න හීන මවපු මම අන්තිමේදී ඉරේෂගේ වහලෙක් උනා .

''පුතා , අත ගගා ඉන්නේ ඇයි? කෑම ටික කන්නකෝ. දවල්ටවත් කාලා නෑ නේද ?
අපි කෑම කාල ඔය ගැන කතා කරමු දැන් කල්පනා නොකර කන්නකෝ''

අම්මා අයෙත් කියවනවා . තවත් බත් කටක් දෙකක් කාපු මම අත හෝදගෙන එලියට ආවා. කරනං දෙයක් නැති කමට ඉබේම අහස දිහා බැලවුනා. ඒක වලාකුලක් නෑ. අද අමාවකද මන්දා අහස හොදට පේනවා  තරු කැට ගන්න කරනං පුළුවන් තරමට අහස පැහැදිලියි. තරු රටා දිහා බලාගෙන මම මිදුල වටේ ඔහේ ඇවිද ඇවිද උන්නා.

'' පුතා මොකද දැන් කරන්නේ ?''

|මනෝ ලෝකෙන් මම ආපහු ආවේ තිගැස්සිලා. අමම්යි තාත්තයි දෙන්නම ඉස්තෝප්පුවට ඇවිල්ලා.

'' මම ඉරේෂගෙන් දික් කසාද වෙනවා අම්මා. තවත් මට එයත් එකක් ඒක වහලක් යට ඉන්න බෑ.''
මම ඒක හුස්මට කියවගෙන ගියා.

''එහෙම කියල පුලුවන්ද ළමයෝ, මොන වුනත් ඒ ඔයාගේ ගෑනි දැන්. ඔයා ටිකක් ඉවසන්න . ඉරේහා හැදෙයි''

'' හැදෙයි?, එහෙනම් මකවලා තමයි හදනන් වෙන්නේ. දනන්වද අම්මා; ඉරේෂට මාව පෙන්නේ දාසයෙක් විදිහට. එහෙම සලකන ගෑනිත් එකක් මට පවුල් කන්න  පුලුවන්ද ?''

අම්මා නිරුත්තර උනා.

'' එත් දරුවෝ ඒ ළමයාගෙන් ගත්තු දෑවැද්ද? අපි ඒක ගෙවන්නේ කොහොමද ?'' මම ඒ සල්ලි ඔක්කොම පක්ට්‍රියට යෙදෙවුවා.''

''තාත්තලට ලොකු උනේ දෑවැද්ද, එහෙම නැතිව මගේ සතුට නෙමෙයි. එකට මම ජීවිතෙන් දැන් වන්දි ගෙවනවා. අඩුම ගානේ මට දික්කසාද වෙන්නවත් දෙන්නේ නැතිනම් මම වහ ටිකක් කාලා මැරෙනවා''

එහෙම කියාගෙන මම ගේ අතුඅට ආවේ ගොඩක් තරහින්. අම්මා තාත්ත නොවුනානම් ඇත්තමයි ඒ දෙනන්ව මරන්න තරන් තරහක් මගේ හිතට ආවේ. ඒ වගේම ලොකු කලකිරීමක් මට ඇති උනේ. මෙච්චර දෙයක් වෙලත් අම්මල තාත්තල තාමත් මම ගැන හිතන්නේ නෑ. ඒ අය වෙනුවෙන් මම කොච්චර කැපකිරීම කලාද ? ශාලිකා, මම පන වගේ ආදරේ කරපු ශාලිකා මම නැති කරගත්තා. මගේ නම්බුව මම ඉරේෂට වික්කා. එහෙම කරලත් තාමත් මම ගැන කිසිම කැක්කුමක් අම්මලට නෑ. මගේ මුළු ඇගම ගිනිගනන්වා වගේ. කාර් එකේ යතුර ගත්තු මම කෙලින්ම ගියේ ගරාජ් එකට. කාර් ඒක පණගන්වන සද්දෙට අම්මයි තාත්තයි දෙන්නම ඒ පැත්තට දුවගෙන ආවා.

''කොහෙද මේ රෑ වෙලා යන්න  හදන්නේ?''

''මැරෙන්න''







Sunday, December 9, 2012

අලුත් ලොවක් සොයා - පළමු පරිච්චේදය [පළමු කොටස ]

මම ගෙදරින් එලියට බැස්සේ ජීවිතේ ගැන හොදටම කලකිරිල. කවදාවත් කසාදයක් ගැන හිතපු නැති මම අන්තිමට අම්මගෙයි තාත්තෙයි බලපෑමට කසාද බැන්දා. නෑ ඇත්තටම සල්ලි වලට මාව විකුණුවා .  කවදාවත් මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ ඉරේෂා වගේ කෙනෙක් එක්ක දීග කන්න . එක දීගයක්ද ? මිනිහෙක් වෙලා ඉන්නේ නමට විතරයි. ඉරේෂා ගේ සල්ලි වලට හැමදාම මට සිද්ද උනේ ඔලුව පාත් කරන ඉන්න. කෑමක් බීමක්‌ හදන්න දන්නේ නැති උනාට නයිට් ක්ලබ් ගිහින් හොදට නටන්න නම දන්නවා කියලා මට ගොඩක් දෙනෙක් කිවුවා. හවස ගෙදරින් පිට වෙන ඉරේෂා ආපහු ගෙදර එන්නේ පාන්දර; එහෙම නැතිනම් දවල් වෙලා. ඒ ගොඩයෙක්. සුකුරුත්තන් සමාජය එපා වුන ගොඩයෙක් . එයා මාව කසාද බැන්දා  නෙමෙයි මාව සල්ලි වලට ගත්තා.

                        මමත් ආදරේ කළා; අවරුදු දෙකක් ආදරේ කළා. ශාලිකා කියනේ ගොඩක් තැන්පත් කෙල්ලෙක්.එත් හරිම දුප්පත් පවුලක වැඩිමහල් දරුවා. අවුරුදු දෙකක් ආදරේ කලත් අපිට  සිද්ද උනේ අන්තිමටම ආදරේට ආයුබෝවන් කියලා ඈත් වෙන්න. ශාලිකා සල්ලිකාර පවුලක නොවුන එකත්, එයාගේ කුලේ අඩු කමත් දැනගත්තු මගේ දෙමවුපියන් අපේ ආදරේ නවත්තන්න නොකළ දෙයක් නෑ . අන්තිමටම අම්මල දිනුවා. මම ජීවිත කාලෙටම පැරදුනා.
                             
                          ඊයේ හවස  ගෙදරින් පිට උණු ඉරේෂා අදත් ගෙදර ආවේ දවල් වෙලා. තනියම නෙමෙයි තවත් කොල්ලෙක් එක්ක. දෙන්නටම තාමත් වෙරි


'' iresha, who is this man ? is hehusband?''

හෝන් සද්දෙට ගෙදර දොර අරින්න ආව මාව දැකල ඒ මනුස්සය ඉරේෂගෙන් ඇහුවේ මම එයාගේ වැඩ ස්වාමි පුරුශයද කියලා

'' oh no suresh, he is my servant ''
ඉරේෂා දුන්න උත්තරේ හෙමින් කනට කරලා කිවුවට එක මට හොදට ඇහුනා.එත් අසරණව බලා ඉන්නවා හැර වෙන කිසිම දෙයක් මට කරනං පුළුවන්කමක් නෑ


ඉරේෂාව ගෙදරට ඇරලපු සුරේෂ් ආපහු යන්න කලින් ඉරේෂා ගෙනත් ඇරලපු ගාස්තුව ගෙවුවේ හාදුවකින්. එකත මම ඉන්නවා කියලා දැන දැනත් කිසිම ගානක් නැතිව. සුරෙශ් නොපෙනි යන තුරුම අත වැනු ඇය ගේ තුලට ඇතුළු වුයේ මටත් රවාගෙනය.

''මම  කියල තියෙනවා නේද තමුසෙට මම එනකොට පෙන්න ඉන්න එපා කියල. සුරේෂ් මොනවා හිතුවද මන්දා , වස ලැජ්ජාව''

''තමුසෙට මාව මිනිහ විදිහට සමාජෙට පෙන්නන්න ලජ්ජනම් මාව divorce කරනවා. මම බලෙන් තමුසෙගෙ ඇගේ එල්ලුනේ නෑ ''

මට තමුසේ තමුසේ  කියන්න තමුන් කවුද ? දැනගන්නවා. මේක මගේ ගෙදර මෙහෙ ඉන්න ඕනනම් මට ඕන විදිහට ඉන්නවා. නැතිනම් තොලොංචි වෙලාම යනවා මට වදයක් නොවී''


තවත් ඒ ගෙදර පාච්චල් වෙවී ඉන්නවට වඩා කොහේ හෝ හිස හැරුණු අතක යන එක හොදයි කියල හිතුනු මම ඇදී වත පිටින් එලියට බැස්සේ ආපසු එම නිවසේ පස් පාන්නේ නෑ  කියල හිතාගෙන. සෙරෙප්පු දෙකක්වත් පයේ නැතිව මම මහා ගෙදර පැත්තට ඇවිදන් ගියේ සිතුවිල්ලක් නැතිවම.

එත් එල පාරම කාර් එකක් ඇවිත් මම අසලින්ම නවත්තුවා

''පුතා''

කාර් එක ඇතුලෙන් සුපුරුදු කට හඩක් මට කතා කළා








Saturday, December 8, 2012

අලුත් ලොවක් සොයා

පෙරවදන 

කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ දෙයක් තමයි කතාවක් ලියන එක . නිකන්ම නිකන් කතාවක් නෙමෙයි , නව කතාවක් . එත් එකට හොද මාතෘකාවක් නැතිව තමයි උන්නේ .එහෙම උන්න අතරේ දැක්ක දවල් හීනයක්‌ හින්ද මට කතාවකට හොද මාතෘකාවක් හම්බ උනා . මේක බොහෝ දුරට විද්‍යාත්මක ප්‍රබන්දයක් විදිහට තමයි ලියනං වෙන්නේ . මොකද හීනේ දැක්කේ එහෙම දෙයක් නිසා. ඒ වගේම කුතුහලය , ආදරය වගේම ත්‍රාසය සමග මේ කතාව ටිකක් දුරට ලියනං සිදුවේවි . ''අලුත් ලොවක් සොයා'' කියල නම දැම්මට මේකේ නම වෙනස් වෙනන්ත් පුළුවන්.
 බලන දකින අය පුලුවන්නම් කොමෙන්ටුවක් දාල අදහස් පලකරන්න . එක ලොකු හයියක් වෙයි කතාව දිගටම ලියාගෙන යන්න මට .

මීට
සජීව ජයරත්න 


Monday, December 3, 2012

කවි කාරීට

ඈතක ගියත් දීගෙක දි 
තාමත් නුබ හිතේ දුරින් 
හීනෙක හෝ රැ ඇවිදින් 
හාදු දියන් මට හොරැහින්

Sunday, December 2, 2012

ලැසි ගමනේ ඔස්සේ 
කෙල්ලක් යයි හදිස්සේ
සාය නෑ දනිස්සේ 
නිතබ සමග පස්ස ගැස්සෙ

පෙම්බරයි රුවෙන් සිරි 
කන්කලුයි වදන් පිරි 
පපු බරයි පියුන් වැඩී 
සංකරයි මා ලිඟුන් නැගී

නිතබ ගස්ස ගස්ස
පියුන් උස්ස උස්ස
දෙඅත් පද්ද පද්ද
යයි හැරී පස්ස

පැණි කෙල බේරී බේරී
දන බිම ගෑවී ගෑවී
බලු කොලු පාරේ ආවි
නම්බරේ හිගා කාවී

කෙල්ල මග නැවතුනා
දත් තිස් දෙක සෙල උනා
කුණු හබ්බේ පිට උනා
කොලු රැල චුත උනා

Monday, September 24, 2012

එක පඩි දවසක්


ලැබුනා අද  පඩි
ගත්තා ලොකු අඩි
උනා ටිකක් වැඩි
පාරේ ඉඩත් මදි

ගොම්මන් අදුර මැද්දේ
අන්දර වැට  ඔස්සේ
පෙනේ ගේ පැත්තේ
ගෑනි උළුවස්සේ

අඳුරේ මගේ සේයා
දුටු විගස චායා
ලගට දුව ආයා
විගස කනෙ ලෑයා

බේබද්දා කියමින්
බැන්නේ තව යහමින්
සාක්කු අතගාමින්
පඩි කාසි සොයමින්

එකයි දෙකයි තුන
ගනියි එකින් එක
හිග කාසි ගැන
දෙස් තියයි මට

නොකා කමින් හිගා
කියා මෙමට නිගා
කොට්ට පැදුරු ඔතා
යන්න හදයි දමා

යනවානම් දමා
කියනු මොකට එපා
යන එකමයි හොදා
මමත් උන්නා නිදා




















Saturday, September 22, 2012

මල්ලේ පොල්

මේ කතා මාලාවේ මුලින්ම කිවුවනේ මම ටිකක් නෙමෙයි ගොඩක් මුරණ්ඩු, කියන දෙයක් තබෙකට මායින් කොරන්නේ නැති එකෙක් කියලා. හොස්ටල් ජීවිතේට මාරු උනා කියලා එකනම් අඩු වුනේ නෑ. හොස්ටල් එකේ හිටිය අනිත් අයත් මගේ හැටි දැනගත්තේ හොස්ටල් එකේ මගේ මුල්ම දවසේමයි.
                   
                         එදා දවස මට තාම මතකයි 1999 පෙබරවාරි දෙවෙනි වෙනිදා. මගේ ජීවිතේ හැරවුම් ස්ථානයක්. මලියදෙවයට ඇතුලත් උන දවස. ඒ වගේම හොස්ටල් එකට ගිය මුල්ම දවස. අපිව ඇතුලත්කරගත්තේ 1999 ජනවාරි27 සිකුරාදා  දවසක්. මුල්ම පාසල් ගිය දවස තමයි පෙබරවාරි 2වෙනිදා.

එදා ඉතින් මුලින්ම ආවේ හොස්ටල් එකට. උදෙන්ම ඇවිල්ල කොට්ට, මෙට්ට ආදී අඩුම කුඩුම ඔක්කොම අරගෙන ගොඩවුනේ හොස්ටල් එකට ඔන්න. ඊට පස්සේ පන්තිකාමර වලට අපිව දාලා අපේ අම්ම මට ඉන්න එහෙම  තැනක් හදල දීල ඉන්ටවල් එක වෙනකනුත් උන්නා . ඊට පස්සේ මට ඉන්න හම්බ වුන තැන පෙන්නලා සමු අරගෙන යන්න ගියා. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මම පැන්නා ඇද උඩට. ඇයි දෙයියනේ මහන්සිය. අපේ සෙට් එකේ මුල්ම බැනුම ඇසීමේ භාග්‍ය මම උදා කරගත්තේ ඔන්න ඔය සීන් ඒකෙන්. හිතුමතේ නිදාගන්න තහනම් කියාපි මෙන්න. මට යකා නැග්ගා. එත් මොනවා කරන්නද . නන්නාදුනන අයනේ ඉන්නේ කට පියාගෙන උන්නා.

ඔන්න  ඒඑක්කම  ටාන් ටාන් කියල මොකේටද තඩි බානවා ඇහුනා. අයියා කෙනෙක් කිවුව කෑම  කන්න යමු කියලා. මමත් පිගානයි කොප්පෙයි අරගෙන ගියා dinning hall එකට. දැනගෙන ගියා නෙමෙයි. අනිත් අය පස්සේ ගියා.

හොස්ටල් එක බාර උපුල් සර් සහ අපි වගේම නැවතිලා උන්න ආදුනික සර්ල තුන් දෙනෙක් හෝ දෙන්නක් සදහා වෙනම දිග මේසයක් තිබ්බා. අපිට පොඩි මේස 10ක් 12ක් තිබ්බා. මුලින්ම කලේ අපිව ඒ ඒ මේස වලට බෙදපු එක. එක වයසකින් එක මේසෙකට එක්කෙනයි හෝ දෙන්නයි. කට්ටියමඉදගත්තට පස්සේ පොඩි බෙල් එකක් ගැහුවා. පැන්න ගමන බෙදාගන්න ගියේ නැත්තේ මම කෑම පස්සේ පන්නන එකෙක් නොවුන නිසා වෙන්න  ඇති. එහම උන එක හොදට ගියා, හොස්ටල් එකේ සම්ප්‍රදාය සීනියර් පිළිවෙලට කෑම
බෙදාගන්න  එක. ඒ කියන්නේ කෝඩු කාරයන් උන අපි තමයි අන්තිමට කෑම බෙදාගෙනකන්න ඕන.

 ඇත්තම කියනවනම් පොර කාගෙන බෙදාගන්න තරං හොද කෑමක් අපිට හම්බ උනේ නිවාඩු දෙන දවසේ විතරයි. ඒකත් බිත්තරයක් හෝ කුකුල් මස් කෑල්ලක්. අනිත් හැමදාම හාල්මැස්සෝ හාල්මැස්සෝ හාල්මැස්සෝ .ඒ එපා උන එපාවිල්ලට තාමත් මම හාල්මැස්සෝ කන්නේ නෑ.

කොහොම කොහොම හරි මුල්ම දවසෙන්ම මට කෑම එපාම උනා. මම නැගිටලා යන්න හදද්දී අයිය කෙනෙක් අතින් අල්ලලා ඉන්දෙවුවා. නැගිටලා යන්න ඕනත් බෙල් එක ගැහුවට පස්සෙලු. ඉතින් බත් එක අතගගා උන්නා.

ටින් ගාල බෙල් එක වැදුනා විතරයි මම නැගිට්ට දුන්න වගේ. 11 වසර අයිය කෙනෙක් අහපි යන්නේ කොහෙද කියලා . දන්නවනේ  ඉතින් මගේ කට. මම කිවුවා මල්ලේ පොල් කියලා. සත්තයි මෙසේම හිටිය අය හිනා උනා. මම නැගිටලා පිගාන හෝදන්න එනකොට මට කියනව ඇහුනා මුන්ට ඩිසිප්ලින් උගන්නන්න කියලා 7 වාර කෙනෙකුට කියනවා.

ඔන්න ඔය සීන් ඒකෙන පස්සේ මට කාඩ් එක වැටුනා ''පොලා'' කියලා. සන්තෝසේ කියන්නේ මුල්ම කාඩ් එක ගහගත්තෙත් මමයි ඔන්න

Coming next:-ඩිසිප්ලින්  ලැයිස්තුව 

Thursday, September 20, 2012

පාසල් ජීවිතේ - දෙවන කොටස ( බු ඇල ඔස්සේ සිරින්ජර් සොයා )

නවකතාවක් බදු මේ කතාවේ පළමු කොටස මෙතනින් බලන්


කොච්චර මුරණ්ඩු උනත් මොකෝ ඉස්කෝලෙට සිස්සත්වෙන් කඩා පාත් වෙලා හෝස්ටල් එකට ආවට පස්සේ හැමදාම රෑට අඩනව. වෙන අයට ඇහෙයි කියලා කෝට්ටේ හපාගෙන තමයි අඩන්නේ ඔන්න. ඇයි ඉතින් වෙන උන් අඩන්නේ නැනේ. එහෙම කිවුවට මොකෝ එක දවසක් එකෙක් හු තියාගෙන ඇඩුවනේ. හා හා ඒ කතාව මේකෙන් පස්සේ හොදද.

හොස්ටල් දුක කන්දරාව අස්සේ ඔන්න කියපි අපිට මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් ගහන්න එනවා කියලා. එක උනේ හොස්ටල් ඇවිල්ල දෙවෙනි සතියේ මගේ හිතේ. ගෙදරින් ලියුමක් අරගෙන එන්න කිවුව එකට අනුමැතිය දීල. මම හොස්ටල් හිටියට මොකද අපේ ගෙදරට ගෙවල් දෙකක් එහා පැත්තේ හිටපු සම්පත් ( බලු සම්පත්- ඒ නම හැදුන  හැටි පස්සේ කියන්නම් )  පොරට කියල ලියුමත් ගෙන්න ගෙන කොහොමෙන් කොහොම හරි බෙහෙත් විද්ද කියමුකෝ. (එහෙම ලියුම් ගෙන්න බැරි අයට හොස්ටල් එක බාරව උන්න සර් තමයි ලියුම් දුන්නේ ) එදා කොහොම හරි කලින් ඉස්කෝලෙත් ඇරිය අපිට . ලොකු වේදනාවක් දරගන්නත් එපැයි. දන හොස්ටල් එකට ඇවිල්ල කට්ටිය තම තමන්ගේ විද්ද තැන පෙන්නනවා. ඒ අස්සේ අඩපු එකෙකුත් හිටිය මතකේ හැටියට.

අපේ සෙට් එකේ උන්න අමිල කියල බලල් ඇස් තියෙන පොරක්. පොර දැම්ම ඔලුවට කුජීත අදහසක් . කුජීත කියන්නේ අහු උනොත් රහට ගුටි කන්න පුළුවන් වැඩක්. අපිට විදලා අයින් කරපු සිරින්ජර් කටු හොරෙන් අරගෙන එන එක තමයි මුට ඕන වෙලා තියෙන්නේ . දන්නවනේ ඉතින් පොඩි කාලේ ඒවගෙන් කොරපු දේවල් . මුට මේ කුජිත ප්ලෑන් එක ඇති වෙලා තියෙන්නේ ඒ සිරින්ජර් දාපු තැන දැකලා. මම කලින් කිවුවනේ අපේ ඉස්කෝලෙට මායිනව  ඇලක් යනවා කියල. එකට කියන්නේ බු ඇල කියලා. එකේ නැති දෙයක් නැ. මැරිච්ච කුකුලන්ගේ කකුල්. සුදුම සුදු ඇදී ඇදී යන පනුවෝ. බෝතල් කටු ආදී එකී මෙකි නොකී කරන්න  සුවදක් තාම මම අත්විදලා නැ. අවුරුදු ගානකට පෙර දෙපැත්තෙන් බැමි බලා තිබ්බ බවට සාදක විදිහට තැනින් තැන කළු ගල්තිබ්බ. හැබැයි ඔය අත්දැකීම දැන් ඉන්න අයට ගණන බෑ. මොකද ඉස්කෝලෙත් එකක් බු අලත් අලුත් වෙලා. ඔන්න ඔය බු ඇලට ඉස්කෝලේ හරහා තවත් එකක් යා වෙනවා. ඔන්න ඕක අස්සට තමයි ඒ සිරින්ජර් කටු දාල තියෙන්නේ . මේක දැකලා අපේ අර පිස්සු අමිලයා.

ඇත්තටම මේ කුජීත අදහස අමිලයා මුලින්ම කිවුවහම මම ටිකක් බරවුනේ පස්සට. හොස්ටල් එකට ආව දවසේ ඉදල සීනියර් උන්ට පෙන්න බැරි මාව, මේ කොරන දේ අහු උනොතින් මට කුමකින් කුමක් වෙයිද කියල පුංචි උනත් මොලේට පොඩි රතු එළියක්‌ ආව. එත ඊට වැඩ අර මුරණ්ඩු සජීව කියන එකා ඉස්මතු වෙලා මේ වැඩේට කැමති උනා. හැබැයි ඉතින් පොඩි උනාට මොකද හොද ප්ලෑන් එකක් ගහල තමයි ගේමට බැස්සේ . උද තියෙන පින්තුරේ පේනවද ? හැක් පෙන්නේ නැ . ඔයිට වඩා මගේ චිත්‍ර ඇදීමේ හැකියාවක් නැ . පුලුවන්නම් බලාගන්න නැතිනම් අහක බලාගන්න. දැන් ඉතින් මමයි අමිලයි පරණ පොකුණ උඩට වෙලා බලාගෙන ඉන්නවා අපේ වෙලාව එනකන්.

ඒ කියන්නේ මේකයි දනනවා ඇතිනේ හොස්ටල් එකක වැඩ කෙරෙන්නේ කාල සටහනකට අනුව කියලා. ඉස්කෝලේ ඉදල ඇවිල්ල දවල් ආහාරය ( ඔය ආහාරේ මතක කරනං එපා , වමනේ යනවා මතක්ජ් වෙද්දී ) අරගත්තට පස්සේ තුනට තමයි සෙල්ලන්කානං යානං දෙන්නේ එතකන් සීමා මායිම වලින් පිටට යාම තහනම් .
හොසට්ල් එක ඉස්සරහින්ම පාර. ඒ පාර එකක්ම කණුවක් කණුවෙන් එහා ග්‍රවුන්ඩ් එක . ( එකට එක කිවුවේ තවත් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මගේ මැප් එක බලන්න තේරෙයි). ඔය කානුවෙන් එආට යන්න බෑ තුන වෙනකන්. දවසක් 7 වසර උන් ඉන්න තැන ඔය කණුවේ ගැටට දිගේ යානං ගිහින් එක කකුලක් ග්‍රවුන්ඩ් එක පැත්තේ තිබ්බ කියල. කෑවනේ හොද කනේ පාරක්. ඉතින් තේරෙනවනේ ඇයි අපි වෙලාව එනකන් හිටියේ කියලා. හොර වැඩක් කොලත් ඉතින් නීතියට කොරන්න එපැයි.

කොහොම කොහොම හරි  තුන පහු වෙලා කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉදලා අපි දෙන්න බු ඇල හරහා දෙවෙනි පිට්ටනියට යානං තියෙන පාලම යටට් රිංගුවා. රිංගලා දෙන්න ඔන්න දැන් මෙහෙයුම ඇරබුවා. ඇත්තටම මේක අපි දෙන්නටම හමුදා මෙහෙයුමක් වගේ. අර කුණු වතුරේ පනුවෝ අස්සෙන් අඩිය තිය තිය දෙන්න දැන් බු ඇල තරණය කරනවා. මම හිතන්නේ ඉතිහාසයේ එහෙම කරපු පළමු හා අවසාන දෙන්න අපි දෙනන් වෙන්න ඇති මම හිතන්නේ . ටුකක්‌ දුර යද්දී තිබ්බ කකුල ආපහු ගන්න බෑ. එරෙනවා . අමිලය ගලෙවුව සෙරෙප්පු . මේ යකා සෙරෙප්පු දෙක අතට අරගෙන යනවා . මේ අවස්ථාවේ මගේ ක්‍රියා කලාපය මතක නැ. නැ කියන්නේ නැ හින්ද ඔන්න අහන්න එපා :/ . කොහොම හරි අපි දෙන්න . ඒ කියන්නේ මේ වීරෝදාර හමුදා බටයෝ දෙන්න නැ වැරදුනා. කොමාන්ඩෝ දෙන්න හොයා ගන්නවා ඉස්කෝලේ හරහා යන ඇල මේ බු ඇලට වැටෙන තැන. මේ අවස්ථාවේ ඔබ දනන්වාද අපේ සිංහල සාහිත්‍යයට අලුතින් උපමාවක්‌ බිහිවූ බව ?
දන්නේ නැ ?
ඔය ඇත්තමද ?
කොටියම කන්න එපැයි.
'' රට වට කර කට බැන්දත් බු ඇල වට කර කම්බි බදින්න බෑ ''
ඕක අහල නැ ?
හ්ම කමක් නැ අද ඇහුවනේ

ඕක ඇති උනේ මෙහෙමයි අපි දැන් අර මෝදර හොයාගත්තනේඑත මොකෝ එක හරහට කම්බි දාල . හෙක් හෙක් හෙක් . මේ වීරෝදාර සෙබළුන් දෙදෙනා ඒවගෙන් සැලුනද ? නැ මිත්‍රවරුනි ජීවිතය පරදුවට තබා ඒ අස්සෙන් පින්න තරං මේ කම්බි යටින් පොඩි හිඩැසක් තිබ්බ. ඊට පස්සේ ඉතින් නන්නානේ තමයි. අපි සොයාගෙන ආපු නිධානෙ තිබ්බේ ඒ කම්බි වැට එහා පැත්තේ. ඊට පස්සේ බනිස් කනවා වගේ ලොකු තරගයක් තමයි තිබ්බේ. දෙදෙනා ගෙනාපු සිලි සිලි බෑග් පුරෝ ගන්න එක. එත කියන්න කණගාටුයි පින්වතුනි . අපේ සිලි සිලි බෑග් ඉඩ මදි ඒ වස්තුව අරගෙන යන්න. ඉතින් මක කොරන්නද. පුළුවන් ටරමක් අරගෙන දැන් අපි දෙන්න ආපසු ගමන අරබනවා.
නිකන්ද ?
නැ . සහෝදරවරුනි මහා නිධානයත් අතැතිව. ගා ගත්තු දහ ජරාව ගැන දුක නැතිව ගියා . ඇත්තටම ඇඩුනේ නැති එක විටහ්රයි.

එත අපේ මට අමිලයගේත් අමිලයට මගෙත් හදගැස්ම දැනෙන්න පටන් ගත්තේ හොස්ටල් එක ලං වෙද්දී. කනේ පාරවල් කීයද ? ඔන්න ඕක තමයි මම එන ගමන ගණන හැදුවේ. ඒ කියන්නේ සීනියර් ල කී දෙනෙක් අද ඉනවද කියන එක, එක වැඩි කල දෙකෙන් තුනෙන් . හතරෙන් වැඩි කරන්න හිතුනේ නැ . මොකද හතර වරක් යද්දී සිහිය තියෙයිද සැක හිතුන.

කොහොම කොහොම හරි හොස්ටල් එකට එනං කලින් අපි දෙන්න නිධානෙ හැංගුවා පාලම යට. ඇවිල්ල මුණ අතපය හොදගත්ත . ඇත්තම කියනන් එපැයි . නැවේ නම නැ . එකට හරහට තිබ්බේ කාල සටහන. ඇයි ඉතින් නාන්න දෙන්නේ 5 ටනේ . ඊට පස්සේ අපේ අනිත් උන්ට අපේ මේ වීර්ක්‌ ක්‍රියාව කිවුව. දැන් ඔක්කොටම සිරින්ජර් ඌන වෙලා ඉතින් පාලම යටට ගොහින් අපි ටිකක් අරගෙන ඇවිල්ල . ඒවා බයානක ආයුද බවට පරිවර්තනය කළා.
ඒ කොහොමෙයි ?
දන්නෙම නැද්ද ?
චක්‍ ලැජ්ජයි .
සිරින්ජරේ කටුව කඩනවා මුලින්ම . ඊට පස්සේ බයක් නැ කටුව කාටවත් ඇනෙයි කියල . දැන් ඉතින් වතුර අරගෙන විදිනවා. මහම මහා යුද්දයක් . බෙහෙත් විදලා නාන්න එපැයි කියල කිවුවේ. එත මොන . කනකට ඇහුනේ නැ වගේ නා ගණන්ව , එත අහෝ අපේ මේ යුද්දේ අපේ ප්‍රදාන් සතුරන්ට ආරංචි වෙලා.
අඩේ පොලා මෙහෙ වරෙන්
සීනියර් කෙනෙක් මට කතා කොලා
චෑක් මගේ කාඩ් එක මාට්ටුද මන්දා. ඉතින් මට විතරයා. හැමෝටම කාර්ඩ් එකක් තිබ්බ . ඒවා හදුන හැටි පස්සට.
මමත් ඉතින් දැන් වීරයා මැරිලා වගේ ගියා 7 වසර එකා ගාවට.
මේ මටත් සිරින්ජරයක් දීපන්කො
හැක් මට මෙලොව පරලොව කියන්නේ මොකක්ද අදහ ගණන බැරිව ගියා . ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක් කියල හැමෝටම සිරින්ජර් දුන්න ඔන්න එදා ඉදල දවස් දෙක තුනක් යනකන් මට කනේ පාරවල් තිබ්බේ නැ, හැබැයි ඉතින් යුද්දේනම තිබ්බ සතියක් විතර.

හැක් . කියන්න අමතක උනා. අපිට පස්සේ තවත් අය අපේ නිධානෙ හොයාගෙන යන්න ගොහින් පාලම යටදීම අපේ හොස්ටල් බාර සර් කාරයට මාටු වෙලා ගුටි කෑවා. ඒවා ඉතින් අපි වගේ හොද ප්ලෑන් එකක් නැති කමේ වැරැද්ද.

නේද මම අහන්නේ

coming next :- මල්ලේ පොල්


පාසල් ජීවිතේ - පළමු පරිච්චේදය

මම හරි දඩබ්බරය. කොහේ ගියත් මම ඉන්නේ මට ඕන විදිහටය. පොඩි කාලෙත් එහෙමය. මම ඉතින් එහෙමය කියලා ලෝකේ වෙනස් කොරන්න පුළුවන්ය මට ඕන විදිහට ??????. එහෙම උනානම් තමයි හොද. එත් එහෙම වෙන්නේ නැ කියල තේරුනේ ගොඩක් කල් ගොසින්ය. මගේ මේ දඩබ්බර කම නිසා විදවන්න උන ලොකුම කාල පරිච්චේදේ තමයි වසරක් පුරා විදවපු හොස්ටල් ජීවිතය. 6 වසරේ සිට මලියදෙව යන්න පටන්ගත්තහම තාත්ත හිතුවේ මාව හොස්ටල් නවත්තන එක තමයි හොදම දේ කියල.

 ඒ දවස් වල මම ආසම දවස සිකුරාදා විය .ඇඩේන දවස සදුදා විය. ඒ සිකුරාදා ගෙදර එන නිසාත් ආපසු සදුදා උදෙන්ම හොස්ටල් බලා යායුතු නිසාත්ය. මේ තියරිය ගොඩක් දෙනාට සත්‍යයක් විය. බොරුනම් හොස්ටල් ඉදල තියෙන අයගෙන් අහන්න.

සිකුරාදා 2 වෙනකොට අපේ වැන් එකක් ඉස්කෝලේ තාප්පෙන් එහා පැත්තේ පෙන්න තියෙනවදෝ කියල බලාගෙන තමයි ඉක්කොලේ ඉවර වෙලා හොස්ටල් එක පැත්තට එනකොට බලන්නේ. එදාටනම් වෙනදා මෙන් ඉබ්බොත් එක්ක රේස් යනවා වගේ නෙමෙයි, ජෙට් එකක් එක්ක රේස්  යනවා වගේ තමයි හොස්ටල් එකට එන්නේ.

ඒ දවස වල අපිට වැන් දෙකක් තිබ්බ. එකක් high-roof caravan  එකක් . අනික low-roof high ace  එකක්. caravan එක පාරේ එහා පැත්තේ නවත්තල තිබ්බත් තාප්පෙට උඩින් පේනවා. හැබැයි high-ace  එකනම පෙන්නේ නැ. එහෙම දවස වලට හොස්ටල් එකට එද්දී බාගෙට ඇඩිලා.

කොහොම ආවත් එදාට මට වැඩක් පවරලාය. study room  එක අතුගාන්න මාව දාල තියෙන්නේ එදාටය. senior කියන යක්ෂයින් චුන් එකේ අයිස ගහද්දි අපි තමයි අක්කරයක් විතර ලොකු ශාලාව අතුගාන්න ඕන. සිකුරාදා දිනයට මමත් සමග අපේ වයසින් වැටිලා උන්නේ ගංගානාත කියන පොරක් බව ලාවට මතකය. ගැනියෙක් වගේ උන්නට එක්ව ගොනාට අන්දවා මට පැනගන්න තිබෙන අවස්තාව 1000 න් එකක් වැනිය. අනික 7 වසර අයියලාත් මට පෙන්න බැරිය . එක එහෙම විතරක් උනානම් අවුලක්ම නැතිය. මට වද‍ා උන්ට මාව පෙන්න බැරිය. මම හිතන්නේ අපේ වයසින් එපාම කරපු එකා මම වෙන්න ඇති. වෙන්න ඇති නෙමෙයි මම මේ කන දෙකෙන් එහෙම කියනවා අහල තියෙනවා. කොහොම නමුත් අතුගාන ඒකෙන ලිස්සලා හොරෙන් ගෙදර ගිය දවසුත් අනන්තය.එහෙම ගොහින් ආපහු සදුදා හවස මට විනය පරික්ෂනයක්ය. ඒ 7 වසර සෙට් එක ඉදිරියේය . තැන බාවිතයෙන් ඉවත් කර ඇති පොකුණ ගාවය. පොකුණක් කිවුවට ඒ අහලකින් යානං බැරි තරං පුසුබක්‌ ඒ තුලින් වහනය වේ. හරියටම පාසල අසලින් ගලා යන ''බු ඇල'' තුලින් ගලන පුසුබට එය සමානය.

එසේ අසුවන හැම දිනයකම කනේ පාරවල් 7 8 ක් කෑමට සිදුවේ. ඒ 7 වසර ඉන්න එකාගෙන් එක බැගිනි . කට ගැසීමට ගොස් එකාගෙන් දෙක බැගින් ලැබුණු අවස්තාද නැතිව නොවේ.

එකි මෙකි නොකී රස කතා මෝඩ කතා වීර කතා සමග පස්සේ පොස්ට් එකකින් හම්බ වෙමු. දිග වැඩි උනහම කස්ටිය කියවන්නේ නැ කියල මම දනනවා . මොකද මමත් එහෙමයි.

coming soon next
බු ඇල ඔස්සේ සිරින්ජර් කටු සොයා

මගේ පන වෙන්නට ඕනා

මිනි මුතු
වතු පිටි
නැති මට
රුව ගුණ
ඇති නුබ
වස්තුව වුවා

හෙට ගැන
හිතුමට
සැම විට
නුබ මට
හේතුව වුවා

එනමුදු
නොසිතු
නොපැතූ
විලසින
මවු පියෝ
එදිරිව නැගුනා

මා පිය
සරණේ
ඔබ මා
දවසක
අසරණ වුවා

මංගල
නැකතේ
ඔහු අත
ගෙන නුබ
මනමාලිය වී
සරණේ බැදුනා

මා මෙන්
ඔහුටද
මා පිය
දෙදෙනද
දුක සෝ
කදුලැල් බෝමිනා

වස බි
සැනසුම
ලැබූ ඔබ
මතු මතු
සසරේ
මගේ පන
වෙන්නට ඕනා

Wednesday, September 19, 2012

ඇහැ ඇර ගෑම

පච ඕන නැනේ මේකනම් ඇත්තම ඇත්ත සිද්දියක් . වෙලා තියෙන්නේ අපේ තාත්තගේ ගමේ ,හීනටියන .මිනුවන්ගොඩ පැත්තේ තියෙන ගමක්. මේකයි සිද්දිය
මනුස්සයෙකුට හිසේ කැක්කුමක් හැදුනලු . කොච්චර බෙහෙත් කලත් හොදවුනේ නැතිලු. රට වටේම ගිහින් බෙහෙත් කලාලු කිසිම ගුණයක් නැති තැන දවසක් ආරංචි උනාලු සිංහල වෙදකන් කරන වේද මහත්තයෙක් ගැන. විය දුරත් නැති නිසා ගියාලු වේද මහත්තයා හම්බ වෙන්න. වේදමහත්තයත් ලෙඩාව පරික්ෂා කරලා දිඅ බෙහෙත් වට්ටෝරුවක් ලියල දුන්නලු පහුවදා ඉදලම බෙහෙත් කරන්න . කියල තියෙන ප්‍රමනෙට බෙහෙත් දාන්න කියල.පොරත් දැන් කට්ටිය දාල බෙහෙත් අඩුම කුඩුම ටික හොයා ගත්තලු . ඉංගිරිසි බෙහෙත් වගේද සිංහල බෙහෙත්, පමසියකින් ගන්නයැ. දසිංහල බෙහෙත් කඩත් ඒ කාලේ ගොඩක් අඩු නිසා බෙහෙත් ටික හොයා ගන්නත් ගොඩක් මහන්සි උනාලු .

කොහොම කොහොම හරි දැන් බෙහෙත් හොයාගෙන බෙහෙත් කලවන් කරලා බෙහෙත් ගෑවා විතරලු මේ මනුස්සය හු කියාගෙන දගලන්න  පටන් ගත්තලු. බෙහෙත් දැම්මා කියන්නේ බෙහෙත කිවුව ප්‍රමානෙන් බාගයක්වත් දැම්මේ නැහැල්ලු  මනුස්සය බෙර්හන් දෙනවලු එපා එපා කියල . කැ ගැහුවට ඉතින් වේද මහත්තයා කිවුව විදිහට බෙහෙත කරනං එපයි කියල හිතල ලෙඩාගේ අත් කකුල් අල්ලලා ඔක්කොම බෙහෙත් ගැවලු. ඊට පස්සේ මේ ලෙඩා ගම දෙකක් වෙන් කැ ගහනවලු  . ඉතින් බැරිම තැන වෙදමහත්තයා ගාවටම එකක්ගෙන ගියහම වේදමහත්තය්ට තරු විසික්ක උනාලු. එක්කගෙන ආව කට්ටියගෙන් ඇහුවලු මේ මොකෝ මේ කොරල තියෙන්නේ තමුසෙලට ප්ස්සුද කියල බයින්න පටන් ගත්තලු.ඒ එක්කම බෙහෙත් ඔක්කොම අයින් කලාලු .එක්කගෙන ආව අයත් කිවුවලු ඇයි වේද මහත්තයෝ වෙදමහත්තයා ලියල තිබ්බ විදිහට බෙහෙත් හොයලා බෙහෙත් කලාවන් කරලා ඇහැ ඇර ගාන්න කියලනේ තිබ්බේ . ඉතින් ඇස් දෙක හොදට ඇරලා බෙහෙත් කළා කිවුවලු .

වෙලා තියෙන දේ තෙරුන් ගන්න පුලුවන්ද ?

ඇයි මනුස්සයිනේ ඇහැ ඇර ගාන්න කිවුවේ ඇහේ නැතිව නළලේ ගාන්න කියන එකනේ කියලා වේද මහත්තයා බයින්න ගත්තලු .
කොහොමෙන් කොහොම හරි ලෙඩාට හිසේ කැක්කුමට බෙහෙත් කරනං ගිහින් ඇස් දෙකම නැති වෙලා. වේද මහත්තයට බයින්නද ගමේ මිනිස්සුන්ට බයින්නද කියලා කියවන ඔයාලම තීරණේ කොරන්නකෝ

Saturday, September 15, 2012

Fb ආදර කතන්දර ------------------

Fb ආදර කතන්දර 
------------------

හායි කියල මුල පිරුවේ කවුද මතක නැ 
chat එකේදී හම්බ උනත් තාම දැකල නැ 
ඉන්නේ කොහෙද සුදෝ කියල මම ඇහුවත් ඇ 
කිවුව අනේ ඒවා මොටද හම්බ වෙනඩ බැ 

දවස් දෙකයි චැට් කෙරුවේ නිදිමරාගෙන 
ආදරෙයිද මම ඇහුවේ හද පුරෝගෙන 
හිතල බලල කියන්නම්කො අයියේ හෙට දින 
කියල එයා අයින් වුනා hope දීගෙන 

පහුවදාම log වුනේ මම ඇයත් ඇති සිතා 
log වුනාම තමයි දැක්කේ උපන්දිනේ කියා 
මොනවද සුදු මට දෙන්නේ තෑග්ගට ඔයා 
එකපාරම එයා අහපි hi නොම කියා 

search කරලා බැලුව හනික රෝස මල් ලොකු 
Google ඒක බුදුවෙන්නට කියාලා මතු 
හම්බවුනා ලොකුම එකක් පාටට තද රතු 
share කළා wall එකේ මෙන්න මගේ සුදු 

like, coment ඒ කිසිවක් දමන්නට කලින් 
ටිකක් දිගට අංක ගොඩක් එවුව chat තුලින් 
අර බැංකුවේ account ඒක වැඩක් නැ මලෙන් 
අමතකවෙයි බැංකු යන්න තුන වෙන්න කලින් 

ගොනා වෙලා මම දිවුවා බැංකු පොත අරන් 
තරු පෙනුනා ඒක හිදිලා සල්ලි නෑලු දැන් 
මක කොරම්ද මම හිතනවා ඔලුවේ අතගහන් 
loan එකක් ගහගන්නවා මාසෙන් දෙනකන් 

ඕන දෙයක් ගන්නකො මගේ සුදෝ කියා 
යැවුවා මම දහ දාහක් මෙන්න මගේ සුදා 
පොටෝ එකක් එවනවද මගේ පනේ ඔයා 
ගෙදර ගිහින් මම යැවුවා හීන දැක දැකා

විනාඩියයි තප්පරයයි දසම දෙකක් ගියා 
පොටෝ එක දැක්ක ගමන මගේ පන ටික ගියා 
එහා ගෙදර කළු කැත ඇගේ නම මැගියා 
පොටෝ එකක් එවල ඒකි off line ගියා

Friday, September 14, 2012

කසාද බැදිල්ල

චුති කොල්ලෙක් :- මම ලොකු උනහම ඔයාවමයි කසාද බදින්නේ
චුති කෙල්ලෙක්  :- එකනම් වෙන්නෙම නැ ඔන්න
කොලු පැටියා    :- ඇයි එහෙම කින්නේ ?
කෙලි පැටික්කි   :- අපේ පවුලේ අය බදින්නේ නෑදෑයෝ විතලයි
කොලු පැටියා    :-හැක්, එක කොහොමෙයි අනේ වෙන්නේ. ඔය මත පච කින්නේ
කෙලි පැටියා     :- බෝලුනම් බලන්න
                           අපේ සියා බැන්දේ අපේ ආච්චිව
                           අපේ තාත්ත බැන්දේ අපේ අම්මව
                           නැන්ද බැන්දේ මාමව
                           පුංචි බැන්දේ බාප්පව
                           ඉතින් අපි දෙන්නට බදින්න වෙන්නේ  නැ ඔන්න හලිය
                       

Thursday, September 13, 2012

කවුරුත් දන්නවා ඇත face book එකේ සාස්තර ගැන . අහල නැතිනම් අදම මේ ලින්කුවට ගොහින් අහල බලන්න . ඒ සාස්තර අයියගෙන් මමත් සාස්තර ඇහුව . මේ කතාව නම මම අහපු එකක් නෙමෙයි . ඔයාලට කියවද්දී තේරෙයි කවුද මේ කියල. සාස්තර අයියගේ සාස්තර අනිත් අයට සැබෑ වුනාද නැද්ද දන්නේ නැ . හැබැයි මේකනම් සැබෑ වුන සාස්තරයක් ගැනයි . මේක ඒ අහපු එක්කෙනාගේම වචනෙන් මම දැන් දාන්නම්.


මම මේ කියන්න යන්නේ මගේ ජිවිතේ ලස්සනම් දවසක් ගැන . මම පොඩි කාලේ ඉදල ආසයි වැස්සේ තෙමෙන්න. මම ආදරේ කරන මගේ ආදරවන්තයත් දන්නවා ඒක. දවසක් face book  එකේ සාස්තර අයියගෙන් මම සාස්තරයක් ඇහුව. මතක විදිහටනම් සාස්තරේ තිබ්බේ මෙහෙමයි.
ඔවු මට පේනවා *****නංගි **** මල්ලිත් එක්ක වැස්සේ තෙමෙනවා. පොඩි කුඩේ මදි දෙන්නට වැස්සෙන් බේරෙන්න.

ඒ සාස්තරේ අහද්දී මට දැනුනේ අනේ ඒ සුන්දර දවස උදාවෙනවානම් කියල. ඇත්තටම ඒ සුන්දර දවස උදාවුනා. ඇතුගලේ තේජසිං බැබලෙන ඇතුගල්පුරවරයේදී දවසක් මමයි මගේ ආදරවන්තයයි හම්බවුනා .කතා කරගත්තු විදිහට මම බස් ඒකෙන බැහැල එද්දිම එයත් බයික් ඒකෙන බැහැලා හෙල්මට් එකත අතේ අරන් හිනාවකින් මුණ පුරෝගෙන මගේ ලගට  ආව. මට අදටත් ඒ දවස, ඒ මොහොත  මැවිලා පේනවා. පුදුමේ කියන්නේ වැස්සක සේයාවක්වත් තිබ්බේ නැති අහස ඒක පාරම මල වැස්සක් වහින්න පටන් ගත්ත . සාස්තර අයිය කිවුව වගේම මගේ පොඩි කුඩේ ඉඩ මදිවුනා අපි දෙන්නටම. ඊට පස්සේ කුඩේ අකුලාගෙන අපි දෙන්න හිනාවෙවී ඒ මල වැස්සේ තෙමිගෙන කඩයක් අයිනට ගියා.වැස්ස ටික ටික වැඩි උනා . වැහිපොදින් බේරෙන්න එයා ලගට වෙලා ඉද්දි එය‍ා මගේ දිහා බලේගෙන උන්න විදිහට මගේ මුළු ඇගම  හිරිවැටිලා ගියා  . අදටත් ඒ ආදරණිය බැල්ම අමතක් කරන්න බැ. මං එයා ලග ඉදී මට දැනෙන ආදරය, ආරක්ෂාව වචනෙකින් කියනන් මට තේරෙන්නේ නැ . මං නිකන් පොඩි එකෙක් වගේ කියල මට දැනෙනවා .



ඔන්න ඔහොමලු උනේ ඔන්න . හැබැයි මේ දෙනන්ට එකතුවෙන්න නම බැරිඋනා. පෙර අකුසලයක් පල දුන්නදෝ කියල මට හිතෙනවා. ඒ උනත් දෙන්නා ගවු ගානක් ඇතක උන්නත් දෙන්නට දෙන්න තාමත් ආදරේ කරනවා. එත්  නීතියෙන් සමාජ සංස්කෘතියෙන් ඒ දෙන්න දැන් ඈත් උන දෙන්නෙක්







එක රජ කුමාරයෙක්

ඔන්න එකෝමත් එක කලෙක උන්නලු කුමාරයෙක් . ඒ කුමාරයා ඉතින් මැල්ලු හරිය
. ඔය ඉතින් හැක හැක ගගා හිනා වෙන්න එපා. එහෙම උනොත් මම කතාව කියන්නේ නැ
 .
 .
 .
 .
 හ්ම ඔන්න ඔහොම කට පියාගෙන අහගනිල්ල ඔන්න. ඉතින් ඒ කුමාරයාට විරහ දුකක් සිද්ද උනාලු .
 එක වෙනම කතාවක් හරිය එක පස්සේ කියන්නම්
 . දැනට මේක අහගනිල්ලකෝ . ඉතින් ඔහොම ඉන්නකොට ඉන්නකොට එක දවසක් එක්තරා කුමාරිකාවකගේ පියෙක මේ කුමාරයා ගැන පැහැදිල කුමාරයාගේ පිය රජතුමා අමතල තමන්ගේ දොනියන්දව මේ කුමාරයට සරණපාවල දෙන්න කැමැත්ත ප්‍රකාෂකලාලු .
 එහෙම එකපාරම කැමැත්ත ප්‍රකාශ කොරල නවතුනානම් මදැයි. ජන්ම නැකත්පත්‍ර ත් ඉල්ලාපිකෝ ගහෙන්ගෙඩි එන්නයි වගේ. ඒ මදිවට දායාදයත් එක කෝල් එකකින්ම තීරණය කරලා කියපිය නේද. ගොඩින් අක්කර 5
මඩින් දෙන්න වෙලාවට ඉඩන් තිබිල නැ
 මාලිගාවක්
 දඩුමොනරයක්
 දහසින් බැදී පියලි .
 දන මේ කුමාරයට හෙනම අප්සට්ටුව කවදාවත් දැකල නැති කෙල්ලෙක්‌ එකක් දීගකන්න කොහොමටවත් හිත හදාගන්න බැරිලු ඉතින් . අනික විරහ වේදනා විදින කොට ඔය මගුල්තුලා  කොහොමටවත් හරියන්නේ නැ කියලමයි හිතෙන්නේ ඔන්න .
 ඔන්න ඉතින් කුමාරයා කල්පනා කොරනවා කොරනවා මේක නවත්තන් විදිහක්.එත කම්පනාවට එනෙන්ම නැතිලු.කොහොමත් මේ කුමාරයා ඉන්නේ ගෙදර නෙමෙයිලු. මේ දුක්ගැනවිල්ල තමන්ගේ නන්ගියටවත් කියනන් ඕන කියල හිතාගෙන මේ කුමාරයා මොකටත් කියල එස එම එස එකක් කෙටුවලු
තාත්තට කියපන් බං ඒ කෙල්ල කැතම කැත කළු මහතා ඉරියක්‌ වගේ කියල
ඔන්න ඔහොම එස් එම් එස් එක කොටලා යවුවලු . . අනේ වාසනාවන් කියන්නේ මෙහෙමත් නංගිලා ලැබෙන්න පින් කොරන්න ඕන ඔන්න . අපේ නංගිය ඒ එස් එම් එස් එක කට්ටියම ඉන්න තැන හඩ නැගල කියෙවුවලු . අපේ තාත්තගේ වේදරුපිඩක් වැනි හදවත් උනුවෙලා ඒ කසාදෙ කන්සොල් කරලා දැම්මලු. . ඔන්න ඔහොමයි ඒ කුමාරයා ඒ කරදරෙන් ගැලවුනේ ඔන්න්න

ගැහුව හැටි ඔන්න ඔහොමලු

එදානම් මම ෂානි නංගිලාගේ ගෙදර ගියේ ගහනවමයි කියලා හිතාගෙන. එදා ගෙදරත් කවුරුවත් නෑ. අපි දෙන්නා හිටියේ දෙපැතෙන් වාඩි වෙලා. නංගි කිව්වා අයියේ ඔයා කඩන්න කියලා. මමත් ඉතින් ගැහුවා විතරයි රතු පාට එක ගියා. ර්‍රට පස්සේ අපි මාරුවෙන් මාරුවට ගැහුවා. අන්තිමේ මගේ සුදු පාට ඒවා ඔක්කොම ගියා එදා තමයි කැරොම් අතින් මම දිනුම්.
බොල්ග් ලියන එක මට කම්මැලීම සීන් එකක් උන නිසාත්. බොල්ග් ලියනවට වඩා දුක උහුලන්න උන නිසාත් බ්ලොග් එකට පොස්ටු දාන එක එපාම වෙලා උන්නේ අර තරියාගේ කෙරුවාව කියල පට්ටම පට්ට බ්ලොග් එකක් කරන අපේ තරිඳු අම්බෙසිංහ කියන සහෝදරයයි ෂෙනාල් විජේසිංහ කියන සහෝදරයයි මතක කල නිසා අයෙමත් පටන් ගත්ත. පට්ට විදිහට බ්ලොග් ලියන්නනම් දන්නේ නැ. ඒ වගේම බ්ලොග් එක පට්ට විදිහට දිස් කොරනං දන්නෙත් නැ . දානං විදිහට ඔන්න ඔහේ ලියනවා . එහෙනම් ජිවිටහ්ය රසවිදිමු LivE එක්ක

Wednesday, September 12, 2012

මේකිගේ තියෙන සැකේ

ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ… කාගෙද බං…. ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි. එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ. උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ? මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල. ඉතිං…. ? එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්. ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ? ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං. එහෙනං… ? කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං. ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද? උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල. නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ. ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට. ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි. සර්.. මොනවද ගේන්නෙ ? අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි. අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්. එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ? ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං. ඒ කිව්වෙ ? හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත. උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න. මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්. උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව. හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ.. ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ? හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි. ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි….. ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං… හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද? නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ. පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො.. ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න…. මචං.. උඹ බීෆ් කනව නේද ? අවුලක් නෑ.. එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න.. හරි සර්.. ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ? අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල. උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ? උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ? තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් …..

Friday, March 16, 2012

ඉටු නොවුන පැතුම

HONDA HORNET කිවුවහම නොදන්නා කෙනෙක් න කියල හිතනවා. දැන් කලේ කෙල්ලොත් කොල්ලෙක් එක්ක යාලුවෙද්දී බලන්නේ බිකේ එක මොකක්ද කියලනෙ. HONDA හොර්නෙට් බයික් මොන අවුරුද්දේ ලංකාවට ආවද කියලනම් මම දන්නේ නෑ. හැබැයි මේ මම කියනන් යන්නේ මම හොර්නෙට් එකට කොච්චර පිස්සු වැටුනද කියන එක ගැනයි.

මම බයික් පදින්න පුරුදු වුනේ මම ඉස්කෝලේ 7 වසරට පය තැබුව කාලෙමයි. ඒ කියන්නේ 2000 අවුරුද්ද ලබපු අලුත. ඒ කාලෙ අපේ වැන් දෙකක් තිබ්බ. දෙකම හයර් කරන්න දාලයි තිබ්බේ. එකක් ඩ්‍රයිවර් මාමා එයාගේ ගෙදරම තියගනන්ව රෑට. අනිත් එකේ ඩ්‍රයිවර් මාමා ගෙවල් ලගම නිසා අපේ ගෙදර වැන් එක දාල යනවා. එය උදේට එන්නේ CHALLY බයික් එකක. මම ඉතින් ඉස්කෝලේ ගිහින් එන්න 4 විතර වෙනවා. අවහම අර පොඩි බයික් එකක් නිසා අත ගගා ඉන්නවා දැකල අපේ අම්ම තමයි දහිරිය දුන්නේ බයික් එක පදින්න කියල. දැන් මෙහෙම බයික් කනවා කියල දනන්වනම් අම්ම එක කොහොමටවත් ඉඩ දෙන එකක් නෑ කියල දැන්නම් හිතෙනවා බයින බැනුම් වලට.

ඒ බයික් එකේ යතුරු නෑ ගැහුවා ගමන් ස්ටාර්ට්. අඩු දඩුත් දිග නිසා වැටෙන්නේ හැප්පෙන්නේ නැතිව බයික් පැදීමේ මුලික අත්තිවාරම ඒ බයික් එකෙන් දාගත්ත.
හැබැයි ඩ්‍රයිවර් මාමා දන්නේ නෑ හොදේ.
දැන් මට බයික් පදින්න පුළුවන් කියල මට HAPPY. දැන් මට ඕන තාත්තගේ TWIN එක පදින්න. එත් තාත්ත දෙන්නේ නෑ මොකද මට තම අවුරුදු 7 සම්පුඋර්ණ වෙලත් නෑ. කොහොම හරි අප්‍රේල් නිවාඩුවත් ආවා. ඒ නිවාඩු දවසක තමයි මම ඉස්සෙල්ලම TWIN එක පැද්දේ.


කොහොම කොහොම හරි මම බයික් දැන් පදිනවා. ඔය කාලේ තමයි සරෝජා චිත්‍රපටිය ආවේ. අපේ ඉස්කොලෙනුත් ගිය ඕක බලන්න. දැන් එක බලල අපේ කට්ටිය දෙන්නන දෙන්න පේලි සැදී පුත්තලම් පාර දිගේ ඉස්කෝලෙට එනවා කුරුනෙගල පුත්තලම් පර කියන්නේ බයික් වෙනුවෙන්ම තියෙන පාරක් වගෙයි. මගේ ඇස් බෝල දෙක වටීට කැරකෙනවා. ඔන්න එදා තමයි මම හොර්නෙට් එක ඇස් දෙකෙන් දැක්කේ. හැබැයි දැන් කාලේ වගේ නෙමෙයි. හොර්නෙට් බයික් ටික මුලුගන්විල තමයි තිබ්බේ. ඒ වෙනුවට honda cd 125, benly , RS250 Z, MD 90, වගේ බයික් තමි ජපන් බයික් වලින් ඉස්සරහටම දාල තිබ්බේ. HONDA JADE, CB 250 වගේ බයික් නම් ඒ කාලෙ ලංකාවේ ජනප්‍රිය වෙලා තිබ්බට HONDA HORNET එක අව අලුත කියල මම හිතන්නේ. හැබැයි තව දෙයක්. ඔන්න ඔය කාලෙ තමයි TVS බයික් ලංකාවට අව කාලෙ. ඒ නිසා ජපන් බයික් වලට තිබ්බ තැන අඩු වෙමින් තිබ්බේ. කොහොම නමුත් එදා ඉදන් මම හොර්නෙට් එක ගැන හෙවුවා . හරියට කොල්ලෙක් කෙල්ලෙක් ගැන හොයනවා වගේ. ඒ කාලෙ මට මතක විදිහට හොර්නෙට් එඅකක් ලක්ෂ 1.50 විතර වුණා. එත් TVS VICTOR එක ලංකාවේ බයික් මර්කෙට් එක අල්ලාගනිමින් තිබ්බේ. මම ඉස්කෝලේ හොර්නෙට් එක ගැන ක්යෙවුවට කවුරුත් අහලවත් නෑ. කොටින්ම 2003 මම 10 වසරේ ඉන්නකොට ක්ලාස් ගියහම බයික් ගැන කොල්ලෝ කතාවෙද්දී කියන්නේ හොර්නෙට් එක ගැන. ඊත් කවුරුත් හොර්නෙට් ගැන අහලවත් තිබ්බේ නෑ. අහ තවත් දෙයක්. CHINESE බයික් අවෙත් ඔන්න ඔය කාලෙ. ඒ නිසා හොර්නෙට් වගේ බයික් එකකට ලංකාවේ මර්කෙට් එක හදාගන්න ගොඩක් කල් යන් ඇත්තේ ඉන්දියන් සහ චයිනිස් බයිසිකල් නිසා වෙන්න ඇති කියල හිතෙනවා.

කොහොම නමුත් 2002 අවුරුද්දේ අපේ තාත්ත ගත්ත MTX 125 TRAIL බයික් එකක්. මම පන්ති යන්නෙත් එකේ. කොටින්ම කියනවනම් මගේ කකුල් දෙකම එක පර බිම තියන්න බ එකේ උඩ ඉදගත්තහම. ඔය කාලෙම තාත්ත අරන් දුන්න චයිනිස් බිකේ එකක් මට. වෙන මොකකටවත් නෙමෙයි පාරේ යන මිනිස්සු බයින්න පටන් ගත්ත මට, මම වේගෙන යනවා වැඩී කියල

2004 අරන් දුන්න HUSKY කියල බයික් එකක් මම ගාව තිබ්බ මම අසම බයික් එක. එත් අවාසනාවට එකේ පාර්ට්ස් ගණන් නෑ ඒ නිසා විකුණලා දැම්ම. කොහොම හරි අපේ තාත්ත BAJAJ PULSAR එකක් අරන් දුන්න. මට ඕන වෙලා තිබ්බේ හොර්න්ට් අරන් දුන්නේ පල්සර් ඒ මම උසස් පෙළ ලියන්න ඉන්නකොට 2006. තාමත් පදින්නේ මම ඒ බයික් එක තමයි. මෙඡ්චාර කාලයක්, ඒ කියන්නේ අවුරුදු 12K මම හොර්නෙට් එකක් ලැබෙනකන් අසාවෙන් හිටිය. මේ අවුරුද්දේ එළබෙන මගේ උපන් දිනයට ඒ සිහිනය සබැ වෙන්න තිබ්බ. එත් තාත්තගේ හිතවතුන් කියනවා මට අරන් දෙනන් එපා කියල. මට ආදරයක් තියෙනවනම් අරන් දෙනන් එපාලු. අවුරුදු 12 ක් බලන් හිටිය වගේම තවත් කාලයක් බලන් ඉන් වෙයි වගේ
මට

පසු වදන .
පොස්ට් එක දාල සති දෙකක් යානං කලින් මම අනතුරකට මුහුණ දුන්න . සති දෙකක් විතර රෝහල වල දුක්ජ් වින්ද . දන ඉතින් නම බයික් එකක් ගැන හීන දකිනවා බොරු :/

Thursday, March 15, 2012

දෙබුක්

ඔන්න මං අපේ DAD ගේ දෙකින්ම ලියන්ට පටන් ගන්නම්කො. අපේ තාත්තගේ පවුලේ ඔක්කොම 9 දෙනයි. පිරිමි 4 යි ගැහැණු යි. අපේ තාත්ත පුලේ 4 වෙනියා. හැබැයි පවුලේ චන්දියත්ලු. හැබැයි ඉගෙන ගන්න නම් බැහැලු. තාත්තගේ ගම මිනුවන්ගොඩ හීනටියන. හරි දාමරික ගමක්. අපේ අයත් එහෙම තමයි . තාත්ත ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ගමේම ඉස්කෝලෙට. මේක වෙලා තියෙන්නේ තාත්ත කීයේ ඉද්දිදනම් මම දන්නේ නැ හැබැයි කතාව නම් ඇත්තළු. මෙන්න මේකයි කතාව හොදේ.

පන්තියේ ඉංගිරිසි සර් පාඩමක් කියල දෙනවලු. අපේ තාත්තා දන්න ඉංගිරිසි . එයා ඔහේ පිසූ කෙල කෙල ඉන්නවලු . මේක දැකල ඉංගිරිසි සර් පොරට මලම පැනල හිටගන්ඩ කිවුවලු පුටුව උඩ. දැන් සර් ප්‍රශ්න අහනව


සර් ; රන්ජි කියනවා බලන්ඩ පොතට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද
තාත්තා ; බුක්නේ සර්
සර් : එහෙනම් පොත් දෙකි කියන්න කොහොමද කියන්නේ කියනවා බලන්ඩ

තාත්තා කල්පනා කොරල කොරල කිඋවලු දෙබුක් කියල. සර්ට දැන් උපරිම මල පැනළලු.


සර් : හොදි එහෙනම් කියපන් පොත් තුනක් කියල කොහොමද කියන්නේ
තාත්තට හිතේ ඉස්සෙලාල් දුන උත්තරේ හරි කියල
තාත්තා : තුන්බුක් නේද සර් කියල ඇහුවලු

සර් කාරයට හොදටම මල පැනල තොනම් බුක්කගේම පුතෙක් කියල පස්ස රත් වෙනකන් ගැහුවලු . ඇත්තටම අපේ සීයට ගමේ අය කියන්නේ බුක්ක කියලලු . :D

කොහොම කොහොම හරි අපේ තාත්තත් ඉස්කෝලේ 7 වාර වෙනකන් ගිහින් තියෙනවා එත් අපේ අම්මව කසාද බදිනකොටත් අකුරක් ලියන්න දන්නේ නැහැල්ලු .හබි දනන්ම් ලියන කියනන් පුළුවන්. මෙහෙම මනුස්සය දැන් මොනවා කරනවා කියලද හිතේ ඔයාලට??? දැන් එය කෝටිපතියෙක් . ඔයාලට හිතෙයි මංකොල්ල කාලා හොරකන් කරලා කියලා. අනී නැ යාලුවනේ දහදිය මහන්සියෙන් හොයපුව. පුතෙක් වසයෙන් මම ආඩම්බරෛ තාත්තා ගැන

පළමු උත්සාහය

ඔන්න යාලුවනේ මමත් බ්ලොග් එකක් ලියන් හිතුව.
අද ඉදල ඔය මොනවා මොනව් හරි ලියල දාන්නම්කො :)