ඔන්න එකෝමත් එක කලෙක උන්නලු කුමාරයෙක් . ඒ කුමාරයා ඉතින් මැල්ලු හරිය. ඔය ඉතින් හැක හැක ගගා හිනා වෙන්න එපා. එහෙම උනොත් මම කතාව කියන්නේ නැ
.
.
.
.
හ්ම ඔන්න ඔහොම කට පියාගෙන අහගනිල්ල ඔන්න. ඉතින් ඒ කුමාරයාට විරහ දුකක් සිද්ද උනාලු .
එක වෙනම කතාවක් හරිය එක පස්සේ කියන්නම්
. දැනට මේක අහගනිල්ලකෝ . ඉතින් ඔහොම ඉන්නකොට ඉන්නකොට එක දවසක් එක්තරා කුමාරිකාවකගේ පියෙක මේ කුමාරයා ගැන පැහැදිල කුමාරයාගේ පිය රජතුමා අමතල තමන්ගේ දොනියන්දව මේ කුමාරයට සරණපාවල දෙන්න කැමැත්ත ප්‍රකාෂකලාලු .
එහෙම එකපාරම කැමැත්ත ප්‍රකාශ කොරල නවතුනානම් මදැයි. ජන්ම නැකත්පත්‍ර ත් ඉල්ලාපිකෝ ගහෙන්ගෙඩි එන්නයි වගේ. ඒ මදිවට දායාදයත් එක කෝල් එකකින්ම තීරණය කරලා කියපිය නේද. ගොඩින් අක්කර 5
මඩින් දෙන්න වෙලාවට ඉඩන් තිබිල නැ
මාලිගාවක්
දඩුමොනරයක්
දහසින් බැදී පියලි .
දන මේ කුමාරයට හෙනම අප්සට්ටුව කවදාවත් දැකල නැති කෙල්ලෙක් එකක් දීගකන්න කොහොමටවත් හිත හදාගන්න බැරිලු ඉතින් . අනික විරහ වේදනා විදින කොට ඔය මගුල්තුලා කොහොමටවත් හරියන්නේ නැ කියලමයි හිතෙන්නේ ඔන්න .
ඔන්න ඉතින් කුමාරයා කල්පනා කොරනවා කොරනවා මේක නවත්තන් විදිහක්.එත කම්පනාවට එනෙන්ම නැතිලු.කොහොමත් මේ කුමාරයා ඉන්නේ ගෙදර නෙමෙයිලු. මේ දුක්ගැනවිල්ල තමන්ගේ නන්ගියටවත් කියනන් ඕන කියල හිතාගෙන මේ කුමාරයා මොකටත් කියල එස එම එස එකක් කෙටුවලු
තාත්තට කියපන් බං ඒ කෙල්ල කැතම කැත කළු මහතා ඉරියක් වගේ කියලඔන්න ඔහොම එස් එම් එස් එක කොටලා යවුවලු . . අනේ වාසනාවන් කියන්නේ මෙහෙමත් නංගිලා ලැබෙන්න පින් කොරන්න ඕන ඔන්න . අපේ නංගිය ඒ එස් එම් එස් එක කට්ටියම ඉන්න තැන හඩ නැගල කියෙවුවලු . අපේ තාත්තගේ වේදරුපිඩක් වැනි හදවත් උනුවෙලා ඒ කසාදෙ කන්සොල් කරලා දැම්මලු. . ඔන්න ඔහොමයි ඒ කුමාරයා ඒ කරදරෙන් ගැලවුනේ ඔන්න්න
No comments:
Post a Comment