මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Monday, September 24, 2012

එක පඩි දවසක්


ලැබුනා අද  පඩි
ගත්තා ලොකු අඩි
උනා ටිකක් වැඩි
පාරේ ඉඩත් මදි

ගොම්මන් අදුර මැද්දේ
අන්දර වැට  ඔස්සේ
පෙනේ ගේ පැත්තේ
ගෑනි උළුවස්සේ

අඳුරේ මගේ සේයා
දුටු විගස චායා
ලගට දුව ආයා
විගස කනෙ ලෑයා

බේබද්දා කියමින්
බැන්නේ තව යහමින්
සාක්කු අතගාමින්
පඩි කාසි සොයමින්

එකයි දෙකයි තුන
ගනියි එකින් එක
හිග කාසි ගැන
දෙස් තියයි මට

නොකා කමින් හිගා
කියා මෙමට නිගා
කොට්ට පැදුරු ඔතා
යන්න හදයි දමා

යනවානම් දමා
කියනු මොකට එපා
යන එකමයි හොදා
මමත් උන්නා නිදා




















2 comments:

  1. ha ha loweth na kathawa nam.... :D ubata una deyakda mathan :P

    ReplyDelete
  2. ah mama thaama mary karala na ban, anika padi ganna mam job karalath na thama :D

    ReplyDelete