මම මේ කියන්න යන්නේ මගේ ජිවිතේ ලස්සනම් දවසක් ගැන . මම පොඩි කාලේ ඉදල ආසයි වැස්සේ තෙමෙන්න. මම ආදරේ කරන මගේ ආදරවන්තයත් දන්නවා ඒක. දවසක් face book එකේ සාස්තර අයියගෙන් මම සාස්තරයක් ඇහුව. මතක විදිහටනම් සාස්තරේ තිබ්බේ මෙහෙමයි.
ඔවු මට පේනවා *****නංගි **** මල්ලිත් එක්ක වැස්සේ තෙමෙනවා. පොඩි කුඩේ මදි දෙන්නට වැස්සෙන් බේරෙන්න.
ඒ සාස්තරේ අහද්දී මට දැනුනේ අනේ ඒ සුන්දර දවස උදාවෙනවානම් කියල. ඇත්තටම ඒ සුන්දර දවස උදාවුනා. ඇතුගලේ තේජසිං බැබලෙන ඇතුගල්පුරවරයේදී දවසක් මමයි මගේ ආදරවන්තයයි හම්බවුනා .කතා කරගත්තු විදිහට මම බස් ඒකෙන බැහැල එද්දිම එයත් බයික් ඒකෙන බැහැලා හෙල්මට් එකත අතේ අරන් හිනාවකින් මුණ පුරෝගෙන මගේ ලගට ආව. මට අදටත් ඒ දවස, ඒ මොහොත මැවිලා පේනවා. පුදුමේ කියන්නේ වැස්සක සේයාවක්වත් තිබ්බේ නැති අහස ඒක පාරම මල වැස්සක් වහින්න පටන් ගත්ත . සාස්තර අයිය කිවුව වගේම මගේ පොඩි කුඩේ ඉඩ මදිවුනා අපි දෙන්නටම. ඊට පස්සේ කුඩේ අකුලාගෙන අපි දෙන්න හිනාවෙවී ඒ මල වැස්සේ තෙමිගෙන කඩයක් අයිනට ගියා.වැස්ස ටික ටික වැඩි උනා . වැහිපොදින් බේරෙන්න එයා ලගට වෙලා ඉද්දි එයා මගේ දිහා බලේගෙන උන්න විදිහට මගේ මුළු ඇගම හිරිවැටිලා ගියා . අදටත් ඒ ආදරණිය බැල්ම අමතක් කරන්න බැ. මං එයා ලග ඉදී මට දැනෙන ආදරය, ආරක්ෂාව වචනෙකින් කියනන් මට තේරෙන්නේ නැ . මං නිකන් පොඩි එකෙක් වගේ කියල මට දැනෙනවා .
ඔන්න ඔහොමලු උනේ ඔන්න . හැබැයි මේ දෙනන්ට එකතුවෙන්න නම බැරිඋනා. පෙර අකුසලයක් පල දුන්නදෝ කියල මට හිතෙනවා. ඒ උනත් දෙන්නා ගවු ගානක් ඇතක උන්නත් දෙන්නට දෙන්න තාමත් ආදරේ කරනවා. එත් නීතියෙන් සමාජ සංස්කෘතියෙන් ඒ දෙන්න දැන් ඈත් උන දෙන්නෙක්
No comments:
Post a Comment