මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Showing posts with label මගේ වැඩ. Show all posts
Showing posts with label මගේ වැඩ. Show all posts

Saturday, December 8, 2012

අලුත් ලොවක් සොයා

පෙරවදන 

කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ දෙයක් තමයි කතාවක් ලියන එක . නිකන්ම නිකන් කතාවක් නෙමෙයි , නව කතාවක් . එත් එකට හොද මාතෘකාවක් නැතිව තමයි උන්නේ .එහෙම උන්න අතරේ දැක්ක දවල් හීනයක්‌ හින්ද මට කතාවකට හොද මාතෘකාවක් හම්බ උනා . මේක බොහෝ දුරට විද්‍යාත්මක ප්‍රබන්දයක් විදිහට තමයි ලියනං වෙන්නේ . මොකද හීනේ දැක්කේ එහෙම දෙයක් නිසා. ඒ වගේම කුතුහලය , ආදරය වගේම ත්‍රාසය සමග මේ කතාව ටිකක් දුරට ලියනං සිදුවේවි . ''අලුත් ලොවක් සොයා'' කියල නම දැම්මට මේකේ නම වෙනස් වෙනන්ත් පුළුවන්.
 බලන දකින අය පුලුවන්නම් කොමෙන්ටුවක් දාල අදහස් පලකරන්න . එක ලොකු හයියක් වෙයි කතාව දිගටම ලියාගෙන යන්න මට .

මීට
සජීව ජයරත්න 


Saturday, September 22, 2012

මල්ලේ පොල්

මේ කතා මාලාවේ මුලින්ම කිවුවනේ මම ටිකක් නෙමෙයි ගොඩක් මුරණ්ඩු, කියන දෙයක් තබෙකට මායින් කොරන්නේ නැති එකෙක් කියලා. හොස්ටල් ජීවිතේට මාරු උනා කියලා එකනම් අඩු වුනේ නෑ. හොස්ටල් එකේ හිටිය අනිත් අයත් මගේ හැටි දැනගත්තේ හොස්ටල් එකේ මගේ මුල්ම දවසේමයි.
                   
                         එදා දවස මට තාම මතකයි 1999 පෙබරවාරි දෙවෙනි වෙනිදා. මගේ ජීවිතේ හැරවුම් ස්ථානයක්. මලියදෙවයට ඇතුලත් උන දවස. ඒ වගේම හොස්ටල් එකට ගිය මුල්ම දවස. අපිව ඇතුලත්කරගත්තේ 1999 ජනවාරි27 සිකුරාදා  දවසක්. මුල්ම පාසල් ගිය දවස තමයි පෙබරවාරි 2වෙනිදා.

එදා ඉතින් මුලින්ම ආවේ හොස්ටල් එකට. උදෙන්ම ඇවිල්ල කොට්ට, මෙට්ට ආදී අඩුම කුඩුම ඔක්කොම අරගෙන ගොඩවුනේ හොස්ටල් එකට ඔන්න. ඊට පස්සේ පන්තිකාමර වලට අපිව දාලා අපේ අම්ම මට ඉන්න එහෙම  තැනක් හදල දීල ඉන්ටවල් එක වෙනකනුත් උන්නා . ඊට පස්සේ මට ඉන්න හම්බ වුන තැන පෙන්නලා සමු අරගෙන යන්න ගියා. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මම පැන්නා ඇද උඩට. ඇයි දෙයියනේ මහන්සිය. අපේ සෙට් එකේ මුල්ම බැනුම ඇසීමේ භාග්‍ය මම උදා කරගත්තේ ඔන්න ඔය සීන් ඒකෙන්. හිතුමතේ නිදාගන්න තහනම් කියාපි මෙන්න. මට යකා නැග්ගා. එත් මොනවා කරන්නද . නන්නාදුනන අයනේ ඉන්නේ කට පියාගෙන උන්නා.

ඔන්න  ඒඑක්කම  ටාන් ටාන් කියල මොකේටද තඩි බානවා ඇහුනා. අයියා කෙනෙක් කිවුව කෑම  කන්න යමු කියලා. මමත් පිගානයි කොප්පෙයි අරගෙන ගියා dinning hall එකට. දැනගෙන ගියා නෙමෙයි. අනිත් අය පස්සේ ගියා.

හොස්ටල් එක බාර උපුල් සර් සහ අපි වගේම නැවතිලා උන්න ආදුනික සර්ල තුන් දෙනෙක් හෝ දෙන්නක් සදහා වෙනම දිග මේසයක් තිබ්බා. අපිට පොඩි මේස 10ක් 12ක් තිබ්බා. මුලින්ම කලේ අපිව ඒ ඒ මේස වලට බෙදපු එක. එක වයසකින් එක මේසෙකට එක්කෙනයි හෝ දෙන්නයි. කට්ටියමඉදගත්තට පස්සේ පොඩි බෙල් එකක් ගැහුවා. පැන්න ගමන බෙදාගන්න ගියේ නැත්තේ මම කෑම පස්සේ පන්නන එකෙක් නොවුන නිසා වෙන්න  ඇති. එහම උන එක හොදට ගියා, හොස්ටල් එකේ සම්ප්‍රදාය සීනියර් පිළිවෙලට කෑම
බෙදාගන්න  එක. ඒ කියන්නේ කෝඩු කාරයන් උන අපි තමයි අන්තිමට කෑම බෙදාගෙනකන්න ඕන.

 ඇත්තම කියනවනම් පොර කාගෙන බෙදාගන්න තරං හොද කෑමක් අපිට හම්බ උනේ නිවාඩු දෙන දවසේ විතරයි. ඒකත් බිත්තරයක් හෝ කුකුල් මස් කෑල්ලක්. අනිත් හැමදාම හාල්මැස්සෝ හාල්මැස්සෝ හාල්මැස්සෝ .ඒ එපා උන එපාවිල්ලට තාමත් මම හාල්මැස්සෝ කන්නේ නෑ.

කොහොම කොහොම හරි මුල්ම දවසෙන්ම මට කෑම එපාම උනා. මම නැගිටලා යන්න හදද්දී අයිය කෙනෙක් අතින් අල්ලලා ඉන්දෙවුවා. නැගිටලා යන්න ඕනත් බෙල් එක ගැහුවට පස්සෙලු. ඉතින් බත් එක අතගගා උන්නා.

ටින් ගාල බෙල් එක වැදුනා විතරයි මම නැගිට්ට දුන්න වගේ. 11 වසර අයිය කෙනෙක් අහපි යන්නේ කොහෙද කියලා . දන්නවනේ  ඉතින් මගේ කට. මම කිවුවා මල්ලේ පොල් කියලා. සත්තයි මෙසේම හිටිය අය හිනා උනා. මම නැගිටලා පිගාන හෝදන්න එනකොට මට කියනව ඇහුනා මුන්ට ඩිසිප්ලින් උගන්නන්න කියලා 7 වාර කෙනෙකුට කියනවා.

ඔන්න ඔය සීන් ඒකෙන පස්සේ මට කාඩ් එක වැටුනා ''පොලා'' කියලා. සන්තෝසේ කියන්නේ මුල්ම කාඩ් එක ගහගත්තෙත් මමයි ඔන්න

Coming next:-ඩිසිප්ලින්  ලැයිස්තුව 

Thursday, September 20, 2012

පාසල් ජීවිතේ - දෙවන කොටස ( බු ඇල ඔස්සේ සිරින්ජර් සොයා )

නවකතාවක් බදු මේ කතාවේ පළමු කොටස මෙතනින් බලන්න


කොච්චර මුරණ්ඩු උනත් මොකෝ ඉස්කෝලෙට සිස්සත්වෙන් කඩා පාත් වෙලා හෝස්ටල් එකට ආවට පස්සේ හැමදාම රෑට අඩනව. වෙන අයට ඇහෙයි කියලා කෝට්ටේ හපාගෙන තමයි අඩන්නේ ඔන්න. ඇයි ඉතින් වෙන උන් අඩන්නේ නැනේ. එහෙම කිවුවට මොකෝ එක දවසක් එකෙක් හු තියාගෙන ඇඩුවනේ. හා හා ඒ කතාව මේකෙන් පස්සේ හොදද.

හොස්ටල් දුක කන්දරාව අස්සේ ඔන්න කියපි අපිට මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් ගහන්න එනවා කියලා. එක උනේ හොස්ටල් ඇවිල්ල දෙවෙනි සතියේ මගේ හිතේ. ගෙදරින් ලියුමක් අරගෙන එන්න කිවුව එකට අනුමැතිය දීල. මම හොස්ටල් හිටියට මොකද අපේ ගෙදරට ගෙවල් දෙකක් එහා පැත්තේ හිටපු සම්පත් ( බලු සම්පත්- ඒ නම හැදුන  හැටි පස්සේ කියන්නම් )  පොරට කියල ලියුමත් ගෙන්න ගෙන කොහොමෙන් කොහොම හරි බෙහෙත් විද්ද කියමුකෝ. (එහෙම ලියුම් ගෙන්න බැරි අයට හොස්ටල් එක බාරව උන්න සර් තමයි ලියුම් දුන්නේ ) එදා කොහොම හරි කලින් ඉස්කෝලෙත් ඇරිය අපිට . ලොකු වේදනාවක් දරගන්නත් එපැයි. දන හොස්ටල් එකට ඇවිල්ල කට්ටිය තම තමන්ගේ විද්ද තැන පෙන්නනවා. ඒ අස්සේ අඩපු එකෙකුත් හිටිය මතකේ හැටියට.

අපේ සෙට් එකේ උන්න අමිල කියල බලල් ඇස් තියෙන පොරක්. පොර දැම්ම ඔලුවට කුජීත අදහසක් . කුජීත කියන්නේ අහු උනොත් රහට ගුටි කන්න පුළුවන් වැඩක්. අපිට විදලා අයින් කරපු සිරින්ජර් කටු හොරෙන් අරගෙන එන එක තමයි මුට ඕන වෙලා තියෙන්නේ . දන්නවනේ ඉතින් පොඩි කාලේ ඒවගෙන් කොරපු දේවල් . මුට මේ කුජිත ප්ලෑන් එක ඇති වෙලා තියෙන්නේ ඒ සිරින්ජර් දාපු තැන දැකලා. මම කලින් කිවුවනේ අපේ ඉස්කෝලෙට මායිනව  ඇලක් යනවා කියල. එකට කියන්නේ බු ඇල කියලා. එකේ නැති දෙයක් නැ. මැරිච්ච කුකුලන්ගේ කකුල්. සුදුම සුදු ඇදී ඇදී යන පනුවෝ. බෝතල් කටු ආදී එකී මෙකි නොකී කරන්න  සුවදක් තාම මම අත්විදලා නැ. අවුරුදු ගානකට පෙර දෙපැත්තෙන් බැමි බලා තිබ්බ බවට සාදක විදිහට තැනින් තැන කළු ගල්තිබ්බ. හැබැයි ඔය අත්දැකීම දැන් ඉන්න අයට ගණන බෑ. මොකද ඉස්කෝලෙත් එකක් බු අලත් අලුත් වෙලා. ඔන්න ඔය බු ඇලට ඉස්කෝලේ හරහා තවත් එකක් යා වෙනවා. ඔන්න ඕක අස්සට තමයි ඒ සිරින්ජර් කටු දාල තියෙන්නේ . මේක දැකලා අපේ අර පිස්සු අමිලයා.

ඇත්තටම මේ කුජීත අදහස අමිලයා මුලින්ම කිවුවහම මම ටිකක් බරවුනේ පස්සට. හොස්ටල් එකට ආව දවසේ ඉදල සීනියර් උන්ට පෙන්න බැරි මාව, මේ කොරන දේ අහු උනොතින් මට කුමකින් කුමක් වෙයිද කියල පුංචි උනත් මොලේට පොඩි රතු එළියක්‌ ආව. එත ඊට වැඩ අර මුරණ්ඩු සජීව කියන එකා ඉස්මතු වෙලා මේ වැඩේට කැමති උනා. හැබැයි ඉතින් පොඩි උනාට මොකද හොද ප්ලෑන් එකක් ගහල තමයි ගේමට බැස්සේ . උද තියෙන පින්තුරේ පේනවද ? හැක් පෙන්නේ නැ . ඔයිට වඩා මගේ චිත්‍ර ඇදීමේ හැකියාවක් නැ . පුලුවන්නම් බලාගන්න නැතිනම් අහක බලාගන්න. දැන් ඉතින් මමයි අමිලයි පරණ පොකුණ උඩට වෙලා බලාගෙන ඉන්නවා අපේ වෙලාව එනකන්.

ඒ කියන්නේ මේකයි දනනවා ඇතිනේ හොස්ටල් එකක වැඩ කෙරෙන්නේ කාල සටහනකට අනුව කියලා. ඉස්කෝලේ ඉදල ඇවිල්ල දවල් ආහාරය ( ඔය ආහාරේ මතක කරනං එපා , වමනේ යනවා මතක්ජ් වෙද්දී ) අරගත්තට පස්සේ තුනට තමයි සෙල්ලන්කානං යානං දෙන්නේ එතකන් සීමා මායිම වලින් පිටට යාම තහනම් .
හොසට්ල් එක ඉස්සරහින්ම පාර. ඒ පාර එකක්ම කණුවක් කණුවෙන් එහා ග්‍රවුන්ඩ් එක . ( එකට එක කිවුවේ තවත් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මගේ මැප් එක බලන්න තේරෙයි). ඔය කානුවෙන් එආට යන්න බෑ තුන වෙනකන්. දවසක් 7 වසර උන් ඉන්න තැන ඔය කණුවේ ගැටට දිගේ යානං ගිහින් එක කකුලක් ග්‍රවුන්ඩ් එක පැත්තේ තිබ්බ කියල. කෑවනේ හොද කනේ පාරක්. ඉතින් තේරෙනවනේ ඇයි අපි වෙලාව එනකන් හිටියේ කියලා. හොර වැඩක් කොලත් ඉතින් නීතියට කොරන්න එපැයි.

කොහොම කොහොම හරි  තුන පහු වෙලා කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉදලා අපි දෙන්න බු ඇල හරහා දෙවෙනි පිට්ටනියට යානං තියෙන පාලම යටට් රිංගුවා. රිංගලා දෙන්න ඔන්න දැන් මෙහෙයුම ඇරබුවා. ඇත්තටම මේක අපි දෙන්නටම හමුදා මෙහෙයුමක් වගේ. අර කුණු වතුරේ පනුවෝ අස්සෙන් අඩිය තිය තිය දෙන්න දැන් බු ඇල තරණය කරනවා. මම හිතන්නේ ඉතිහාසයේ එහෙම කරපු පළමු හා අවසාන දෙන්න අපි දෙනන් වෙන්න ඇති මම හිතන්නේ . ටුකක්‌ දුර යද්දී තිබ්බ කකුල ආපහු ගන්න බෑ. එරෙනවා . අමිලය ගලෙවුව සෙරෙප්පු . මේ යකා සෙරෙප්පු දෙක අතට අරගෙන යනවා . මේ අවස්ථාවේ මගේ ක්‍රියා කලාපය මතක නැ. නැ කියන්නේ නැ හින්ද ඔන්න අහන්න එපා :/ . කොහොම හරි අපි දෙන්න . ඒ කියන්නේ මේ වීරෝදාර හමුදා බටයෝ දෙන්න නැ වැරදුනා. කොමාන්ඩෝ දෙන්න හොයා ගන්නවා ඉස්කෝලේ හරහා යන ඇල මේ බු ඇලට වැටෙන තැන. මේ අවස්ථාවේ ඔබ දනන්වාද අපේ සිංහල සාහිත්‍යයට අලුතින් උපමාවක්‌ බිහිවූ බව ?
දන්නේ නැ ?
ඔය ඇත්තමද ?
කොටියම කන්න එපැයි.
'' රට වට කර කට බැන්දත් බු ඇල වට කර කම්බි බදින්න බෑ ''
ඕක අහල නැ ?
හ්ම කමක් නැ අද ඇහුවනේ

ඕක ඇති උනේ මෙහෙමයි අපි දැන් අර මෝදර හොයාගත්තනේඑත මොකෝ එක හරහට කම්බි දාල . හෙක් හෙක් හෙක් . මේ වීරෝදාර සෙබළුන් දෙදෙනා ඒවගෙන් සැලුනද ? නැ මිත්‍රවරුනි ජීවිතය පරදුවට තබා ඒ අස්සෙන් පින්න තරං මේ කම්බි යටින් පොඩි හිඩැසක් තිබ්බ. ඊට පස්සේ ඉතින් නන්නානේ තමයි. අපි සොයාගෙන ආපු නිධානෙ තිබ්බේ ඒ කම්බි වැට එහා පැත්තේ. ඊට පස්සේ බනිස් කනවා වගේ ලොකු තරගයක් තමයි තිබ්බේ. දෙදෙනා ගෙනාපු සිලි සිලි බෑග් පුරෝ ගන්න එක. එත කියන්න කණගාටුයි පින්වතුනි . අපේ සිලි සිලි බෑග් ඉඩ මදි ඒ වස්තුව අරගෙන යන්න. ඉතින් මක කොරන්නද. පුළුවන් ටරමක් අරගෙන දැන් අපි දෙන්න ආපසු ගමන අරබනවා.
නිකන්ද ?
නැ . සහෝදරවරුනි මහා නිධානයත් අතැතිව. ගා ගත්තු දහ ජරාව ගැන දුක නැතිව ගියා . ඇත්තටම ඇඩුනේ නැති එක විටහ්රයි.

එත අපේ මට අමිලයගේත් අමිලයට මගෙත් හදගැස්ම දැනෙන්න පටන් ගත්තේ හොස්ටල් එක ලං වෙද්දී. කනේ පාරවල් කීයද ? ඔන්න ඕක තමයි මම එන ගමන ගණන හැදුවේ. ඒ කියන්නේ සීනියර් ල කී දෙනෙක් අද ඉනවද කියන එක, එක වැඩි කල දෙකෙන් තුනෙන් . හතරෙන් වැඩි කරන්න හිතුනේ නැ . මොකද හතර වරක් යද්දී සිහිය තියෙයිද සැක හිතුන.

කොහොම කොහොම හරි හොස්ටල් එකට එනං කලින් අපි දෙන්න නිධානෙ හැංගුවා පාලම යට. ඇවිල්ල මුණ අතපය හොදගත්ත . ඇත්තම කියනන් එපැයි . නැවේ නම නැ . එකට හරහට තිබ්බේ කාල සටහන. ඇයි ඉතින් නාන්න දෙන්නේ 5 ටනේ . ඊට පස්සේ අපේ අනිත් උන්ට අපේ මේ වීර්ක්‌ ක්‍රියාව කිවුව. දැන් ඔක්කොටම සිරින්ජර් ඌන වෙලා ඉතින් පාලම යටට ගොහින් අපි ටිකක් අරගෙන ඇවිල්ල . ඒවා බයානක ආයුද බවට පරිවර්තනය කළා.
ඒ කොහොමෙයි ?
දන්නෙම නැද්ද ?
චක්‍ ලැජ්ජයි .
සිරින්ජරේ කටුව කඩනවා මුලින්ම . ඊට පස්සේ බයක් නැ කටුව කාටවත් ඇනෙයි කියල . දැන් ඉතින් වතුර අරගෙන විදිනවා. මහම මහා යුද්දයක් . බෙහෙත් විදලා නාන්න එපැයි කියල කිවුවේ. එත මොන . කනකට ඇහුනේ නැ වගේ නා ගණන්ව , එත අහෝ අපේ මේ යුද්දේ අපේ ප්‍රදාන් සතුරන්ට ආරංචි වෙලා.
අඩේ පොලා මෙහෙ වරෙන්
සීනියර් කෙනෙක් මට කතා කොලා
චෑක් මගේ කාඩ් එක මාට්ටුද මන්දා. ඉතින් මට විතරයා. හැමෝටම කාර්ඩ් එකක් තිබ්බ . ඒවා හදුන හැටි පස්සට.
මමත් ඉතින් දැන් වීරයා මැරිලා වගේ ගියා 7 වසර එකා ගාවට.
මේ මටත් සිරින්ජරයක් දීපන්කො
හැක් මට මෙලොව පරලොව කියන්නේ මොකක්ද අදහ ගණන බැරිව ගියා . ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක් කියල හැමෝටම සිරින්ජර් දුන්න ඔන්න එදා ඉදල දවස් දෙක තුනක් යනකන් මට කනේ පාරවල් තිබ්බේ නැ, හැබැයි ඉතින් යුද්දේනම තිබ්බ සතියක් විතර.

හැක් . කියන්න අමතක උනා. අපිට පස්සේ තවත් අය අපේ නිධානෙ හොයාගෙන යන්න ගොහින් පාලම යටදීම අපේ හොස්ටල් බාර සර් කාරයට මාටු වෙලා ගුටි කෑවා. ඒවා ඉතින් අපි වගේ හොද ප්ලෑන් එකක් නැති කමේ වැරැද්ද.

නේද මම අහන්නේ

coming next :- මල්ලේ පොල්


පාසල් ජීවිතේ - පළමු පරිච්චේදය

මම හරි දඩබ්බරය. කොහේ ගියත් මම ඉන්නේ මට ඕන විදිහටය. පොඩි කාලෙත් එහෙමය. මම ඉතින් එහෙමය කියලා ලෝකේ වෙනස් කොරන්න පුළුවන්ය මට ඕන විදිහට ??????. එහෙම උනානම් තමයි හොද. එත් එහෙම වෙන්නේ නැ කියල තේරුනේ ගොඩක් කල් ගොසින්ය. මගේ මේ දඩබ්බර කම නිසා විදවන්න උන ලොකුම කාල පරිච්චේදේ තමයි වසරක් පුරා විදවපු හොස්ටල් ජීවිතය. 6 වසරේ සිට මලියදෙව යන්න පටන්ගත්තහම තාත්ත හිතුවේ මාව හොස්ටල් නවත්තන එක තමයි හොදම දේ කියල.

 ඒ දවස් වල මම ආසම දවස සිකුරාදා විය .ඇඩේන දවස සදුදා විය. ඒ සිකුරාදා ගෙදර එන නිසාත් ආපසු සදුදා උදෙන්ම හොස්ටල් බලා යායුතු නිසාත්ය. මේ තියරිය ගොඩක් දෙනාට සත්‍යයක් විය. බොරුනම් හොස්ටල් ඉදල තියෙන අයගෙන් අහන්න.

සිකුරාදා 2 වෙනකොට අපේ වැන් එකක් ඉස්කෝලේ තාප්පෙන් එහා පැත්තේ පෙන්න තියෙනවදෝ කියල බලාගෙන තමයි ඉක්කොලේ ඉවර වෙලා හොස්ටල් එක පැත්තට එනකොට බලන්නේ. එදාටනම් වෙනදා මෙන් ඉබ්බොත් එක්ක රේස් යනවා වගේ නෙමෙයි, ජෙට් එකක් එක්ක රේස්  යනවා වගේ තමයි හොස්ටල් එකට එන්නේ.

ඒ දවස වල අපිට වැන් දෙකක් තිබ්බ. එකක් high-roof caravan  එකක් . අනික low-roof high ace  එකක්. caravan එක පාරේ එහා පැත්තේ නවත්තල තිබ්බත් තාප්පෙට උඩින් පේනවා. හැබැයි high-ace  එකනම පෙන්නේ නැ. එහෙම දවස වලට හොස්ටල් එකට එද්දී බාගෙට ඇඩිලා.

කොහොම ආවත් එදාට මට වැඩක් පවරලාය. study room  එක අතුගාන්න මාව දාල තියෙන්නේ එදාටය. senior කියන යක්ෂයින් චුන් එකේ අයිස ගහද්දි අපි තමයි අක්කරයක් විතර ලොකු ශාලාව අතුගාන්න ඕන. සිකුරාදා දිනයට මමත් සමග අපේ වයසින් වැටිලා උන්නේ ගංගානාත කියන පොරක් බව ලාවට මතකය. ගැනියෙක් වගේ උන්නට එක්ව ගොනාට අන්දවා මට පැනගන්න තිබෙන අවස්තාව 1000 න් එකක් වැනිය. අනික 7 වසර අයියලාත් මට පෙන්න බැරිය . එක එහෙම විතරක් උනානම් අවුලක්ම නැතිය. මට වද‍ා උන්ට මාව පෙන්න බැරිය. මම හිතන්නේ අපේ වයසින් එපාම කරපු එකා මම වෙන්න ඇති. වෙන්න ඇති නෙමෙයි මම මේ කන දෙකෙන් එහෙම කියනවා අහල තියෙනවා. කොහොම නමුත් අතුගාන ඒකෙන ලිස්සලා හොරෙන් ගෙදර ගිය දවසුත් අනන්තය.එහෙම ගොහින් ආපහු සදුදා හවස මට විනය පරික්ෂනයක්ය. ඒ 7 වසර සෙට් එක ඉදිරියේය . තැන බාවිතයෙන් ඉවත් කර ඇති පොකුණ ගාවය. පොකුණක් කිවුවට ඒ අහලකින් යානං බැරි තරං පුසුබක්‌ ඒ තුලින් වහනය වේ. හරියටම පාසල අසලින් ගලා යන ''බු ඇල'' තුලින් ගලන පුසුබට එය සමානය.

එසේ අසුවන හැම දිනයකම කනේ පාරවල් 7 8 ක් කෑමට සිදුවේ. ඒ 7 වසර ඉන්න එකාගෙන් එක බැගිනි . කට ගැසීමට ගොස් එකාගෙන් දෙක බැගින් ලැබුණු අවස්තාද නැතිව නොවේ.

එකි මෙකි නොකී රස කතා මෝඩ කතා වීර කතා සමග පස්සේ පොස්ට් එකකින් හම්බ වෙමු. දිග වැඩි උනහම කස්ටිය කියවන්නේ නැ කියල මම දනනවා . මොකද මමත් එහෙමයි.

coming soon next
බු ඇල ඔස්සේ සිරින්ජර් කටු සොයා

Saturday, September 15, 2012

Fb ආදර කතන්දර ------------------

Fb ආදර කතන්දර 
------------------

හායි කියල මුල පිරුවේ කවුද මතක නැ 
chat එකේදී හම්බ උනත් තාම දැකල නැ 
ඉන්නේ කොහෙද සුදෝ කියල මම ඇහුවත් ඇ 
කිවුව අනේ ඒවා මොටද හම්බ වෙනඩ බැ 

දවස් දෙකයි චැට් කෙරුවේ නිදිමරාගෙන 
ආදරෙයිද මම ඇහුවේ හද පුරෝගෙන 
හිතල බලල කියන්නම්කො අයියේ හෙට දින 
කියල එයා අයින් වුනා hope දීගෙන 

පහුවදාම log වුනේ මම ඇයත් ඇති සිතා 
log වුනාම තමයි දැක්කේ උපන්දිනේ කියා 
මොනවද සුදු මට දෙන්නේ තෑග්ගට ඔයා 
එකපාරම එයා අහපි hi නොම කියා 

search කරලා බැලුව හනික රෝස මල් ලොකු 
Google ඒක බුදුවෙන්නට කියාලා මතු 
හම්බවුනා ලොකුම එකක් පාටට තද රතු 
share කළා wall එකේ මෙන්න මගේ සුදු 

like, coment ඒ කිසිවක් දමන්නට කලින් 
ටිකක් දිගට අංක ගොඩක් එවුව chat තුලින් 
අර බැංකුවේ account ඒක වැඩක් නැ මලෙන් 
අමතකවෙයි බැංකු යන්න තුන වෙන්න කලින් 

ගොනා වෙලා මම දිවුවා බැංකු පොත අරන් 
තරු පෙනුනා ඒක හිදිලා සල්ලි නෑලු දැන් 
මක කොරම්ද මම හිතනවා ඔලුවේ අතගහන් 
loan එකක් ගහගන්නවා මාසෙන් දෙනකන් 

ඕන දෙයක් ගන්නකො මගේ සුදෝ කියා 
යැවුවා මම දහ දාහක් මෙන්න මගේ සුදා 
පොටෝ එකක් එවනවද මගේ පනේ ඔයා 
ගෙදර ගිහින් මම යැවුවා හීන දැක දැකා

විනාඩියයි තප්පරයයි දසම දෙකක් ගියා 
පොටෝ එක දැක්ක ගමන මගේ පන ටික ගියා 
එහා ගෙදර කළු කැත ඇගේ නම මැගියා 
පොටෝ එකක් එවල ඒකි off line ගියා