මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Sunday, December 9, 2012

අලුත් ලොවක් සොයා - පළමු පරිච්චේදය [පළමු කොටස ]

මම ගෙදරින් එලියට බැස්සේ ජීවිතේ ගැන හොදටම කලකිරිල. කවදාවත් කසාදයක් ගැන හිතපු නැති මම අන්තිමට අම්මගෙයි තාත්තෙයි බලපෑමට කසාද බැන්දා. නෑ ඇත්තටම සල්ලි වලට මාව විකුණුවා .  කවදාවත් මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ ඉරේෂා වගේ කෙනෙක් එක්ක දීග කන්න . එක දීගයක්ද ? මිනිහෙක් වෙලා ඉන්නේ නමට විතරයි. ඉරේෂා ගේ සල්ලි වලට හැමදාම මට සිද්ද උනේ ඔලුව පාත් කරන ඉන්න. කෑමක් බීමක්‌ හදන්න දන්නේ නැති උනාට නයිට් ක්ලබ් ගිහින් හොදට නටන්න නම දන්නවා කියලා මට ගොඩක් දෙනෙක් කිවුවා. හවස ගෙදරින් පිට වෙන ඉරේෂා ආපහු ගෙදර එන්නේ පාන්දර; එහෙම නැතිනම් දවල් වෙලා. ඒ ගොඩයෙක්. සුකුරුත්තන් සමාජය එපා වුන ගොඩයෙක් . එයා මාව කසාද බැන්දා  නෙමෙයි මාව සල්ලි වලට ගත්තා.

                        මමත් ආදරේ කළා; අවරුදු දෙකක් ආදරේ කළා. ශාලිකා කියනේ ගොඩක් තැන්පත් කෙල්ලෙක්.එත් හරිම දුප්පත් පවුලක වැඩිමහල් දරුවා. අවුරුදු දෙකක් ආදරේ කලත් අපිට  සිද්ද උනේ අන්තිමටම ආදරේට ආයුබෝවන් කියලා ඈත් වෙන්න. ශාලිකා සල්ලිකාර පවුලක නොවුන එකත්, එයාගේ කුලේ අඩු කමත් දැනගත්තු මගේ දෙමවුපියන් අපේ ආදරේ නවත්තන්න නොකළ දෙයක් නෑ . අන්තිමටම අම්මල දිනුවා. මම ජීවිත කාලෙටම පැරදුනා.
                             
                          ඊයේ හවස  ගෙදරින් පිට උණු ඉරේෂා අදත් ගෙදර ආවේ දවල් වෙලා. තනියම නෙමෙයි තවත් කොල්ලෙක් එක්ක. දෙන්නටම තාමත් වෙරි


'' iresha, who is this man ? is hehusband?''

හෝන් සද්දෙට ගෙදර දොර අරින්න ආව මාව දැකල ඒ මනුස්සය ඉරේෂගෙන් ඇහුවේ මම එයාගේ වැඩ ස්වාමි පුරුශයද කියලා

'' oh no suresh, he is my servant ''
ඉරේෂා දුන්න උත්තරේ හෙමින් කනට කරලා කිවුවට එක මට හොදට ඇහුනා.එත් අසරණව බලා ඉන්නවා හැර වෙන කිසිම දෙයක් මට කරනං පුළුවන්කමක් නෑ


ඉරේෂාව ගෙදරට ඇරලපු සුරේෂ් ආපහු යන්න කලින් ඉරේෂා ගෙනත් ඇරලපු ගාස්තුව ගෙවුවේ හාදුවකින්. එකත මම ඉන්නවා කියලා දැන දැනත් කිසිම ගානක් නැතිව. සුරෙශ් නොපෙනි යන තුරුම අත වැනු ඇය ගේ තුලට ඇතුළු වුයේ මටත් රවාගෙනය.

''මම  කියල තියෙනවා නේද තමුසෙට මම එනකොට පෙන්න ඉන්න එපා කියල. සුරේෂ් මොනවා හිතුවද මන්දා , වස ලැජ්ජාව''

''තමුසෙට මාව මිනිහ විදිහට සමාජෙට පෙන්නන්න ලජ්ජනම් මාව divorce කරනවා. මම බලෙන් තමුසෙගෙ ඇගේ එල්ලුනේ නෑ ''

මට තමුසේ තමුසේ  කියන්න තමුන් කවුද ? දැනගන්නවා. මේක මගේ ගෙදර මෙහෙ ඉන්න ඕනනම් මට ඕන විදිහට ඉන්නවා. නැතිනම් තොලොංචි වෙලාම යනවා මට වදයක් නොවී''


තවත් ඒ ගෙදර පාච්චල් වෙවී ඉන්නවට වඩා කොහේ හෝ හිස හැරුණු අතක යන එක හොදයි කියල හිතුනු මම ඇදී වත පිටින් එලියට බැස්සේ ආපසු එම නිවසේ පස් පාන්නේ නෑ  කියල හිතාගෙන. සෙරෙප්පු දෙකක්වත් පයේ නැතිව මම මහා ගෙදර පැත්තට ඇවිදන් ගියේ සිතුවිල්ලක් නැතිවම.

එත් එල පාරම කාර් එකක් ඇවිත් මම අසලින්ම නවත්තුවා

''පුතා''

කාර් එක ඇතුලෙන් සුපුරුදු කට හඩක් මට කතා කළා








4 comments:

  1. කතාව ලස්සනයි අයියේ..ඇත්තමයි..එත් ටිකක් හදිස්සි ගතියක් පේනවා.එකත් හැදුනනම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
  2. ඔන්න අපිත් ආව.
    කතාව ලස්සනයි.ඒත් ගලාගෙන යන වේගේ ටිකක් වැඩියි තමා..

    ReplyDelete
    Replies
    1. tikak me kathawa diga wadi. e nisai odakma mul tika keti karanan hithuwe. eth mam wege adu karala liyannam. thanx pramudi

      Delete