මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Saturday, September 15, 2012

Fb ආදර කතන්දර ------------------

Fb ආදර කතන්දර 
------------------

හායි කියල මුල පිරුවේ කවුද මතක නැ 
chat එකේදී හම්බ උනත් තාම දැකල නැ 
ඉන්නේ කොහෙද සුදෝ කියල මම ඇහුවත් ඇ 
කිවුව අනේ ඒවා මොටද හම්බ වෙනඩ බැ 

දවස් දෙකයි චැට් කෙරුවේ නිදිමරාගෙන 
ආදරෙයිද මම ඇහුවේ හද පුරෝගෙන 
හිතල බලල කියන්නම්කො අයියේ හෙට දින 
කියල එයා අයින් වුනා hope දීගෙන 

පහුවදාම log වුනේ මම ඇයත් ඇති සිතා 
log වුනාම තමයි දැක්කේ උපන්දිනේ කියා 
මොනවද සුදු මට දෙන්නේ තෑග්ගට ඔයා 
එකපාරම එයා අහපි hi නොම කියා 

search කරලා බැලුව හනික රෝස මල් ලොකු 
Google ඒක බුදුවෙන්නට කියාලා මතු 
හම්බවුනා ලොකුම එකක් පාටට තද රතු 
share කළා wall එකේ මෙන්න මගේ සුදු 

like, coment ඒ කිසිවක් දමන්නට කලින් 
ටිකක් දිගට අංක ගොඩක් එවුව chat තුලින් 
අර බැංකුවේ account ඒක වැඩක් නැ මලෙන් 
අමතකවෙයි බැංකු යන්න තුන වෙන්න කලින් 

ගොනා වෙලා මම දිවුවා බැංකු පොත අරන් 
තරු පෙනුනා ඒක හිදිලා සල්ලි නෑලු දැන් 
මක කොරම්ද මම හිතනවා ඔලුවේ අතගහන් 
loan එකක් ගහගන්නවා මාසෙන් දෙනකන් 

ඕන දෙයක් ගන්නකො මගේ සුදෝ කියා 
යැවුවා මම දහ දාහක් මෙන්න මගේ සුදා 
පොටෝ එකක් එවනවද මගේ පනේ ඔයා 
ගෙදර ගිහින් මම යැවුවා හීන දැක දැකා

විනාඩියයි තප්පරයයි දසම දෙකක් ගියා 
පොටෝ එක දැක්ක ගමන මගේ පන ටික ගියා 
එහා ගෙදර කළු කැත ඇගේ නම මැගියා 
පොටෝ එකක් එවල ඒකි off line ගියා

Friday, September 14, 2012

කසාද බැදිල්ල

චුති කොල්ලෙක් :- මම ලොකු උනහම ඔයාවමයි කසාද බදින්නේ
චුති කෙල්ලෙක්  :- එකනම් වෙන්නෙම නැ ඔන්න
කොලු පැටියා    :- ඇයි එහෙම කින්නේ ?
කෙලි පැටික්කි   :- අපේ පවුලේ අය බදින්නේ නෑදෑයෝ විතලයි
කොලු පැටියා    :-හැක්, එක කොහොමෙයි අනේ වෙන්නේ. ඔය මත පච කින්නේ
කෙලි පැටියා     :- බෝලුනම් බලන්න
                           අපේ සියා බැන්දේ අපේ ආච්චිව
                           අපේ තාත්ත බැන්දේ අපේ අම්මව
                           නැන්ද බැන්දේ මාමව
                           පුංචි බැන්දේ බාප්පව
                           ඉතින් අපි දෙන්නට බදින්න වෙන්නේ  නැ ඔන්න හලිය
                       

Thursday, September 13, 2012

කවුරුත් දන්නවා ඇත face book එකේ සාස්තර ගැන . අහල නැතිනම් අදම මේ ලින්කුවට ගොහින් අහල බලන්න . ඒ සාස්තර අයියගෙන් මමත් සාස්තර ඇහුව . මේ කතාව නම මම අහපු එකක් නෙමෙයි . ඔයාලට කියවද්දී තේරෙයි කවුද මේ කියල. සාස්තර අයියගේ සාස්තර අනිත් අයට සැබෑ වුනාද නැද්ද දන්නේ නැ . හැබැයි මේකනම් සැබෑ වුන සාස්තරයක් ගැනයි . මේක ඒ අහපු එක්කෙනාගේම වචනෙන් මම දැන් දාන්නම්.


මම මේ කියන්න යන්නේ මගේ ජිවිතේ ලස්සනම් දවසක් ගැන . මම පොඩි කාලේ ඉදල ආසයි වැස්සේ තෙමෙන්න. මම ආදරේ කරන මගේ ආදරවන්තයත් දන්නවා ඒක. දවසක් face book  එකේ සාස්තර අයියගෙන් මම සාස්තරයක් ඇහුව. මතක විදිහටනම් සාස්තරේ තිබ්බේ මෙහෙමයි.
ඔවු මට පේනවා *****නංගි **** මල්ලිත් එක්ක වැස්සේ තෙමෙනවා. පොඩි කුඩේ මදි දෙන්නට වැස්සෙන් බේරෙන්න.

ඒ සාස්තරේ අහද්දී මට දැනුනේ අනේ ඒ සුන්දර දවස උදාවෙනවානම් කියල. ඇත්තටම ඒ සුන්දර දවස උදාවුනා. ඇතුගලේ තේජසිං බැබලෙන ඇතුගල්පුරවරයේදී දවසක් මමයි මගේ ආදරවන්තයයි හම්බවුනා .කතා කරගත්තු විදිහට මම බස් ඒකෙන බැහැල එද්දිම එයත් බයික් ඒකෙන බැහැලා හෙල්මට් එකත අතේ අරන් හිනාවකින් මුණ පුරෝගෙන මගේ ලගට  ආව. මට අදටත් ඒ දවස, ඒ මොහොත  මැවිලා පේනවා. පුදුමේ කියන්නේ වැස්සක සේයාවක්වත් තිබ්බේ නැති අහස ඒක පාරම මල වැස්සක් වහින්න පටන් ගත්ත . සාස්තර අයිය කිවුව වගේම මගේ පොඩි කුඩේ ඉඩ මදිවුනා අපි දෙන්නටම. ඊට පස්සේ කුඩේ අකුලාගෙන අපි දෙන්න හිනාවෙවී ඒ මල වැස්සේ තෙමිගෙන කඩයක් අයිනට ගියා.වැස්ස ටික ටික වැඩි උනා . වැහිපොදින් බේරෙන්න එයා ලගට වෙලා ඉද්දි එය‍ා මගේ දිහා බලේගෙන උන්න විදිහට මගේ මුළු ඇගම  හිරිවැටිලා ගියා  . අදටත් ඒ ආදරණිය බැල්ම අමතක් කරන්න බැ. මං එයා ලග ඉදී මට දැනෙන ආදරය, ආරක්ෂාව වචනෙකින් කියනන් මට තේරෙන්නේ නැ . මං නිකන් පොඩි එකෙක් වගේ කියල මට දැනෙනවා .



ඔන්න ඔහොමලු උනේ ඔන්න . හැබැයි මේ දෙනන්ට එකතුවෙන්න නම බැරිඋනා. පෙර අකුසලයක් පල දුන්නදෝ කියල මට හිතෙනවා. ඒ උනත් දෙන්නා ගවු ගානක් ඇතක උන්නත් දෙන්නට දෙන්න තාමත් ආදරේ කරනවා. එත්  නීතියෙන් සමාජ සංස්කෘතියෙන් ඒ දෙන්න දැන් ඈත් උන දෙන්නෙක්







එක රජ කුමාරයෙක්

ඔන්න එකෝමත් එක කලෙක උන්නලු කුමාරයෙක් . ඒ කුමාරයා ඉතින් මැල්ලු හරිය
. ඔය ඉතින් හැක හැක ගගා හිනා වෙන්න එපා. එහෙම උනොත් මම කතාව කියන්නේ නැ
 .
 .
 .
 .
 හ්ම ඔන්න ඔහොම කට පියාගෙන අහගනිල්ල ඔන්න. ඉතින් ඒ කුමාරයාට විරහ දුකක් සිද්ද උනාලු .
 එක වෙනම කතාවක් හරිය එක පස්සේ කියන්නම්
 . දැනට මේක අහගනිල්ලකෝ . ඉතින් ඔහොම ඉන්නකොට ඉන්නකොට එක දවසක් එක්තරා කුමාරිකාවකගේ පියෙක මේ කුමාරයා ගැන පැහැදිල කුමාරයාගේ පිය රජතුමා අමතල තමන්ගේ දොනියන්දව මේ කුමාරයට සරණපාවල දෙන්න කැමැත්ත ප්‍රකාෂකලාලු .
 එහෙම එකපාරම කැමැත්ත ප්‍රකාශ කොරල නවතුනානම් මදැයි. ජන්ම නැකත්පත්‍ර ත් ඉල්ලාපිකෝ ගහෙන්ගෙඩි එන්නයි වගේ. ඒ මදිවට දායාදයත් එක කෝල් එකකින්ම තීරණය කරලා කියපිය නේද. ගොඩින් අක්කර 5
මඩින් දෙන්න වෙලාවට ඉඩන් තිබිල නැ
 මාලිගාවක්
 දඩුමොනරයක්
 දහසින් බැදී පියලි .
 දන මේ කුමාරයට හෙනම අප්සට්ටුව කවදාවත් දැකල නැති කෙල්ලෙක්‌ එකක් දීගකන්න කොහොමටවත් හිත හදාගන්න බැරිලු ඉතින් . අනික විරහ වේදනා විදින කොට ඔය මගුල්තුලා  කොහොමටවත් හරියන්නේ නැ කියලමයි හිතෙන්නේ ඔන්න .
 ඔන්න ඉතින් කුමාරයා කල්පනා කොරනවා කොරනවා මේක නවත්තන් විදිහක්.එත කම්පනාවට එනෙන්ම නැතිලු.කොහොමත් මේ කුමාරයා ඉන්නේ ගෙදර නෙමෙයිලු. මේ දුක්ගැනවිල්ල තමන්ගේ නන්ගියටවත් කියනන් ඕන කියල හිතාගෙන මේ කුමාරයා මොකටත් කියල එස එම එස එකක් කෙටුවලු
තාත්තට කියපන් බං ඒ කෙල්ල කැතම කැත කළු මහතා ඉරියක්‌ වගේ කියල
ඔන්න ඔහොම එස් එම් එස් එක කොටලා යවුවලු . . අනේ වාසනාවන් කියන්නේ මෙහෙමත් නංගිලා ලැබෙන්න පින් කොරන්න ඕන ඔන්න . අපේ නංගිය ඒ එස් එම් එස් එක කට්ටියම ඉන්න තැන හඩ නැගල කියෙවුවලු . අපේ තාත්තගේ වේදරුපිඩක් වැනි හදවත් උනුවෙලා ඒ කසාදෙ කන්සොල් කරලා දැම්මලු. . ඔන්න ඔහොමයි ඒ කුමාරයා ඒ කරදරෙන් ගැලවුනේ ඔන්න්න

ගැහුව හැටි ඔන්න ඔහොමලු

එදානම් මම ෂානි නංගිලාගේ ගෙදර ගියේ ගහනවමයි කියලා හිතාගෙන. එදා ගෙදරත් කවුරුවත් නෑ. අපි දෙන්නා හිටියේ දෙපැතෙන් වාඩි වෙලා. නංගි කිව්වා අයියේ ඔයා කඩන්න කියලා. මමත් ඉතින් ගැහුවා විතරයි රතු පාට එක ගියා. ර්‍රට පස්සේ අපි මාරුවෙන් මාරුවට ගැහුවා. අන්තිමේ මගේ සුදු පාට ඒවා ඔක්කොම ගියා එදා තමයි කැරොම් අතින් මම දිනුම්.
බොල්ග් ලියන එක මට කම්මැලීම සීන් එකක් උන නිසාත්. බොල්ග් ලියනවට වඩා දුක උහුලන්න උන නිසාත් බ්ලොග් එකට පොස්ටු දාන එක එපාම වෙලා උන්නේ අර තරියාගේ කෙරුවාව කියල පට්ටම පට්ට බ්ලොග් එකක් කරන අපේ තරිඳු අම්බෙසිංහ කියන සහෝදරයයි ෂෙනාල් විජේසිංහ කියන සහෝදරයයි මතක කල නිසා අයෙමත් පටන් ගත්ත. පට්ට විදිහට බ්ලොග් ලියන්නනම් දන්නේ නැ. ඒ වගේම බ්ලොග් එක පට්ට විදිහට දිස් කොරනං දන්නෙත් නැ . දානං විදිහට ඔන්න ඔහේ ලියනවා . එහෙනම් ජිවිටහ්ය රසවිදිමු LivE එක්ක

Wednesday, September 12, 2012

මේකිගේ තියෙන සැකේ

ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ… කාගෙද බං…. ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි. එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ. උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ? මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල. ඉතිං…. ? එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්. ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ? ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං. එහෙනං… ? කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං. ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද? උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල. නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ. ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට. ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි. සර්.. මොනවද ගේන්නෙ ? අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි. අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්. එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ? ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං. ඒ කිව්වෙ ? හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත. උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න. මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්. උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව. හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ.. ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ? හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි. ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි….. ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං… හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද? නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ. පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො.. ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න…. මචං.. උඹ බීෆ් කනව නේද ? අවුලක් නෑ.. එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න.. හරි සර්.. ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ? අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල. උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ? උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ? තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් …..