මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Showing posts with label බුකියේ කතා. Show all posts
Showing posts with label බුකියේ කතා. Show all posts

Monday, December 30, 2013

Face Book ෆේක් ලෝකේ කතා අංක දෙක

දවසේ වැඩ කටයුතු එහෙම අහවර කොරලා බුකි ගත උනා නාලම. පුරුද්දක් වශයෙන් චැට් ඩිසේබල් කරලා තමයි ලොග් අවුට් වෙන්නේ. කොහොමත් ඉතින් මම චැට් ඔන්ලයින් දානවා අඩුයි ඔන්න. කොහොමෙන් කොහොම හරි එදා මට හිතුනා චැට් ඔන්ලයින් දැනට කියලා
.
දාපු සැනින් ආව මැසේජ් එකක් . අනේ මමත් දුක සැප අහන්න වෙන්න ඇති කියලා නම නොබලාම ඕපන් කොලා චැට් එක
.
'' මචන් තරහ නැතිව වොට් එකක් දෙවෙනි ඔප්ෂන් එක ''
මට මරාගෙන කන්න තරඟ තරහවක් ආවේ ඔන්න . පස්සේ අමතක් උනේ අද සිකුරාදා නේද කියලා
.
සාමාන්‍යයෙන් බුකියේ ගොඩක් ය සිකුරාදාට චැට් ඕන ලයින් දාන්නේ නෑ මොකද හේතුව සිකුරාදා කියන්නේ රෙස්ලින් ඈයන්ගේ වොට් හිගා කන දවසක්
.
කොච්චර රෙස්ලින් මනුස්සයන් අයින් කරත් කොහෙන් ආපහු කඩා පාත් වෙනවද මන්දා. වොට් ඉල්ලගෙන එද්දී රෙස්ලින් ගෘප් එකේ නෑ මචන් කිවුවොත් හරි වොට්නම් ඉල්ලන්න එපා බන් කිවුවොත් හරි අපේ රෙස්ලින් ඈයෝ හුප් පදෙත් කියලා බැනගෙන යන අවස්තානම් බොහොමයි ඔන්න.
.
මමත් කළා පාර්ලිමේන්තුව කියලා ගෘප් එකක්. එකෙත් චන්ද ඉල්ලලා තමයි ඇමතිකම් එහෙම දුන්නේ. එත් චන්ද ඉල්ලගෙන යද්දී ගොඩක් අය කැමති නෑ වදයක් වෙනවට, ඒ නිසාම මගේ  පාර්ලිමේන්තුවත් මම වහලා දැම්මා.
.
දෙයක් කරද්දී අනිත් ය ගැනත් හිතනවානම් තමයි හොද.
රෙස්ලින් ඈයෝන්ටනම් කොච්චර කිවුවත් චන්දෙනම් නවත්තන්නේ නෑ. එහෙම උනා කියලා අපිනම් චන්දෙ දෙන්නෙත් නෑ :/
.