මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Sunday, December 16, 2012

අලුත් ලොවක් සොයා - පලමු පරිච්චේදය - තෙවන කොටස

පළමු කොටස 
|දෙවන කොටස 

ආවේගයෙන් වාහනයට ගොඩ උනත් යන්නේ කොහෙද කියා කිසිම හැගීමක් තිබ්බේ නැ. ගේට්ටුවෙන් එලියට ආපු සැනින් දෙවරක් නොහිතාම නගරය දෙසට හැරවුනේ පෙර පුරුද්දට වෙන්න  ඇති. පාරට කාර් රථය දමන විට පාර දෙපසවත් බැලීමට මට නිච්චියක් උනේ නෑ .පාරේ අනෙක් පැත්තෙන් ආ වාහනය ක්රාස් සද්දෙන් බ්රේක් කරනවා ඇහුනත්  ඒ දෙස පැති කන්නාඩියෙන් වත් බැලීමට හිතුනෙ නෑ. ආ වේගය දෙගුණ තෙගුණ කරමින් මම පාරේ ගියේ හරියට රේස් පදිනවා වගේ. කොහොමත් මට පොඩි කාලේ ඉදල තිබ්බේ රේස් උන. කොම්පියුටර් එකෙත් කොයි වෙලාවෙත් කාර් රේස් දෙක තුනක්ම දාල තිබ්බේ. වාහනයක් අතට ගත්තු හැම වෙලාවකම මට ඕන උනේ ඒ ගේම් වල වගේ ඉගිල්ලෙන්න. එහෙම ඉගිල්ලෙන්න ගිහින් අතපය කඩාගෙන මාස ගණන දුක විදලා තිබ්බත් ආයේ අයෙත් කලේ ඒ දේමයි.

        මිනිත්තු කීපයකින් ටවුන් එකට මම ආවේ කිසිම අනතුරක් උනේ නැති හින්දා. වෙනදාටත් වඩා වේගෙන් ආවත් මගේ කරුමෙට හැප්පුනේ නෑ. කොච්චර් වේගෙන් ආවත් බාර් එක ලගදි වේගේ අඩු උනේ අයි කියලා මටම හිතාගන් බැරි උනා. හරියට වෙනත් කෙනෙක් මාව පාලනය කරනවා වගෙයි කියල අටම හිතුනා. පුරුද්දක් විදිහට මම බොන මනුස්සයෙක් නොවුනට මම වාහනෙන් බැහැලා බාර් එකේ කවුන්ටරේ ලගට ආවා . වාහන වෙලාව ලග හින්දද මන්දා කවුරුත්ම වෙන හිටියේ නෑ . වෙනද බියර් විතරක් බීපු මට බාර් කවුන්ටරේ ලගදි විස්කි බාගයක් කියලා ඉබේම කියවුනා. බාර් එකේ ඉදන් වාහනේට එනකොට වඩේ කරත්ත කාරයෙක් යනව් දැක්කේ අහම්බෙන් වගේ. දුවල ගිහින් වඩේ ටිකකුත් අරගෙන වාහනේට ගොඩ උනා. වාහනේ ඉදගෙන බොන්න මට හිතුනේ නෑ . රෑ වෙලා උනත් ටවුන් එකේ එලිය වැඩී. මට තනිවෙන්න ඕන උනා. ඒ තනිකමට හරියන තැනකට තිබ්බී වැවු බැම්ම.
             
     
                       තවත් විනාඩි දෙක තුනක් යන ඇති මට වැවු බැම්ම උඩට එන්න. වැවු බැම්ම උද තිබිච්ච රූස්ස ගහක යට වාහනේ නවත්තපු මම කාර් එකේ දොර අරගෙන වැව දිහා බලාගෙන විනාඩියක් දෙකක් උන්නා. මගේ දයිවය ගොඩක් නපුරුකම් කරනවා නේද කියලා මටම හිතුනා . මරෙනං කියල හිතාගෙන ආවත් මැරෙන්න හිතක් නෑ දැන් මට එත් මේ හැමදේම අමතක කරන්න බෙහෙතක් මට හම්බ වෙලා දැන්. විස්කි බාගේ අතට ගත්තට පස්සේ තමයි මට මතක උනේ බොන්න වීදුරුවක්වත් කලවන් කරනං සෝඩා කෝලා මොකුත් නැනේ කියලා. බාගේ බෝතලේ මුඩිය ඇරපු මම බෝතලෙ කටේ තියාගෙනම උගුරක්‌ හලාගත්තා.
උගුරට වැටිච්ච විස්කි උගුර ඇග ඇතුලෙන් බඩවැල් දිගේ පිච්චීගෙන යනවා. ලොකු ආශ්වාදයක් , ආසාවක් මට ඇති උනේ. එත් කටට මොකක්දෝ අමුත්තක් දැනුනා. වඩේ කරත්තෙන් ගත්තු වඩයකින් කෑල්ලක් කඩාගෙන කටේ දාගත්තේ ඒ අප්‍රසන්න බව නැති කරගන්න.

          තනිවෙන්න කියලා හිතාගෙන ආවත් මට තනිකම එක්ක පාළුවක් දැනුන නිසා රේඩියෝ එක දැම්මා.
පෙර එක දවසක සඳ නැති සවසක
නුබ මා සමුගත් ඉවුරු තලාවේ
යලි අප හමු වේවා !!!
යලි අප හමුවේවා  !!!

මිල්ටන් මලල්වාරච්චිගේ ඒ සින්දු විස්කි වලට වඩා මගේ පපුව පිච්චුවා. ශාලිකා එක්ක මම මේ වැවු බැම්මට කොච්චර ඇවිල්ල ඇද්ද. කොච්චර වෙලා ආදරෙන් වේලිලා ඉන්න ඇද්ද . දරාගන් බැරි දුකකින් මගේ පපුව පිච්චෙනවා. ඒ හිතේ ගින්දර නිමන්න මම තව විස්කි උගුරු දෙක තුනක්ම දැම්මත් ඒ ගින්න එනං එනං වැඩි උනා මිසක්ක අඩු උනේ නෑ. ඒ සින්දුව ඉවර වෙනකොට මම විස්කි බාගේ බෝතලෙන් බාගයක්ම හිස් කළා. කලින් තිබ්බ අප්‍රසන්න ගතිය දැන් කොහේ ගියාද කියල හිතාගන් බෑ. ශාලිකාගේ මතකය ආවර්ජනය කරමින් මම මුළු විස්කි බාගේ බෝතලේම හිස් කළා. එත් මගේ හිතේ ගින්න තාම නිමිල නෑ.

''මට තව  බොන්න ඕන '' මම මටම කියාගත්තා

වෙරි  මා ගාතේම කාර් එකට නැග්ග මම වැවු බැම්ම දිගේ ඉස්සරහට ගියී ආපහු හරවගන්න  තැනක් හොයාගෙන. එත් ටික දුරක් යද්දී මගේ ඉසරහට වාහනයක් ආව. පාර හාස්‍ කරගෙනම නැවැත්තුව. ඒ එක්කම මටත් නවත්තන් උනේ වෙන කරනං දෙයක් නැති හින්දයි  ඒ වාහනෙන් දෙන්නෙක් බැහැලා මගේ පැත්තට එනවා ලයිට් එළියෙන් දැක්කා.

'' මහත්තයා බහිමු බලන්ඩ කාර් ඒකෙන්''

''මාව බස්සන්න තමුසෙලා කවුද ඔයි''

'' අපි කවුරු කියලද හිතන්නේ ?''


3 comments:

  1. මහත්තයෝ අපි පොලිසියෙන් වගේ..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete