මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Tuesday, December 11, 2012

අලුත් ලෝකයක් සොයා - පළමු පරිඡේදය . දෙවා කොටස

''තාත්තා''

මට ඉබෙම  කියවුනා . නොහිතාම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මට කෑ ගහල අඩන්න හිතුනා; ඇයි තාත්තේ මට මෙහෙම කලේ කියලා කෑ ගහල අහන්න හිතුනා . එත් මගේ කටට වචන ආවේ නෑ . ඉබේම මම බොනට්ටුව මත අත්දෙක තියා ගත්තා . බොනටුව ගිනියම් වෙන්න  රත් වෙලා. එත් ඊට වඩා මගේ හිතේ දුක වැඩී. ඇස් දෙකෙන් කදුළු හෝ ගාලා වැටෙනවා . මට මම ගැනම ලැජ්ජාවක් හිතුනා.

''ඇයි මේ දුකෙන් , ගෙදර ආයෙමත් ප්‍රශ්නයක් උනාද ? නගින්න කාර් එකට අපි ආපහු ගෙදර යමු''

''මට ඒ අපායට ආපහු යන්න බෑ තාත්තේ, අපි මහ ගෙදර යමු''

''හ්ම; නගින්නකො, අපි යනගමන් කතා කරමු''

දොර ඇරගෙන මම කාර් එකට ගොඩ උනා. යන ගමන් මම තාත්තට ඔක්කොම විස්තරේ කිවුවා. එත් තාත්තා එක වචනයක් කිවුවේ නෑ. එයත් මමත් දෙන්නම කල්පනා ලෝකව වල අතර මන වෙලා උන්නා.ටික වෙලාවකින් අපි දෙන්න මහ ගෙදරට ලං උනා. කාර් ඒකෙන බහින කොට අමමා මල් ගස් වලට වතුර දදා ඉනන්ව දැක්කා. එත් මට අමමා  එකක් කතා කරනං හිතුනේ නෑ. මම කෙලින්ම කාමරේට ගියා. කාලයක් පාවිච්චි නොකලත් ඒ කාමරේ වෙනදා වගේම ලස්සනට අදත් තියෙනවා. අම්ම හැමදාම අස් කරනවා ඇති. කාරේට ආව ගමන මම ඇදේ හාන්සි උනා.

''ඇයි පුතා කලින් නොදන්නම ගෙදර ආවේ? කෝ ඉරේෂා ? එයා අවේ නැත්තේ මොකෝ ?

අම්මා තාත්තාගෙන් ප්‍රශ්න වැලක්ම අහනවා. එත් මට අහගෙන ඉන්න ඕනකමක් තිබ්බේ නෑ. කෝට්ටෙන්  මුණ වහගෙන මම නිදාගන්න උහ්සහ කළා.

*********************************************************************************

''පුතා තාමත් නිදිද ? එන්න කෑම කන්න''

'' බෑ අම්මේ, රෑටම කන්නම් ''

'' රෑ ?, ඉතින් ළමයෝ දැන් රෑ තමයි. මුණ හෝදගෙන කන්න එන්න''

දොර රෙද්ද මෑත් කරලා කතා කරපු අම්මා යන්න ගියා. දන්නෙම නැතිව මට හොදටම නින්ද ගිහින්.

 එත් ඇයි අම්මා මගෙන් ඉරේෂා ගැන ඇහුවේ නැත්තේ ?
 තාත්ත කියල නැතිව වද්ද?

මගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක්‌ මටම වද දෙනවා. එහෙම හිත හිතාම මම මුණ හෝදගෙන කෑම කන්න මේසෙට ගියා. උරුදු විදිහටම අම්මයි තාත්තයි දෙන්නම මෙසේ එක ලග වාඩි වෙලා. එයාලගේ ආදරේ කොච්චර සොදුරුද ? මම කවදාවත් දැකලා නෑ අම්මවත් තාත්තවත් තනි තනියෙන් ගමනක් යනවා. පැක්ට්‍රියේ වැඩකට ඈතක ගියත් අමම්වත් එක්කගේනමයි යන්නේ. ඒ තරමටම ඒ දෙන්න එකට බැදිලා. එත් ඉරේෂයි මමයි අහසට පොලව වගේ.සිතිජයේදී එකතුවෙලා ඉන්නවා  පෙනුනත් ඒ අහස පොලවා කවදාවත් එකතුවෙන්නේ නෑ. කඩදාසියක අත්සන් කලාට අපි අපේ වෙලා උන්නේ කවදද කියල දන්නේ ඉරේෂත් මමත් උඩ ඉන්න දෙයියොත් විතරයි . කසාද සහතිකේ සැමියා විදිහට අත්සන් කලත්; අද මම ඉරේස්හගේ වැඩකාරයා
                 
'' ඇයි පුතා බෙදාගෙන කන්නකෝ ''

මගේ මනෝ ලෝකෙන් ඇදලා ගත්තේ අමම්ගේ කට හඬ. එත් මම බෙදාගන් කලින් අම්ම පිගානට බත් බෙදුවා. ඉස්සර වගේම තමයි රුවන්වැලි සෑය විතරයි අමමා  මට බෙදන බත් එකට පරාද. හෙමින් හෙමින්  බත් කටවල් දෙකක් තුනක් කෑවත් අම්මවත් තාත්තාවත් තාම එක වචනයක් ඇහුවේ නෑ ප්‍රශ්නේ ගැන. ඇත්තටම වෙන පවුල්වල ගෑනු මිනිස්සුරණ්ඩු උනහම තරහ වෙලා ගේ දාලා යන්නේ භාර්යාව. එත් මිනිහෙක් උනත් දයිවයේ සරදමට ඒ භාර්යාවගේ තත්වෙට පත්වෙලා ඉන්නේ මම. මට මම ගැනම දුකයි, ඒ වගේම මම ගැනම තරහයි. අම්මලා කරලා දුන්නත් ඇයි මට කොන්ද කෙලින් හියාගෙන පවුල් කන්න  බැරි උනේ ? දයිවයද ඒක. නෑ සල්ලි වල බලේ. ඉරේෂලගේ  සල්ලි මගේ පිරිම කම මිලදී ගත්තා. ශාලිකා එකක් ලස්සන කුරුළු කුඩුවක් හදන්න හීන මවපු මම අන්තිමේදී ඉරේෂගේ වහලෙක් උනා .

''පුතා , අත ගගා ඉන්නේ ඇයි? කෑම ටික කන්නකෝ. දවල්ටවත් කාලා නෑ නේද ?
අපි කෑම කාල ඔය ගැන කතා කරමු දැන් කල්පනා නොකර කන්නකෝ''

අම්මා අයෙත් කියවනවා . තවත් බත් කටක් දෙකක් කාපු මම අත හෝදගෙන එලියට ආවා. කරනං දෙයක් නැති කමට ඉබේම අහස දිහා බැලවුනා. ඒක වලාකුලක් නෑ. අද අමාවකද මන්දා අහස හොදට පේනවා  තරු කැට ගන්න කරනං පුළුවන් තරමට අහස පැහැදිලියි. තරු රටා දිහා බලාගෙන මම මිදුල වටේ ඔහේ ඇවිද ඇවිද උන්නා.

'' පුතා මොකද දැන් කරන්නේ ?''

|මනෝ ලෝකෙන් මම ආපහු ආවේ තිගැස්සිලා. අමම්යි තාත්තයි දෙන්නම ඉස්තෝප්පුවට ඇවිල්ලා.

'' මම ඉරේෂගෙන් දික් කසාද වෙනවා අම්මා. තවත් මට එයත් එකක් ඒක වහලක් යට ඉන්න බෑ.''
මම ඒක හුස්මට කියවගෙන ගියා.

''එහෙම කියල පුලුවන්ද ළමයෝ, මොන වුනත් ඒ ඔයාගේ ගෑනි දැන්. ඔයා ටිකක් ඉවසන්න . ඉරේහා හැදෙයි''

'' හැදෙයි?, එහෙනම් මකවලා තමයි හදනන් වෙන්නේ. දනන්වද අම්මා; ඉරේෂට මාව පෙන්නේ දාසයෙක් විදිහට. එහෙම සලකන ගෑනිත් එකක් මට පවුල් කන්න  පුලුවන්ද ?''

අම්මා නිරුත්තර උනා.

'' එත් දරුවෝ ඒ ළමයාගෙන් ගත්තු දෑවැද්ද? අපි ඒක ගෙවන්නේ කොහොමද ?'' මම ඒ සල්ලි ඔක්කොම පක්ට්‍රියට යෙදෙවුවා.''

''තාත්තලට ලොකු උනේ දෑවැද්ද, එහෙම නැතිව මගේ සතුට නෙමෙයි. එකට මම ජීවිතෙන් දැන් වන්දි ගෙවනවා. අඩුම ගානේ මට දික්කසාද වෙන්නවත් දෙන්නේ නැතිනම් මම වහ ටිකක් කාලා මැරෙනවා''

එහෙම කියාගෙන මම ගේ අතුඅට ආවේ ගොඩක් තරහින්. අම්මා තාත්ත නොවුනානම් ඇත්තමයි ඒ දෙනන්ව මරන්න තරන් තරහක් මගේ හිතට ආවේ. ඒ වගේම ලොකු කලකිරීමක් මට ඇති උනේ. මෙච්චර දෙයක් වෙලත් අම්මල තාත්තල තාමත් මම ගැන හිතන්නේ නෑ. ඒ අය වෙනුවෙන් මම කොච්චර කැපකිරීම කලාද ? ශාලිකා, මම පන වගේ ආදරේ කරපු ශාලිකා මම නැති කරගත්තා. මගේ නම්බුව මම ඉරේෂට වික්කා. එහෙම කරලත් තාමත් මම ගැන කිසිම කැක්කුමක් අම්මලට නෑ. මගේ මුළු ඇගම ගිනිගනන්වා වගේ. කාර් එකේ යතුර ගත්තු මම කෙලින්ම ගියේ ගරාජ් එකට. කාර් ඒක පණගන්වන සද්දෙට අම්මයි තාත්තයි දෙන්නම ඒ පැත්තට දුවගෙන ආවා.

''කොහෙද මේ රෑ වෙලා යන්න  හදන්නේ?''

''මැරෙන්න''







3 comments:

  1. ලස්සනට ලියනවා ඇ..මේ හදිස්සියේ මැරෙන්න එපෝ..ඉතුරු ටික ඕනා අපිට..:)

    ReplyDelete