මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Wednesday, February 13, 2013

තවත් එක හීනයක්‌

හෙට ඉදලවත් පාඩන් කරන්න ඕන, ඇයි දෙයියනේ විබාගෙට තව දවස් කීයද???

පොතක් අතින් අල්ලලා නෑ. විබාගේ කොට උඩ ගියොත් බෙල්ල වැල දාගෙන තමයි මැරෙන්න වෙන්නේ.

පන්තියේ වාර විබාග නැති උනාට මොකෝ අවුරුද්දේ අන්තිමට් විබාගයක් තියෙනවනේ. ඒකටවත් පාඩන් කලේ නැති මට a/l  ගැන හිතෙද්දි බඩ පපුව දනවා. ඔන්න දැනුත් පපුව දාගෙන යනවා. 


ඔහොම හිත හිතා ඉදලා බෑ දැන්ම පාඩන් කරනං ගන්න ඕන.  එහෙම හිතලා මම ඇදෙන් නැගිට්ටා. එත් කෝ මගේ පොත්?????

හැක් මම දැකල හින්නේ හීනයක්‌ නේද ? ? ? ? ?  අනේ මම මේ හීනේ මීට අවුරුදු 6 7 කට කලින් දැක්කනම්. අද මම මිනිහෙක්. 
 විබාගේ කාලේ නැටුව පිස්සුවක්නම් නෑ. හැබැයි විබාගේ කියල කරපු දෙකත් නෑ. අන්තිමේදී යාන්තමට පාස් උනා. පොතක් අල්ලන්නේ නැතිව එහෙම පාස් උනානම් මම පාඩන් කලානම් අනිවා අද ජපුරේ අන්තිම අවුරුද්දේ. මමත් එක්ක එකට ඉදපු එකම එකා අද ජපුරේ. අද පට්ට කෑල්ලකුත් දාගෙන සැපට ඉන්නවා.

උයි මමයි අපේ පන්ති බාර රන්ජිත් සර් (පින්තුව) ගෙන කොච්චර බැනුම් අහල ඇද්ද????? හැබැයි සර් උනත් මම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන උන්නේ. එත් මම රිසල්ට් කියන්නවත් ගියේ නෑ. එක සර් පන්තියේදී කිවුව කියලත් මල්ලි කෙනෙක් කිවුවා. එහෙම කියලවත් මම ගියේ නැ. රෙද්දක් ඇදගෙන ඒ මනුස්සයාගේ මුණ බලන්නේ කොහොමද මම ??????

ඒ ලෙවල් පන්තියට ආපු දවස් වල මම තරං උනන්දුවෙන් වැඩ කරපු කවුරුත් හිටියේ නෑ මගේ හිතේ. හැම දේම වෙනස් උනේ මේ හොටෙල් එක නිසා.

තාත්තා හොඑල් එකක් හදනන් ගත්තේ මම ඒ ලෙවල් කරනං ගත්තු අලුතමයි. එදා ඉදන් මට උනේ විබාගේ ගැන හිතානං නෙමෙයි. හොටෙල් එකේ වැඩ ගැන හිතන්න. සමහර දවස් වලට සිමෙන්ති යකඩ ලොරි ගණන ගෙනල්ලා බානවා. එහෙම දවස් වලට ඒවා මුර කරනං ඉදිරිපත්වෙන්නෙත් මමමයි.

රෑ වෙලා බත් එකකුත් බැදගෙන යාලුවෙකුත් එක්ක ඇවිල්ල හොටෙල්  එක හදන තැන නවතිනවා.( එහෙම එනකොට සිගරට් දෙක තුනකුත් වරදින්නේ නැ) පාන්දර වෙනකන් ඔහේ බුත කරලා පාන්දර ගෙදර යනවා, ගිහින් ඇදගෙන ආපහු හොටෙල් එකේ සයිට් එකෙන්ම බයික් එක දාලා බස් එකක එල්ලිලා ඉස්කෝලේ යනවා. රෑ එළිවෙනකන් නින්දක් හරියට නැති නිසා නින්දේ අඩුව පුරෝ ගන්නේ ඉස්කෝලෙන් තමයි. ආපහු ඉස්කෝලේ ඇරිලා එන්නෙත් හොටෙල් එක හදන තැනට. එතනත් හවස් වෙනකන් ඉදලා ගෙදර ගිහින් බත් එකක් අරගෙන අආපහු හොටෙල් එකේ වාඩියේ.

ඔන්න ඔහොමයි මම විබාගේ ලිවුවේ. එහෙම කරලත් c c s s ගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි මට.එත් ආයේ ලිවුවනම් කියලා හිතෙන වාරණං අනන්තයි. ගිඅ දේ ගියා දැන් ඉතීන වෙන දෙයක් බලාගෙන ඉමු

(මේ දවස් වල ටීවී එකේ ටියුෂන් කාරයන්ගේ ඇඩ් හින්දද කොහෙද ආපහු විබාගයක් මතක් උනේ ) 

4 comments:

  1. ඒලෙවල් පටං ගත්ත අළුත මාත් හෙන වැඩ්ඩෙක් තමා බං...

    ReplyDelete
    Replies
    1. පහු පහුවට කොහු කොහු

      Delete
  2. ආපෝ ආය නං එපා

    ReplyDelete