මමත් එක්ක එකට ඉන්න අය

WEL COME

Saturday, August 3, 2013

Face book ෆේක් ලෝකේ - කතා අංක එක



අද උදේ  මම ඇහැරුනේ  කාමරෙ අතුලෙන් උගුර පාදන සද්දයක් .ඇද  ලගින්ම වගෙ සද්දේ  ආව නිසා මම හැරිලා බලුවා. ඇක්ක දෙයින්  මගෙ ඇස් ඩෙක උඩ ගියා. මම  මාව කුනිත්ත ගත්තා . ඇයි මෙ ඇක්ක ඩෙයින් මටම සුවර් නෑ මම ඇහරිලාඩ කියලා
.

.
ස් ස් සු සු සුපර් මෑන්... . . මම මෙහීනයක්ද දකින්නේ ?????????
.
ඔයාඩ දුක් ගන්නා රාල. . . ???
කාටුන් වල ෆිල්ම් වල දැක්ක සුපර් මෑන්ගෙ හඩෙ තෙජස් බාවය නෑ . හරියට ඇඩිලා වගෙ. මට සැකෙකුත්  හිතට ආව.

.
ඔයා සුපර් මෑන්මද. ?????? 
.
මම එහෙම අහනගමන් ඇඩෙ වාඩි උනා.
.
දැන් ඔයාටත් මාව සැකද????? . . .සුපර් මෑන් අඩන්න ගත්තා. ඉකි ගගහ අඩනවා. . . පිටසක්වලින් ආපු මෙ ලොකෙට සුපිරි වීරයෙක්  උන කෙනෙක් නෙඩ ඩෙයියනෙ මෙ අඩන්නෙ. මටත් වාවන්නෙ නතිව්ා ගියා. මගෙ ඇස් වලටත්කඳුළු ආවා සුපර් මෑන්ගෙ අන්ඩිල්ලට.. 
.
මොකඩ තමුසෙ අඩන්නෙ. අයි ඩන් තමුසෙගෙ නමිනුත් වෙන උන් අවිල්ලද????,
,
මොකක්????
,
මම අහුවෙ තමුසෙගෙ නමිනුත් දැන් වෙන උන් රින්ගලඩ.
.
සොරි කිවුවට හාන්වකවිස්සියක් තෙරුනෙ නා.
.
අහ් මම මුල ඉඩලා කියන්න්ාම්කො.
.
කාල්ායක් අපෙ ලොකෙට ගිහින් ඉඩලා මම මෙහෙට ආවෙ මෑන් ඔෆ් ස්ටීල් ෆිල්ම් එක කොරන්න. එ ආවහමයි ඩැක්කෙ ෆෙස් බුක් කියලා එකක් නෙට් එකෙ තියෙනවා කියලා. ඉතින් මටත් හිතුනා මෙකට ජොයින් වෙන්න. මමත් ඉතින් අකවුන්ට් එකක හදා ගන්න හැඩුවෙ ඉන්ගිරිසියෙන්. මෙන්න එතකොට අහපි අත්ත නම ඩෙන්නලු බොරු නම් වලින් හඩන්න බ්ඈලු. ඉතින් බන් මල්ලියෙ මම ක්ලාක් කෙන්ට් වලින් එකක් හඩාගන්න හඩනකොට මම ඩක්කා මගෙ යාලුවා බැට් මෑන් ගෙ නමින් ඔයාලගෙ බසාවෙන් අකවුන්ට් එකක් හඩලා. ඉතින් මම සින්හලෙන් සුපර් මෑන් කියලා හඩාගෙන එක පැයක් ඉන්න හ්ම්ඹ් උණේ නා බන්.
මමයි ඉස්සෙල්ලම සුපර් මෑන් නමින් ආවෙ උබෙ නම වෙනස් කරපන් නැතිනම් කරඩර වෙයි කියලා ඩහයකට්ා වඩා චැට් කර්ාලා ගෙම ඉල්ලුවා බන්. මම තෙරුන් කර්ාන්න හැඩුවා මමයි අත්ත සුපර් මෑන් කියල්. ඓත් බන් කට්ටියක් රිපොට් කරලා දැන් අකවුන්ට් එක බ්ලොක් වෙලා බන්.

.
උබට මම ඔන ඩෙයක් කරලා ඩෙන්නම් ආයෙ මට මගෙ අකවුන්ට් එක හඩලා ඩේපන් බන්. ..බලහන් කෑල්ලක් ටොක් වේගෙන ආව විතරයි අකවුන්ට් එක බ්ලොක්.
.
.සුපර් මෑන් හුස්ම ගන්නෙ නෑ කියන එක ප්‍රත්‍යක්ශ උනේ කියවගෙන ගිය කිය්ාවිල්ලට ඔන්න.
.
මචන් සුපර් මෑන් . . . මම සීරියස් උනා ටිකක්. . .
.
ඇත්ත එත් මචන් ලන්කාවෙ ෆෙක් ලොකෙ සුපර් මෑන් උබ නෙමෙයි. අත්තම කියනව්ානම් මට ඔතන කොරන්න ප්උලුවන් කෙන්ගෙඩියක් නා. මොකඩ මට ඔන නෑ අලුතෙන් එන එකෙකුට පුකඩීලා මගෙ ාකවුන්ට් එකට කෙලො ගන්න. ඩන් ඉතින් පවු නොඩී පලයන්.
.
.කිවුවා සැර වඩිඩ මන්ඩා සුපර් මෑන් ඩුක් මුසු බැල්මක් හෙලලා බැල්කනියෙන් එලියට ඉගිල්ලුන
.
මම ඉක්මනට ෆොන් එක අතට අරගෙන බැලුවෙ  මගෙ අකවුන්ට් එක යහතින් තියෙනවඩ කියලා.
.

අම්මෙ ඇති යන්තන් තාම බ්ලොක් නෑ. ෆොන් එකට උම්ම්ම්මා එකක් ඩුන්නා.
වෙලාව තාම 8යි.ඊයෙ බුකියෙන් අයින් වෙඩ්ඩි පාන්ඩර 2:30, තාම නිඩිමතය්. ඉතින් මම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා .

Wednesday, February 13, 2013

තවත් එක හීනයක්‌

හෙට ඉදලවත් පාඩන් කරන්න ඕන, ඇයි දෙයියනේ විබාගෙට තව දවස් කීයද???

පොතක් අතින් අල්ලලා නෑ. විබාගේ කොට උඩ ගියොත් බෙල්ල වැල දාගෙන තමයි මැරෙන්න වෙන්නේ.

පන්තියේ වාර විබාග නැති උනාට මොකෝ අවුරුද්දේ අන්තිමට් විබාගයක් තියෙනවනේ. ඒකටවත් පාඩන් කලේ නැති මට a/l  ගැන හිතෙද්දි බඩ පපුව දනවා. ඔන්න දැනුත් පපුව දාගෙන යනවා. 


ඔහොම හිත හිතා ඉදලා බෑ දැන්ම පාඩන් කරනං ගන්න ඕන.  එහෙම හිතලා මම ඇදෙන් නැගිට්ටා. එත් කෝ මගේ පොත්?????

හැක් මම දැකල හින්නේ හීනයක්‌ නේද ? ? ? ? ?  අනේ මම මේ හීනේ මීට අවුරුදු 6 7 කට කලින් දැක්කනම්. අද මම මිනිහෙක්. 
 විබාගේ කාලේ නැටුව පිස්සුවක්නම් නෑ. හැබැයි විබාගේ කියල කරපු දෙකත් නෑ. අන්තිමේදී යාන්තමට පාස් උනා. පොතක් අල්ලන්නේ නැතිව එහෙම පාස් උනානම් මම පාඩන් කලානම් අනිවා අද ජපුරේ අන්තිම අවුරුද්දේ. මමත් එක්ක එකට ඉදපු එකම එකා අද ජපුරේ. අද පට්ට කෑල්ලකුත් දාගෙන සැපට ඉන්නවා.

උයි මමයි අපේ පන්ති බාර රන්ජිත් සර් (පින්තුව) ගෙන කොච්චර බැනුම් අහල ඇද්ද????? හැබැයි සර් උනත් මම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන උන්නේ. එත් මම රිසල්ට් කියන්නවත් ගියේ නෑ. එක සර් පන්තියේදී කිවුව කියලත් මල්ලි කෙනෙක් කිවුවා. එහෙම කියලවත් මම ගියේ නැ. රෙද්දක් ඇදගෙන ඒ මනුස්සයාගේ මුණ බලන්නේ කොහොමද මම ??????

ඒ ලෙවල් පන්තියට ආපු දවස් වල මම තරං උනන්දුවෙන් වැඩ කරපු කවුරුත් හිටියේ නෑ මගේ හිතේ. හැම දේම වෙනස් උනේ මේ හොටෙල් එක නිසා.

තාත්තා හොඑල් එකක් හදනන් ගත්තේ මම ඒ ලෙවල් කරනං ගත්තු අලුතමයි. එදා ඉදන් මට උනේ විබාගේ ගැන හිතානං නෙමෙයි. හොටෙල් එකේ වැඩ ගැන හිතන්න. සමහර දවස් වලට සිමෙන්ති යකඩ ලොරි ගණන ගෙනල්ලා බානවා. එහෙම දවස් වලට ඒවා මුර කරනං ඉදිරිපත්වෙන්නෙත් මමමයි.

රෑ වෙලා බත් එකකුත් බැදගෙන යාලුවෙකුත් එක්ක ඇවිල්ල හොටෙල්  එක හදන තැන නවතිනවා.( එහෙම එනකොට සිගරට් දෙක තුනකුත් වරදින්නේ නැ) පාන්දර වෙනකන් ඔහේ බුත කරලා පාන්දර ගෙදර යනවා, ගිහින් ඇදගෙන ආපහු හොටෙල් එකේ සයිට් එකෙන්ම බයික් එක දාලා බස් එකක එල්ලිලා ඉස්කෝලේ යනවා. රෑ එළිවෙනකන් නින්දක් හරියට නැති නිසා නින්දේ අඩුව පුරෝ ගන්නේ ඉස්කෝලෙන් තමයි. ආපහු ඉස්කෝලේ ඇරිලා එන්නෙත් හොටෙල් එක හදන තැනට. එතනත් හවස් වෙනකන් ඉදලා ගෙදර ගිහින් බත් එකක් අරගෙන අආපහු හොටෙල් එකේ වාඩියේ.

ඔන්න ඔහොමයි මම විබාගේ ලිවුවේ. එහෙම කරලත් c c s s ගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි මට.එත් ආයේ ලිවුවනම් කියලා හිතෙන වාරණං අනන්තයි. ගිඅ දේ ගියා දැන් ඉතීන වෙන දෙයක් බලාගෙන ඉමු

(මේ දවස් වල ටීවී එකේ ටියුෂන් කාරයන්ගේ ඇඩ් හින්දද කොහෙද ආපහු විබාගයක් මතක් උනේ ) 

Tuesday, January 29, 2013

මෝඩ කවක්

ලැසි ගමනේ ඔස්සේ 
කෙල්ලක් යයි හදිස්සේ
සාය නෑ දනිස්සේ 
නිතබ සමග පස්ස ගැස්සෙ

පෙම්බරයි රුවෙන් සිරි 
කන්කලුයි වදන් පිරි 
පපු බරයි පියුන් වැඩී 
සංකරයි මා ලිඟුන් නැගී

නිතබ ගස්ස ගස්ස
පියුන් උස්ස උස්ස
දෙඅත් පද්ද පද්ද
යයි හැරී පස්ස

පැණි කෙල බේරී බේරී
දන බිම ගෑවී ගෑවී
බලු කොලු පාරේ ආවි
නම්බරේ හිගා කාවී

කෙල්ල මග නැවතුනා
දත් තිස් දෙක සෙල උනා
කුණු හබ්බේ පිට උනා
කොලු රැල චුත උනා

Saturday, January 26, 2013

තරියාගේ කෙරුවාව

ක්‍රීන්  ....................... ක්‍රීන් ................................

උදේ පාන්දරම මගේ පෝන් කටුව කෑ ගහන්න ගත්තා. ඇහැක් අමාරුවෙන් ඇරගෙන පෝන් එක අතට අරගත්තා. ආන්සර් කරන කලින් වෙලාව බැලුවේ නිකමට වගේ. පාන්දර දෙකයි. කෝල් එක මගේ සහයිකාව සේරීනගෙන්. මේ ගෑනිට ඇත්තටම නිදාගනන්වත් වෙලාවක් නැද්ද ?.. ඔක්කොටම වඩා දුක මගේ ජේන් එක්ක හිටපු හීනේ කැඩුන එක. ජෙන්ට හීනේ පොඩ්ඩක් ඉන්ඩ කියලා මම ආන්සර් කළා

''ඊතන්......  බුරුවො .. ඇයි ආන්සර් කරන්න පරක්කු උනේ ?/??? මම කී පාරක් ගත්තද ''

සෙරීනා උදේ පාන්දරින්ම මට අමතනවා. හිතින් බැන බැන මුවෙන් නොබැන ඔහේ අහගෙන උන්නා කියල ඉවර වෙනකන්

''ඉක්මනට ලෑස්තිවෙලා ඉන්නවා මම මේ ඔයාගේ අනෙක්ස් එකට එන ගමන ඉන්නේ ; තව විනාඩි දහයෙන් ඔතන මම'' 

වෙනදා වගේම මට මොකුත් කියන්න ඉඩක් දුන්නේ නෑ පෝන් එක කට් කළා. හීනෙට ආයුබෝවන් කියලා ඇදෙන් බිමට පැනලා දඩි බිඩි ගාලා ඉක්මනට ලැස්ති උනේ සෙරීනාට තියෙන බයට නෙමෙයි ගවුරවයට . අපේ ස්ටාෆ් එකේ අය මොනවා කිවුවත් ඒ කටහඩ ඇහෙද්දී මම ඉදගෙන උන්නත් නැගිට්ට වෙන්නේ අන්න ඒ ගවුරවේ නිසයි .

මුන හෝදලා කලිසමේ කකුලකට මගේ කකුලක් දැම්මා විතරයි දොරට තඩි බාන සද්දෙන් මම දැනගත්තා සෙරීනා සැපත් වෙලා කියලා. කලිසමේ අනිත් කකුල අතට අරගෙන මම ඉක්මනට දොර ඇරියේ සෙරීනාගේ කට තවත් මහන්සි කරනන  තියෙන අකමැත්ත නිසාමයි .

සෙරීනා මාව දැක්ක ගමන් කට ඇරගෙන ඇස් දෙක ලොකු කරගත්තා; තප්පර තුනක් විතර මම දිහා බලාගෙන ඉදපු සෙරීනා ඇස් දෙක අත් දෙකෙන්ම වහගෙන අනිත් පැත්ත හැරිලා ආපහු මාව අමතන්න පටන් ගත්තා. මේ මක්කෙයි කියලා හිතාගන්ඩ මටත් තප්පර පහක්වත් යන්ඩ ඇති.  හුටා....... කලිසමේ එක කකුලක් තාම අතේ. දනී පැණි ගාලා කලිසම ඇදගෙන මම පැනි හිනාවක්‌ දැම්මේ තවත් ඇමතුම් ලැබේ දෝ කියල බයටම නෙමෙයි .

''මෝඩයා ... ඉක්මනට යමු;  මේ.... මනුස්සයෝ කැමරාව ඇරගෙන එනවා ''

සෙරේනා මාවත් දාගෙන කාර් එකේ ඉගිල්ලීගෙන ගියාට කොහේ යනවද මොකට යනවද කියලා අහන්න හිතුනට මගේ ගවුරවේ නිසා  මගේ කටටට වචන ආවේ නෑ.

සෙරීනා නයිට් රයිඩර්  සිහිකරමින් කාර් එක කොහේදෝ මන්දා නැවැත්තුවා. පුරුද්දට මම දැනගෙන උන්නා දැන් කැමරාවත් කරේ ගහගෙන එයා පස්සෙන් යන්න  ඕන කියලා. ටෝකොස්‌ ටෝකොස්‌ සද්දෙට නැති උස ගන්න දාගෙන උන්න හයි හීල් දෙකේ සද්දේ  පස්සෙන් මමත් එයත් එක්ක පස්සෙන් දිවුවා. වටේ පිටේ ලක්ෂණ වලින් මට නිගමනයකට එන්න පුළුවන් උනා අපි ඉන්නේ හොස්පිටල් එකක කියලා .ඒත් මොන හොස්පිටල් එකද කියලා දන්නේ සේරීනම තමයි .

තට්ටු දෙක තුනක් ලිෆ්ට් එකේ පිහිටෙන් ඉක්මනට නැග ගත්තට පස්සේ කාමරයක් ඉස්සරහා අපි නැවතුනා.

කැමරාව රේඩි නේද? 
සේරීනගෙන් ඇද දවසා මම අහපු කරුනාබරම වචන පේලිය තමයි ඕක. මම හිතන්නේ එතන තා නස් නෝනලා දෙතුන් දෙනෙක් උන හින්දද කොහෙද

අපේ වෙලාවට කවුරුත් තාම ඇවිල්ලා නෑ ඊතන් . මේ නිවුස් එකේ මුල්ම කවරේජ් එක අපෙන්
එහෙම කියාගෙන සෙරීනා දොර ඇරගෙන  ඇතුලා ගියේ දොරටවත් තට්ටු නොකර . කාමරේ උන්න කෙනා දැක්ක ගමන් මගේ කට් දෙපැත්තෙන් පැණි බේරුනා. ලස්සනම ලස්සන ශ්‍රියා කාන්තාවක්. ඒත් ඒ සුන්දර මුණ බලාගෙන ඉන්න තිබ්බ පින ඉක්මනටම නැති උනේ කාමරේ උන්න දොස්තරගේ ආමන්ත්‍රණයෙන්.

ඊට පස්සේ දොස්තර හා සෙරීනා අතර වචන හුවමාරුවක් ඇති උනත් ඇදෙ උන්න ශ්‍රියා කාන්තාවගේ කැමැත්ත ලැබුන නිසා දොස්තර අපිට ඉඩ දීලා කාමරෙන් නික්ම උනා.
thank you  miss anushka. එහෙම කිවුව සෙරීනා ඒ ගෑනු ළමයට අතට අත දුන්නා 
''මේ ඔයා ඒ ළමයට අනුෂ්කා කියලා කිවුවේ එයාව අදුනනවද ''
''ඔවු මෝඩයෝ මේ තමයි ඉන්දියාවේ අනුෂ්කා කියන නිළිය''
කට වටේට පෙරී පෙර තිබ්බ කෙල මට ඉබේම ගිලුනා.

 ඊට පස්සේ මේ සංවාදේ සිද්ද උනේ ඉංගිරිසයෙන් උනත් මම දන්නා සිංහලෙන් මෙහෙම දාන්නම්

 සෙරීනා :- මිස් අනුෂ්කා අපිට කියන්න පුලුවන්ද ඔබ තුමිය ඇයි මෙහෙම දෙයක් කරගන්න     හිතුවේ ?
අනුෂ්කා :- ඇත්තටම කියනවනම් මම ලංකාවට ආවේ මගේ පවුද්ගලික ප්‍රශ්නයක් විසදගන්න. ඒත් එක හරියට විසදාන්න බැරි උන නිසයි මම මෙහෙම ජීවිතේ හානි කරගන්න හැදුවේ
සෙරීනා :- ඔබ තුමිය කිවුවා පවුද්ගලික ප්‍රශ්නයක් කියලා . ඒකට ලංකාව එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද ?
අනුෂ්කා :- ඒ ප්‍රශ්නෙට වග කියනන් ඕන මනුස්සයා ලංකාවේ කෙනෙක්. මම ඒ මනුස්සයව හොයාගෙනයි ආවේ. මට ඉන්දියාවේ පාරක බැහැල යන්න බැරි තත්වයක් ඒ මනුස්සය නිසා ඇති උනා. කොටින්ම මගේ හොදම යාලුවොත් මාව දැක්කහම ඒ මනුස්සයාගේ නම කියලා මට විහිලු කරන්න පවා පටන් ගත්තා 
අනුෂ්කා අඩනවා . සෙරේනා කඳුළු පිහිනවා

සෙරීනා :- අපිට දැනගන්න පුලුවන්ද ඒ කවුද කියන එක
සෙරීනා මොහොතක් ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කළා
අනුෂ්කා :- ඔවු මම එක මාද්‍යයට හෙළි කරන්න ඕන. මොකද ඒ මනුස්සයත් මාද්‍යයට සම්බන්ද පුද්ගලයෙක් නිසා.  
සේරීනයි මමයි මුනෙන් මුණ බලාගත්තා

අනුෂ්කා :- ඒ මනුස්සයාගේ නම තරිදු, තරිදු අබේසිංහ  
සේරීනයි මමයි අයෙත් මුනෙන් මුණ බලාගත්තා

අනුෂ්කා:- තරිදු ?  කොහොමද ඔබ තුමිය තරිදු නිසා අපහසුතාවයකට පත උන කියන්නේ ? තරිදුගේ ආටිකල් එකක්වත් නිසා එහෙම උනාද ?
අනුෂ්කා :- ආටිකල් මම ඒ මනුස්සයාගේ ආටිකල් එකක් මේ ඇස දෙකට දැකලා නෑ. මේ ඔක්කොටම වින්නැහිය ෆේස් බුක්.
සෙරීනා :- ෆේස් බුක් ?
සේරීනයි මමයි ආයෙත් මුනෙන් මුණ බලා ගත්තා
 අනුෂ්කා:- ඔවු, ඒ මෝඩ මනුස්සයා මගේ පොටෝ හොරකන් කරගෙන එයාගේ වෝල් එකේ දානවා. ඊට පස්සේ ස්ටේටස් දානවා. මමයිඑයි යාලුයි කියලා. අපි අතර ප්‍රේම සම්බන්දයක් තියෙනවා කියල. එක සැරයක් දාල තිබ්බ මගේ ඊලගේ ෆිල්ම් එකේ මගේ නම දානකොට අනුෂ්කා අබේසිංහ විදිහට දාන්න කියලා මම අද්යක්ෂකට කිවුව කියල. 
 
මම සෙරීනාගේ මුණ දිහා බැලුවා . සෙරීන මට එරෙවුවා. අයෙත් අනුෂ්කා මොකක් හරි කිඋව්වහම එනෙනේ නැතෑ. ආයේ බලන්නේ නැ ඒ මොඩිගේ මුණ.

ඕක ආරංචි වෙලා යාෂ්ට. එයා ඇත්තටම එහෙම කරලා. ඒකෙන උනේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මමත් එකක් තරහ උන එක. මම කොච්චර තේරුම කරලා දෙනන් හැදුවත් එක හරි ගියේ නෑ 

අනුෂ්කා අඩන්න ගත්තා. සෙරීනා කදුළු පිස්සා |

කොහොම කොහොම හරි අපේ අම්මලටත් මේක ආරංචි උනා.තාත්තා මගේ මුනාත් බලන්නේ නෑ එදා ඉදලා.

සෙරීනා:- ඉතින් ඔයා ලංකාවට ආවා මේ ප්‍රශ්නේ විසදගන්න ?

අනුෂ්කා:_ නැහැ නැහැ. මම තරිදුගේ නම්බරේ හොයාගෙන කෝල් කළා. එත මට කියනන් හම්බ උනේ  hi is this tharidu abesinhge? i'm sanushka here කියලා විතරයි. දඩස් කියලා සද්දයක්   ආවා. ඊට පස්සේ මම කොච්චර හලෝ හලෝ කිවුවත් කිසිම උත්තරයක්‌ ආවේ නෑ .

සෙරීනා:- ඊට පස්සේ ?

අනුෂ්කා:- ඊට පස්සේ ? ඊට පස්සේ තමයි හොදම දේවල් සිද්ද උනේ. තරිදු මම කතා කරපු වචන ටික රෙකෝඩ් කරගෙන එකත් ඉන්ටනෙට් දාලා. ඊට පස්සේ අපේ රටේ ජනමාද්‍ය කාරයෝ ඒක පත්තරෙයි ටි වී එකෙයි රේඩියෝ එකෙයි දාන්න පටන් ගත්තා. 
සෙරීනා මගේ මුණ දිහා බැලුවා , මම අහක බලා ගත්තා

ඊට පස්සේ එයේ හවසම මම ලංකාවට ආව. තරිදුගේ ගේ හොයාගෙන මම කැලණියට ගියා. මම ටැක්සියෙන් බැහැලා එයාලගේ ගේ ලගට යද්දී මුළු ගමම එතනට ආව. ඒ මනුස්සයෝ ඔක්කොම හයියෙන් කෑ ගහන්න  ගත්තා. ඒ සද්දෙට තරිදුත් ගෙයින් එලියට ආවා. මාව දකක් විතරයි ඇස් දෙක ලොකු කරගෙන කට බැලිය වගේ අරගෙන හුස්මවත් ගන්නේ නැතිව මම දිහා තප්පර තුනක් විතර බලාගෙන උන්න. ඊට පස්සේ බුතයා පොලේ ගැහුවා වගේ සිහි නැතිව ඇදගෙන වැටුනා. මොඅන්ව උනත් මම බය උනා. දුවල ගිහින් තරිදුගේ ඔලුව ඔඩොක්කුවේ තියාගෙන ''පානි පානි'' කියල කෑ ගැස්සුනා මට. කවුද ගනු කෙනෙක් වතුර ගෙනත් දුන්න. මමත් හරිදුගේ මුනට වතුර ඉහලා සිහිය ගත්තා. මේ මනුස්සයට සිහිය ආව. ආපහු මාව දැක්ක ගමන අයෙත් සිහිය නැති උනා. මෙහෙම තුන හතර පාරක්ම උනා. මට බැරිම තැන දුන්න හොදවයින් දෙකක් මුනට. 
මම සෙරීනාගේ මුණ දිහා බැලුවා. සෙරීන මට රැවුවා.

ඒ එක්කම මට කෝල් එකක් ආවා. අපේ ගෙදරින්; අම්ම කතාකලේ. අන්සාර් කරපු ගමන මට බැනගෙන බැනගෙන ගියා, උබ ගියා නේද ලංකාවේ කොල්ල හම්බ වෙනන්ත් කියලා. මට හිතා ගන්න බෑ අම්ම කොහොමද ඒක දන්නේ කියලා. මොකද මම ආවේ හොරෙන්. මම ඇහුවා අමං කොහොමද ඒක දන්නේ කියලා. ඒ ඉන්ටනෙට් එකේ තියෙන්නේ කිවුවා. අර කුරුළු නිස්සංක කියන මෝඩයා මම තරිදුගේ ඔලුව ඔඩොක්කුවේ තියාගෙන වතුර දෙන ඒක වීඩියෝ කරලා යු ටියුබ් එකේ දාලා. ඔය විස්වාස කරන්න සෙරීනා ගන්ග්නම් ස්ටයිල් එකේ රෙකෝඩ් ඒක කැඩිලා තියෙන්නේ විනාඩි පහෙන්. ඕක කිවුව විතරයි අපේ අම්මා මම දිව පා ගත්තා මරෙනං කියලා. එච්චාහ්රයි මට මතක . ඊට පස්සේ මම මෙතන 

අනුශ්කට සමු දුන්න අපි දෙන්න කාමරෙන් එලියට ආවා. සෙරීනා කාටද මන්දා කෝල් එකක් ගත්තා .

''තරිදුද කතා කරන්නේ ?''
 '' සෙරීනා නේද ? නැ බන් මම අමා . තරියව මෙන්ටල් හොස්පිටල් අරගෙන ගියා බන්''

මම සෙරීනාගේ මුණ බැලුවා. සෙරීන මගේ මුණ බැලුවා
 





 

 

 

 




 




Monday, January 14, 2013

mission Dracula

''ඊතන් ඉක්මනට එන්ඩ හදිස්සියක් , අහ! කැමරාවත් අරගෙන එන්න ඉක්මනට''

'මොකද සෙරීනා මම වැඩක් ඔයා වෙන කෙනෙක් එක්ක යන්න''

''එනවා මනුස්සයෝ මේක ස්පෙෂල් කවරේජ් එකක්'

සෙරීනා මගේ අතෙන් ඇදගෙනම කාර් එකට දුවගෙන ගියා මට හිතාගන් වෙලාවක් උනේ නෑ මෙසේ උඩ තිබ්බ වීඩියෝ කැමරාව අහු උනේ එකේ ලෙන්ස් එකෙන්. කැමරාව බිත්ති වල හැප්පි හැප්පි දුවනකොට සෙරීනාට ශාප කලේ කාටත් ඇහෙන්නමයි

'කොහෙද යෝදියේ මාව ඇදගෙන මේ දුවන්නේ'' මම සේරීනගෙන් ඇහුවේ කාර් එකට නගිනකොට

''ඩ්රැක්යුලා ඉන්න තැන හොයාගෙනලු  මනුස්සයෝ''

 එහෙම කියාගෙන සෙරීන කාර් එක පාර්ක්‌ එකෙන් ගත්තේ ඉස්සරහ වාහනේ වද්දාගෙන . එත් මේ යෝදිට ඒ ගැන ගානක්වත් නැතිව වාහනේ පැදෙවුවේ හරියට රෙස්  එකකට යනවා වගේ


''ඩ් ඩ් ඩ් ද්‍රක්යුලා''

''ඇයි ගොතගහන්නේ; බයද ? '' සෙරීනා හිනා උනේ කින්ඩියට

'' බය වෙන්ඩ එපා ඩ්රැක්යුලාගේ බලේ තියෙන්නේ රෑට විතරයි. එකනේ දවල් යන්නේ ඒ යකාව අල්ල ගන්න ''

මට ඒවාට උත්තර දෙන්න වචන කටට ආවේ නෑ. ලොකු  මුත්‍රා බරක් වගේ දැනුනා. එත් ඒ රාජකාරිය කරන්න වාහනේ නවත්තන්න කිවුවට සෙරීනා නවත්තනවා බොරු . ආයාසයකින් එක මැඩගෙන මම කැමරාව දිහා බලාගෙන උන්නේ කකුල් දෙක හිරකරගෙන

''ඔන්න තැනට ආවා. ආරංචි උන විදිහටනම් තැන අතන. අපි වාහනේ  මෙතන නවත්තලා ඉතුරු ටික පයින් යමු ''

''ඔයාට හොදටම විශ්වාසද අපි ආවේ ඩ්රැක්යුලා අල්ලන්න කියලා ?''

''අයි එහෙම අහන්නේ ?'' සෙරීනා මම දිහා බැලුවේ නොක්කාඩුවෙන් වගේ

'' ඩ්රැක්යුලා වගේ යකෙක අල්ලන්න ආවනම් කෝ පොලිසිය හරි හමුදාව  හරි ? එතන ඉන්නේ පොලිස් කාරයෝ හතර පස් දෙනෙක් විතරනේ ? කවුද ඔයාට ඔත්තුව දුන්නේ ?''

''බැට් මැන්''
සෙරීන උත්තරේ දුන්නේ පොලිසිය උන්න පැත්තට දුවන  ගමන්

''බැට් මැන් ? මේ ගෑනිට පිස්සු හැදිලද ?''
මමත් ඒ පස්සෙන්ම කැමරාව උස්සගෙන දිවුවා.

පොලිසියේ අය උන්නේ පස් දෙනයි. අහල පහල මිනිස් පුළුටක් පෙන්න නෑ. පොලිසියේ අයත් උන්නේ හීං දාඩිය දාගෙන හරියට මම වගේමයි. ඒ අය  පුංචි ගෙයක්  ඉස්සරහා දොර ලග එක ගුලියට පිස්තෝල අමෝරාගෙන උන්නා

''මේකද තැන ? මමනම් හිතන්නේ නෑ ඩ්රැක්යුලා මෙතන ඇති කියලා ''

'' මේ ප්‍රශ්න ඇති කැමරාව රේඩි කරගන්නවා . අපි වෙලආට ඇවිල්ලා. ඩ්රැක්යුලාව අල්ල ගන්න එකත්  කවර් කරනං පුළුවන් ''

''කෝ එතකොට ඔයා කියපු බැට් මැන් ''

'' ඔය මෝඩ කොල්ල ටිකක්  කට වහගෙන උන්නොත් හොදයි''
මම කටහඩ ආවේ කොහෙන්ද බැලුවා. මෙන්න බැට් මැන් වහලේ උඩ

'' මම වටෙනුත් බැලුවා වහලෙනුත් බැලුවා ඩ්රැක්යුලා පෙන්න නෑ . ජනෙල් ටිකත් කළු කරලා ඇතුල පෙන්නේ නෑ''

සෙලීනා බැට් මැන් දිහා බැලුවේ කෝඩුකාර ආදර වන්තියක් තමන්ගේ ආදර වන්තයා බලන විදිහට.

''මල සමයන්''
මම කිවුවා නෙමෙයි කියුනා . එතකොටම සෙලීනා මගේ කකුල පෑගුවා

''ඌයි''

'' මම තමුසෙට ආයේ කියන්නේ නෑ''
බැට් මැන් මට ආයෙත්  එරෙවුවා

''කට්ටිය ලැස්ති වෙන්න අපි ගේ ඇතුලට යන්න හදන්නේ''
එහෙම කියපු බැට් මැන් දිග යෂ්ටියක් අරගෙන එකේ එක කෙළවරක තිබ්බ බොත්තමක් තද කළා. එක වරම ලොකු කුඩයක් ඉහලුනා . කළුම කළු ලොකු කුඩයක් ?

''ඩ්රැක්යුලා අල්ලන්නේ කුඩේකින්ද ?'' මට කියවුනා

''මෝඩයා ඩ්රැක්යුලාට ඉර එළියේ ඉන්න බැ. කොස්තාපල් .. ඔවු අයිසේ තමුසේ තමයි . මම දොර අරිද්දීම මේ කුදෙන්  ඇතුලෙන් කාමරේට ඉර එලිය එන්නේ නැති වෙන්න අල්ලනවා ''

කොස්තාපල් කුඩේ අරගත්තේ මාලුවෙක් දියෙන් ගොඩට ඇවිල්ල වගේ

''රේඩි ? ඔන්න එකයි දෙකයි තුනයි ''

''දඩස් ''
බැට් මැන් දොර කඩාගෙන ඇතුලට ගියා
සෙරීනා බැට් මැන් පස්සෙන් මුණ ගේ ඇතුලට දැම්මා
මමත් කැමරාව අරගෙන ඒ පස්සෙන් අතුල බැලුවා


කට්ටිය ඔක්කොම මීක්‌ නැතිව ගියා

කාමරේ ඇතුලේ තිබ්බේ පොඩි ඇදක්; අද උඩ රැ නිදාගෙන උන්න කියල හිතන්න පුළුවන් සරමක්. අවුල් වෙච්ච බෙඩ් ශීට් එකක්. එත් කෝ ඩ්රැක්යුලා ?????????????????????

මට එක පාරම කල්පනආට ආවේ ඉර එලිය කවර් කරලත් කොහොමද මේවා පෙනුනේ කියලා.
මම පස්ස හැරිලා බැලුවා කෝ පොලිසියේ අය ??? එකෙක්වත් පෙන්න නෑ . කුඩේ විතරක් බිම තියෙනවා එකත් දාල පොලිසිය දුවලා වගේ.

බැට් මැන් ට හෙන අප්සට්. පොර බිත්තියට හයියෙන් අතින් පාරක් ගැහුවා. පාරේ සරට බිත්තියෙ කපරාදු ටිකක් බිම . පොරට වඩා සෙරීනාට අවුල.

''හික් හික් හික්''
මට හිනාවක්‌ ගියා හයියෙන්ම

''පටාස්''මට කම්මුල අතගාවුනා . සෙරීන දිහාත් බැට් මැන් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවට කවුද ගැහුවේ කියලා හිතාගන් බෑ.

මම ඒ පුංචි ගේ ඇතුලෙන් එලියට ආවා . මට මතක උනා මගේ මුත්‍රා බර. ගේ ඇතුලෙන් බැට් මැනුයි සේරීනයි කුසු කුසු ගානවා. ටිකකින් සෙරීනා ආව එලියට

'' අපි යන් කාර් එක ලගට''
සෙරීනා මාව ඇදගෙන කාර් එක ලගට ආවා .

''ඔයාට පොඩ්ඩක් මෙතන ඉන්න පුළුවන් නේද? මම ආපහු ගිහින් බැට් මැන් හම්බ වෙලා එනන්ම්''

සෙරීනා ආපහු හැරිලා පිම්මේ දිවුවා. මට අයෙමත් චු බරයි.

(2013 01 13 දින පාන්දර දුටු හීනයක්‌ ඇසුරෙනි )

Sunday, December 16, 2012

අලුත් ලොවක් සොයා - පලමු පරිච්චේදය - තෙවන කොටස

පළමු කොටස 
|දෙවන කොටස 

ආවේගයෙන් වාහනයට ගොඩ උනත් යන්නේ කොහෙද කියා කිසිම හැගීමක් තිබ්බේ නැ. ගේට්ටුවෙන් එලියට ආපු සැනින් දෙවරක් නොහිතාම නගරය දෙසට හැරවුනේ පෙර පුරුද්දට වෙන්න  ඇති. පාරට කාර් රථය දමන විට පාර දෙපසවත් බැලීමට මට නිච්චියක් උනේ නෑ .පාරේ අනෙක් පැත්තෙන් ආ වාහනය ක්රාස් සද්දෙන් බ්රේක් කරනවා ඇහුනත්  ඒ දෙස පැති කන්නාඩියෙන් වත් බැලීමට හිතුනෙ නෑ. ආ වේගය දෙගුණ තෙගුණ කරමින් මම පාරේ ගියේ හරියට රේස් පදිනවා වගේ. කොහොමත් මට පොඩි කාලේ ඉදල තිබ්බේ රේස් උන. කොම්පියුටර් එකෙත් කොයි වෙලාවෙත් කාර් රේස් දෙක තුනක්ම දාල තිබ්බේ. වාහනයක් අතට ගත්තු හැම වෙලාවකම මට ඕන උනේ ඒ ගේම් වල වගේ ඉගිල්ලෙන්න. එහෙම ඉගිල්ලෙන්න ගිහින් අතපය කඩාගෙන මාස ගණන දුක විදලා තිබ්බත් ආයේ අයෙත් කලේ ඒ දේමයි.

        මිනිත්තු කීපයකින් ටවුන් එකට මම ආවේ කිසිම අනතුරක් උනේ නැති හින්දා. වෙනදාටත් වඩා වේගෙන් ආවත් මගේ කරුමෙට හැප්පුනේ නෑ. කොච්චර් වේගෙන් ආවත් බාර් එක ලගදි වේගේ අඩු උනේ අයි කියලා මටම හිතාගන් බැරි උනා. හරියට වෙනත් කෙනෙක් මාව පාලනය කරනවා වගෙයි කියල අටම හිතුනා. පුරුද්දක් විදිහට මම බොන මනුස්සයෙක් නොවුනට මම වාහනෙන් බැහැලා බාර් එකේ කවුන්ටරේ ලගට ආවා . වාහන වෙලාව ලග හින්දද මන්දා කවුරුත්ම වෙන හිටියේ නෑ . වෙනද බියර් විතරක් බීපු මට බාර් කවුන්ටරේ ලගදි විස්කි බාගයක් කියලා ඉබේම කියවුනා. බාර් එකේ ඉදන් වාහනේට එනකොට වඩේ කරත්ත කාරයෙක් යනව් දැක්කේ අහම්බෙන් වගේ. දුවල ගිහින් වඩේ ටිකකුත් අරගෙන වාහනේට ගොඩ උනා. වාහනේ ඉදගෙන බොන්න මට හිතුනේ නෑ . රෑ වෙලා උනත් ටවුන් එකේ එලිය වැඩී. මට තනිවෙන්න ඕන උනා. ඒ තනිකමට හරියන තැනකට තිබ්බී වැවු බැම්ම.
             
     
                       තවත් විනාඩි දෙක තුනක් යන ඇති මට වැවු බැම්ම උඩට එන්න. වැවු බැම්ම උද තිබිච්ච රූස්ස ගහක යට වාහනේ නවත්තපු මම කාර් එකේ දොර අරගෙන වැව දිහා බලාගෙන විනාඩියක් දෙකක් උන්නා. මගේ දයිවය ගොඩක් නපුරුකම් කරනවා නේද කියලා මටම හිතුනා . මරෙනං කියල හිතාගෙන ආවත් මැරෙන්න හිතක් නෑ දැන් මට එත් මේ හැමදේම අමතක කරන්න බෙහෙතක් මට හම්බ වෙලා දැන්. විස්කි බාගේ අතට ගත්තට පස්සේ තමයි මට මතක උනේ බොන්න වීදුරුවක්වත් කලවන් කරනං සෝඩා කෝලා මොකුත් නැනේ කියලා. බාගේ බෝතලේ මුඩිය ඇරපු මම බෝතලෙ කටේ තියාගෙනම උගුරක්‌ හලාගත්තා.
උගුරට වැටිච්ච විස්කි උගුර ඇග ඇතුලෙන් බඩවැල් දිගේ පිච්චීගෙන යනවා. ලොකු ආශ්වාදයක් , ආසාවක් මට ඇති උනේ. එත් කටට මොකක්දෝ අමුත්තක් දැනුනා. වඩේ කරත්තෙන් ගත්තු වඩයකින් කෑල්ලක් කඩාගෙන කටේ දාගත්තේ ඒ අප්‍රසන්න බව නැති කරගන්න.

          තනිවෙන්න කියලා හිතාගෙන ආවත් මට තනිකම එක්ක පාළුවක් දැනුන නිසා රේඩියෝ එක දැම්මා.
පෙර එක දවසක සඳ නැති සවසක
නුබ මා සමුගත් ඉවුරු තලාවේ
යලි අප හමු වේවා !!!
යලි අප හමුවේවා  !!!

මිල්ටන් මලල්වාරච්චිගේ ඒ සින්දු විස්කි වලට වඩා මගේ පපුව පිච්චුවා. ශාලිකා එක්ක මම මේ වැවු බැම්මට කොච්චර ඇවිල්ල ඇද්ද. කොච්චර වෙලා ආදරෙන් වේලිලා ඉන්න ඇද්ද . දරාගන් බැරි දුකකින් මගේ පපුව පිච්චෙනවා. ඒ හිතේ ගින්දර නිමන්න මම තව විස්කි උගුරු දෙක තුනක්ම දැම්මත් ඒ ගින්න එනං එනං වැඩි උනා මිසක්ක අඩු උනේ නෑ. ඒ සින්දුව ඉවර වෙනකොට මම විස්කි බාගේ බෝතලෙන් බාගයක්ම හිස් කළා. කලින් තිබ්බ අප්‍රසන්න ගතිය දැන් කොහේ ගියාද කියල හිතාගන් බෑ. ශාලිකාගේ මතකය ආවර්ජනය කරමින් මම මුළු විස්කි බාගේ බෝතලේම හිස් කළා. එත් මගේ හිතේ ගින්න තාම නිමිල නෑ.

''මට තව  බොන්න ඕන '' මම මටම කියාගත්තා

වෙරි  මා ගාතේම කාර් එකට නැග්ග මම වැවු බැම්ම දිගේ ඉස්සරහට ගියී ආපහු හරවගන්න  තැනක් හොයාගෙන. එත් ටික දුරක් යද්දී මගේ ඉසරහට වාහනයක් ආව. පාර හාස්‍ කරගෙනම නැවැත්තුව. ඒ එක්කම මටත් නවත්තන් උනේ වෙන කරනං දෙයක් නැති හින්දයි  ඒ වාහනෙන් දෙන්නෙක් බැහැලා මගේ පැත්තට එනවා ලයිට් එළියෙන් දැක්කා.

'' මහත්තයා බහිමු බලන්ඩ කාර් ඒකෙන්''

''මාව බස්සන්න තමුසෙලා කවුද ඔයි''

'' අපි කවුරු කියලද හිතන්නේ ?''


Tuesday, December 11, 2012

අලුත් ලෝකයක් සොයා - පළමු පරිඡේදය . දෙවා කොටස

''තාත්තා''

මට ඉබෙම  කියවුනා . නොහිතාම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මට කෑ ගහල අඩන්න හිතුනා; ඇයි තාත්තේ මට මෙහෙම කලේ කියලා කෑ ගහල අහන්න හිතුනා . එත් මගේ කටට වචන ආවේ නෑ . ඉබේම මම බොනට්ටුව මත අත්දෙක තියා ගත්තා . බොනටුව ගිනියම් වෙන්න  රත් වෙලා. එත් ඊට වඩා මගේ හිතේ දුක වැඩී. ඇස් දෙකෙන් කදුළු හෝ ගාලා වැටෙනවා . මට මම ගැනම ලැජ්ජාවක් හිතුනා.

''ඇයි මේ දුකෙන් , ගෙදර ආයෙමත් ප්‍රශ්නයක් උනාද ? නගින්න කාර් එකට අපි ආපහු ගෙදර යමු''

''මට ඒ අපායට ආපහු යන්න බෑ තාත්තේ, අපි මහ ගෙදර යමු''

''හ්ම; නගින්නකො, අපි යනගමන් කතා කරමු''

දොර ඇරගෙන මම කාර් එකට ගොඩ උනා. යන ගමන් මම තාත්තට ඔක්කොම විස්තරේ කිවුවා. එත් තාත්තා එක වචනයක් කිවුවේ නෑ. එයත් මමත් දෙන්නම කල්පනා ලෝකව වල අතර මන වෙලා උන්නා.ටික වෙලාවකින් අපි දෙන්න මහ ගෙදරට ලං උනා. කාර් ඒකෙන බහින කොට අමමා මල් ගස් වලට වතුර දදා ඉනන්ව දැක්කා. එත් මට අමමා  එකක් කතා කරනං හිතුනේ නෑ. මම කෙලින්ම කාමරේට ගියා. කාලයක් පාවිච්චි නොකලත් ඒ කාමරේ වෙනදා වගේම ලස්සනට අදත් තියෙනවා. අම්ම හැමදාම අස් කරනවා ඇති. කාරේට ආව ගමන මම ඇදේ හාන්සි උනා.

''ඇයි පුතා කලින් නොදන්නම ගෙදර ආවේ? කෝ ඉරේෂා ? එයා අවේ නැත්තේ මොකෝ ?

අම්මා තාත්තාගෙන් ප්‍රශ්න වැලක්ම අහනවා. එත් මට අහගෙන ඉන්න ඕනකමක් තිබ්බේ නෑ. කෝට්ටෙන්  මුණ වහගෙන මම නිදාගන්න උහ්සහ කළා.

*********************************************************************************

''පුතා තාමත් නිදිද ? එන්න කෑම කන්න''

'' බෑ අම්මේ, රෑටම කන්නම් ''

'' රෑ ?, ඉතින් ළමයෝ දැන් රෑ තමයි. මුණ හෝදගෙන කන්න එන්න''

දොර රෙද්ද මෑත් කරලා කතා කරපු අම්මා යන්න ගියා. දන්නෙම නැතිව මට හොදටම නින්ද ගිහින්.

 එත් ඇයි අම්මා මගෙන් ඉරේෂා ගැන ඇහුවේ නැත්තේ ?
 තාත්ත කියල නැතිව වද්ද?

මගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක්‌ මටම වද දෙනවා. එහෙම හිත හිතාම මම මුණ හෝදගෙන කෑම කන්න මේසෙට ගියා. උරුදු විදිහටම අම්මයි තාත්තයි දෙන්නම මෙසේ එක ලග වාඩි වෙලා. එයාලගේ ආදරේ කොච්චර සොදුරුද ? මම කවදාවත් දැකලා නෑ අම්මවත් තාත්තවත් තනි තනියෙන් ගමනක් යනවා. පැක්ට්‍රියේ වැඩකට ඈතක ගියත් අමම්වත් එක්කගේනමයි යන්නේ. ඒ තරමටම ඒ දෙන්න එකට බැදිලා. එත් ඉරේෂයි මමයි අහසට පොලව වගේ.සිතිජයේදී එකතුවෙලා ඉන්නවා  පෙනුනත් ඒ අහස පොලවා කවදාවත් එකතුවෙන්නේ නෑ. කඩදාසියක අත්සන් කලාට අපි අපේ වෙලා උන්නේ කවදද කියල දන්නේ ඉරේෂත් මමත් උඩ ඉන්න දෙයියොත් විතරයි . කසාද සහතිකේ සැමියා විදිහට අත්සන් කලත්; අද මම ඉරේස්හගේ වැඩකාරයා
                 
'' ඇයි පුතා බෙදාගෙන කන්නකෝ ''

මගේ මනෝ ලෝකෙන් ඇදලා ගත්තේ අමම්ගේ කට හඬ. එත් මම බෙදාගන් කලින් අම්ම පිගානට බත් බෙදුවා. ඉස්සර වගේම තමයි රුවන්වැලි සෑය විතරයි අමමා  මට බෙදන බත් එකට පරාද. හෙමින් හෙමින්  බත් කටවල් දෙකක් තුනක් කෑවත් අම්මවත් තාත්තාවත් තාම එක වචනයක් ඇහුවේ නෑ ප්‍රශ්නේ ගැන. ඇත්තටම වෙන පවුල්වල ගෑනු මිනිස්සුරණ්ඩු උනහම තරහ වෙලා ගේ දාලා යන්නේ භාර්යාව. එත් මිනිහෙක් උනත් දයිවයේ සරදමට ඒ භාර්යාවගේ තත්වෙට පත්වෙලා ඉන්නේ මම. මට මම ගැනම දුකයි, ඒ වගේම මම ගැනම තරහයි. අම්මලා කරලා දුන්නත් ඇයි මට කොන්ද කෙලින් හියාගෙන පවුල් කන්න  බැරි උනේ ? දයිවයද ඒක. නෑ සල්ලි වල බලේ. ඉරේෂලගේ  සල්ලි මගේ පිරිම කම මිලදී ගත්තා. ශාලිකා එකක් ලස්සන කුරුළු කුඩුවක් හදන්න හීන මවපු මම අන්තිමේදී ඉරේෂගේ වහලෙක් උනා .

''පුතා , අත ගගා ඉන්නේ ඇයි? කෑම ටික කන්නකෝ. දවල්ටවත් කාලා නෑ නේද ?
අපි කෑම කාල ඔය ගැන කතා කරමු දැන් කල්පනා නොකර කන්නකෝ''

අම්මා අයෙත් කියවනවා . තවත් බත් කටක් දෙකක් කාපු මම අත හෝදගෙන එලියට ආවා. කරනං දෙයක් නැති කමට ඉබේම අහස දිහා බැලවුනා. ඒක වලාකුලක් නෑ. අද අමාවකද මන්දා අහස හොදට පේනවා  තරු කැට ගන්න කරනං පුළුවන් තරමට අහස පැහැදිලියි. තරු රටා දිහා බලාගෙන මම මිදුල වටේ ඔහේ ඇවිද ඇවිද උන්නා.

'' පුතා මොකද දැන් කරන්නේ ?''

|මනෝ ලෝකෙන් මම ආපහු ආවේ තිගැස්සිලා. අමම්යි තාත්තයි දෙන්නම ඉස්තෝප්පුවට ඇවිල්ලා.

'' මම ඉරේෂගෙන් දික් කසාද වෙනවා අම්මා. තවත් මට එයත් එකක් ඒක වහලක් යට ඉන්න බෑ.''
මම ඒක හුස්මට කියවගෙන ගියා.

''එහෙම කියල පුලුවන්ද ළමයෝ, මොන වුනත් ඒ ඔයාගේ ගෑනි දැන්. ඔයා ටිකක් ඉවසන්න . ඉරේහා හැදෙයි''

'' හැදෙයි?, එහෙනම් මකවලා තමයි හදනන් වෙන්නේ. දනන්වද අම්මා; ඉරේෂට මාව පෙන්නේ දාසයෙක් විදිහට. එහෙම සලකන ගෑනිත් එකක් මට පවුල් කන්න  පුලුවන්ද ?''

අම්මා නිරුත්තර උනා.

'' එත් දරුවෝ ඒ ළමයාගෙන් ගත්තු දෑවැද්ද? අපි ඒක ගෙවන්නේ කොහොමද ?'' මම ඒ සල්ලි ඔක්කොම පක්ට්‍රියට යෙදෙවුවා.''

''තාත්තලට ලොකු උනේ දෑවැද්ද, එහෙම නැතිව මගේ සතුට නෙමෙයි. එකට මම ජීවිතෙන් දැන් වන්දි ගෙවනවා. අඩුම ගානේ මට දික්කසාද වෙන්නවත් දෙන්නේ නැතිනම් මම වහ ටිකක් කාලා මැරෙනවා''

එහෙම කියාගෙන මම ගේ අතුඅට ආවේ ගොඩක් තරහින්. අම්මා තාත්ත නොවුනානම් ඇත්තමයි ඒ දෙනන්ව මරන්න තරන් තරහක් මගේ හිතට ආවේ. ඒ වගේම ලොකු කලකිරීමක් මට ඇති උනේ. මෙච්චර දෙයක් වෙලත් අම්මල තාත්තල තාමත් මම ගැන හිතන්නේ නෑ. ඒ අය වෙනුවෙන් මම කොච්චර කැපකිරීම කලාද ? ශාලිකා, මම පන වගේ ආදරේ කරපු ශාලිකා මම නැති කරගත්තා. මගේ නම්බුව මම ඉරේෂට වික්කා. එහෙම කරලත් තාමත් මම ගැන කිසිම කැක්කුමක් අම්මලට නෑ. මගේ මුළු ඇගම ගිනිගනන්වා වගේ. කාර් එකේ යතුර ගත්තු මම කෙලින්ම ගියේ ගරාජ් එකට. කාර් ඒක පණගන්වන සද්දෙට අම්මයි තාත්තයි දෙන්නම ඒ පැත්තට දුවගෙන ආවා.

''කොහෙද මේ රෑ වෙලා යන්න  හදන්නේ?''

''මැරෙන්න''